මූත්‍ර රෝග නසන අක්කපාන

මාර්තු 29, 2024

 

වර්ණ බීජ කුලයට අයත් අක්කපාන නම් ඖෂධීය ශාකයේ ප්‍රභේද දෙකකි. එනම්, කොළ කුඩාවට ඝනව වැඩෙන ශාකයක් ද, කොළ ලොකුවට ඝනව වැඩෙන ශාකයක් ද වශයෙනි. මල්ලිකුල්ලි ලෙස දෙමළ භාෂාවෙන් හඳුන්වනු ලබයි.

තවද සංස්කෘතික භාෂාවෙන් අක්කපාන හඳුන්වනු ලබන්නේ අශ්මරිභේද යනුවෙනි. මෙය වල්ගෝවා ලෙස පොදු සිංහල ව්‍යවහාරයේ දී හැඳින්වේ. අක්කපාන ශාකය සිංහල දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී බහුල ව භාවිත කරනුයේ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීම සඳහා ය. අම්ල රසයෙන් වූ කසාය ගුණයෙන් ලඝු රූක්ෂ වේ. වීර්යයන් ශීත වන අතර, විපාකයන් මධුර වන අක්කපාන ශාකයේ කොළ ඖෂධ සඳහා යොදා ගැනේ. මේ ශාකයේ පැළ බෝ කිරීම ශාක පත්‍ර මඟින් සිදු කළ හැකිය. අක්කපාන රසවත් ව්‍යාංජනයක් ලෙස සාදාගෙන ආහාරයට ගත හැකිය. එමඟින් වාතය හා පිත නමැති රෝග සුව වේ. මුත්‍රා රෝග සඳහා බහුලව යොදා ගන්නා අක්කපාන වැටීම්, තැළීම් හා ඉදිමීම් වැනි රෝග සඳහා ද භාවිත කෙරේ. රක්ත, අර්ශස්, මුත්‍රා රෝග, මුත්‍රාශයේ ගල් දියවීම, රක්ත පිත්ත රෝග, රක්ත ප්‍රදර රෝග, කොලරාව ආදී රෝග රැසකට දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙම අගනා අක්කපාන ඖෂධීය ශාකය බහුලව යොදා ගැනේ. ඔබත් ඉඩ ඇති ආකාරයට ඔබේ ගෙවත්තේ මෙම අගනා වටිනා ඖෂධීය ශාකය වගා කරගෙන වෛද්‍ය උපදෙස් මත පල ප්‍රයෝජනයට ගන්න. ජන සමාජයෙන් ගිලිහී යන දේශීය ආයුර්වේද ඖෂධ ශාක රැක ගනිමු.

 



subasetha

Comments