දේශීය අත් බෙහෙත්

නොවැම්බර් 27, 2020

ඉදිමීම් ඉදිමුම බැසීමට

1) හුණු, ගොරක සමව ගෙන මුත්‍රාවලින් අඹරා ඉදිමුම වසා ගාන්න.

2) බේත් එරඬු කොළ, වරා කොළ, කහ ලුණු දමා කොටා මලවා බඳින්න.

උණෙන් ආ ඉදිමුමට

අරළු හත් කළඳයි,කෝමාරිකා හත් කළඳයි. කරුංකා පුවක් දස කළඳයි. ගෝ මුත්‍ර, නැලියෙන් 6 ක් ගෙන මෙකී බේත් එක්ක දමා කකාරා තුන් කාලට සිඳුවා දෙනු.

පාණ්ඩුවෙන් එන ඉදිමුමට

ඇසළ දළු අහුරක් පොඩිකොට දොඩම් බිකක ලා කන්ට දී විරේක කරවන්න.

ඌරුස්ථම්භයට

ඇසළ දළු,තල තෙලින් තම්බා කෑමට දෙන්න.

සන්ධි ඉදිමුමට – කළු අත්තන මුල්, කතුරුමුරුංගා කොළ, මල් එක පමණ ගෙන උණුදියෙන් අඹර ා දිනකට වරක් බැගින් දින 7-8 ක් ගාන්න.

ඉදිමුමට – පොල්පලා සහමුලින් ද, කූර තම්පලා සහමුලින් ද ගෙන තම්බා එම වතුර උදේ ,සවස බොන්න. නැතිනම් කසාය කර පත 8/1 ට සිඳ උදේ සවස පත බාගය බැගින් බොන්න.

තැළීම් කැපුම් කෙටුම් තැල්මට

දෙහි බැවක් ගෙන කොහොඹ තෙලින් පැසවා තැළුණු තැන තවන්න. ඊටම ලුණු, ගොරක අඹරා තබා බඳින්න.

නියපොත්තක් තැලුණ විට

අමු ඉඟුරු, සීනි කොටා තබා බඳින්න

ඊටම ඉඟුරු, ගම්මිරිස්, උළුහාල්, ගොරක, ලුණු දමා කොටා මලවා බඳින්න.

කැපුම්, තැළුම් ආදියෙන් ලේ නැවතීමට

1.කරල් සැබෝ කොළ, ජලයෙන් අඹරා ලේ පිට තබා බඳින්න.

2.හීන් උඳුපියලිය , ඇල් ජලයෙන් අඹරා ලේ පිට තබා බඳින්න

3.බැබිල කොළ ඇල් ජලයෙන් අඹරා ලේ පිට තබා බඳින්න

4.ගොටුකොළ ඇල් ජලයෙන් අඹරා ලේ පිට තබා බඳින්න

5.තද බල ලෙස ලේ ගලන්නේ නම් ඊතන කොළ සෝදා පිරිසුදුවට කොටා යුෂ ගෙන කැපුණු තැන ගාන්න.

කැපුම් කැළල මැකීමට

තැඹිලි පිත්තක් කොටා යුෂ ගෙන ඉන් මිදෙල්ල දලු හොඳට අමරා කැපුම් තුවාලය මත තබා බඳින්න. කැළල මැකී යයි

තැල්මට. උලුක්කුවට

1.ලුණු, ඇල්දියෙන් දියකර කබලක දමා උණුකර පදමට ගෙන ඉක්මනින් රෙදි කඩක දමා බැන්දවිට තැල්ම හා උලුක්කුව සුව වේ.

2.ලුණු පොට්ටනියක් බැඳ එම පොට්ටනිය නටන උණු දියෙන් රත්කර තවන විට තැළුම් උලුක්කු සුව වේ.

කැපුන විට දී

1.උඳුපියලිය, අමු කහ, අමු ඉඟුරු ඇල්දියෙන් අඹරා ගානු.

2.හබරල පිත්තේ මද සූරා තල තෙලෙන් හෝ පොල්තෙලෙන් මලවා බදිනු.

කැපුම් කෙටුම් තුවාලවල ලේ නවතින්නට

රෙදි, බුලත්, අරළු, පුලුස්සා අළුගෙන කලවම්කර තබා බඳිනු.

තද තැළුම් ඉදිමුම්වලට

 

තිත්ත අබිං, ගෙරි පස්, වියන් දුඹුළු. පුස් ඇට මද එක පමණට ගෙන ඇඹුල් දොඩම් ඉස්මෙන් අඹරා එම ඉස්මෙන් කකාරා ගානු .

ගල් තැළුමට

කළු වෙල්ලන්ගිිරිය පොතු, අමු කහ, ලුණු, පොල් සැමදේඑකට කොටා මී තෙලෙන් මලවා බඳිනු.

ඉතා තද කැපුමකට

තැඹිලි ගසේ පිත්තන් කොටා යුෂ ගෙන, මිදෙල්ල දලු, සමඟ සිනිඳුව අඹරා කැපුම් තුවාලයේ බඳිනු.

තැල්මට – රත්හඳුන්, කොත්තමල්ලි, වැල්මී, තෝර කොළ ඉස්මෙන් අඹරා කකාරා ගාන්න.

කැපුන විටදී ලේ නැවතීමට

1.හීන් උඳුපියලිය, බිං කරල් හැබ එක පමණ ගෙන අමු කහ කෑල්ලක් දමා ඇල්දියෙන් අඹරා බඳින්න.

2.සුළුනයි, මානයි, වියන් දුඹුළු, වියළි කහ, එක පමණ ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ඇල්දියෙන් තෙමන්න

තැල්මට

අරළු, රත්හඳුන්, සතකුප්ප, රත්මල්, වියළි ඉඟුරු, සහිඳ ලුණු සමව ගෙන කොටා සියඹලා කොළ ඉස්මෙන් අඹරා කකාරා ගානු.



subasetha

Comments