පොතු කබර රෝගයට ඔබත් බිය ද?

සැප්තැම්බර් 25, 2020

පොදු ජනතාව අතර පොතු කබර ලෙස ව්‍යවහාර වන මෙම රෝගය බටහිර වෙදකමෙහි ර්‍ථඵධපඪචඵඪඵ  (සොරයිසිස්) ලෙසත් ආයුර්වේදයේදී කිටිභ ලෙසත් හඳුන්වා දී ඇත. 

මුලින්ම මා ඔබට පැවසිය යුතුයි මෙය කිසිසේත්ම එකිනෙකා අතර බෝවන රෝගයක් නොවන වග. නමුත් මෙය පාරම්පරිකව සෑදීමේ යම් ප්‍රවණතාවයක් පැවතිය හැකි රෝගී තත්ත්වයක් ද වේ. මේ රෝගයට පොතුකබර ලෙස සාමාන්‍ය ජනයා ආමන්ත්‍රණය කරනු ලබන්නේ මෙහිදී මාළු කොරපොතු සේ සිරුරේ සම පොතු ලෙසට ගැලවී යාමක් සිදුවන නිසාය. 

මෙය වා, සෙම් ධාතු දෙක ප්‍රධාන ලෙසට දූෂණය වීමෙන් සෑදෙන්නක් වන අතර මෙම රෝගී තත්ත්වය ස්පර්ශයෙන් කර්කශ බවකින් ද කළු පැහැයට හුරු පැහැයකින් ද යුක්ත වේ. මුලින්ම රෝග ලක්ෂණ පෙන්වීම බොහෝවිට අපගේ සන්ධි සහිත ස්ථාන වන දණිස්, වැලමිටි ආශි‍්‍රතව කුඩා ලප ආකාරයට සමේ දැකගත හැකි වීමත්, මේවා මූලිකව හමේ රෝගී තත්වයක් සේ එකවරම කිව නොහැකි තරම් සාමාන්‍ය පරිදි දිස්වීමකින් යුක්ත වන බවත්, ඔබ දන්නා සාමාන්‍ය  කුෂ්ඨ රෝගයක ලක්ෂණ වන කැසිලිගතිය , දැවිලිගතිය, දියර ස්‍රාවී ගතිය ආදී කිසිදු ලක්ෂණයක් පිටතට නොපෙන්වන නිසා රෝගියා මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වීම හේතු කොටගෙනම මෙය වඩාත් වර්ධමාන තත්වයට පත්වීම සිදුවේ. මෙලෙස රෝගය උත්සන්න වූ පසු සිරුරේ බාහිරට වැඩිපුරම නිරාවරණය නොවන ප්‍රදේශ වන මූලධාර පෙදෙස, අණ්ඩ, ඉකිලි, යෝනි, කිහිලි ආදී ස්ථානවල බහුල ලෙසත් ඇතැම් විට මුළු සිරුර පුරාමත් ව්‍යාප්ත වී පවතින ආකාරයන් ලෙස රෝගීන් අපට දැකගත හැකිවේ. 

මෙම රෝගයේ අවස්ථාවන් ගැන කථා කරන විට, සාමාන්‍ය සන්ධි වාතය වන් සිරුරේ සන්ධි ඉදිමෙන කිටිභ අවස්ථාවක් ලෙසත්, ඇතැම් රෝගීන්ට නියපොතුවල හටගෙැනෙන රෝගී තත්වයක් ලෙසත්, එහිදී නියොපතු දිරී ගොස් හිල් මෙන් සෑදී නියපොතු කහවීම, නියපොතු කැපීම ආදී ක්‍රියාවන් කරන විට දී කෑලි කෑලී කැඩී යන අවස්ථාවක් ලෙසත්, තවත් ඇතැමුන්ට කිටිභ  රෝග තත්වය සුව වන විට අම්ල පිත්තය හෝ අන්ත්‍ර ගත අජීර්ණ තත්ව හෝ අන්ත්‍ර ගත ශූලවත් බව හෝ උදර ආද්මානයන් ආදී ලෙස අන්ත්‍ර ගත රෝග පැන නඟින බවත්, නැවත එම රෝග තත්ත්වයන් සුව අතට හැරෙන විට කිටිභය නැවත ඇතිවන ලෙසත්, මෙලෙස එකිනෙකට ප්‍රතිවිරුද්ධ සේ හැසිරෙන අවස්ථාවක් සේ ආකාර රැසකට මෙම රෝගී භාවය සමාජයේ අපට දැකිය හැකිය. 

පොතු කබර රෝගය වර්ධනය වන හේතු ලෙස මානසික කරදර, දුක, දොම්නස, මානසික, අසහනය, ආතතිය වැනි ක්‍රියා නිසා ද රෝග හේතූන් වන ආහාර පාන ගැනීම ද එනම් හරක් මස් භාවිතය , ඌරුමස් භාවිතය, රතුමාළු, කරවල, ඉස්සෝ , කකුළුවෝ, දැල්ලෝ, රටදෙල්, උම්බලකඩ ආදිය නිතර භාවිතයයි. මෙම රෝගයේදී ඉහත පවසා ඇති ආහාරපාන නම් අත්හල යුතුමය. තවත් විශේෂ කරුණක් ලෙස මොවුන්ගේ සම ඉතා සංවේදී බව තරමක් සිහි තබා ගත යුතුය. නැතහොත් ඕනෑම පොඩි හෝ රසායනික ද්‍රව්‍යයක් ආසාත්මිකතා දක්වන නිසාය. තවද මෙම රෝගීන්ට බිත්තර කහමදය , සුදුලූෑනු, රතුලූනු, බීලූනු ආදි ආහාරද අගුණ වේ. මත් වතුර පානය, දුම්පානය ද ඉතාම අගුණ වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments