රෝගාබාධ රැසකට ගුණ දෙන තිත්ත ලබු

ජනවාරි 3, 2020

රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තිත්ත ලබු හැඳින්විය හැකි ය. ලබු විශේෂ කිහිපයක් වන අතර ඒ අතුරින් තිත්ත ලබු එක් විශේෂයක් ලෙස හැඳින්විය හැකි ය.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්,

ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වැවෙන ලතාවකි.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවල පාහේ දැකිය හැකි ලතාවකි.

තිත්ත ලබු පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය,

තිත්ත ලබු වෙයි. මෙහි ලබු යනු අලාබු යන්නෙන් බිඳී ආවෙකි. මෙහි දී තිත්ත රසය ඇති වර්ගය තිත්ත ලබු වශයෙන් හඳුන්වයි.

සංස්කෘතික බසින්,

ඉක්ෂ්වාතු, කටුතුම්බී, මහාඵලා, තිත්තාලාබු, තුම්බී, පිණඪඵලා, කටුකාලාබු, තික්කේත්ස්වාතු ආදී නාමයන් යෙදේ. මේ අතුරින්, මහාඵලා - ලොකු ගෙඩි ඇති වර්ගය, පිණ්ඪඵලා - වටකුරු ගෙඩි ඇති වර්ගය යනුවෙන් හඳුන්වයි.

හින්දි බසින්,

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments