රෝග රැසකටම එකසේ ගුණදෙන පලතුරක් වන රඹුටන් සමහරුන්ට යම් යම් උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමටද හේතු වේ. එබැවින් අසාත්මිකතා ඇති අයට එතරම් ගුණ නොවේ. සමාජයේ බොහෝ දෙනෙකු අධි ස්ථුලතාවයෙන් පීඩාවට පත්ව සිටිති. එසේ අධික තරබාරුවෙන් මානසික පීඩාවට පත්ව සිටින අයටද ගුණාත්මක රඹුටන් මගින් සිරුරේ මාංශ පේශීන්වල පවතින වැඩි මේද ප්‍රමාණය අඩුකරලීමේ හැකියාවක් රඹුටන්වල පවතී.
Sapindaceae කුලයට අයත් රඹුටන් නෙප්ලියන් ලැප්සියම් (Nephlium Lappaceum) නැමැති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රඹුටන් ශාකයේ මල සුදුපාට පෙති පහකින් සමන්විත වේ.
ශාකරිකිළි රැසක හටගන්නා මල් පොකුරු ලෙස ඵල හටගනී. ප්‍රෝටීන්, මේදය, කාබොහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ, තයමින්, රයිබෝ ප්ලේවින් හා විටමින් සී ද අඩංගුව පවතී. රඹුටන්වල පෝෂණ ගුණය සැළකීමේ දී ජලය ග්‍රෑම් 82, ශක්තිය කිලෝකැලරි 64, ප්‍රෝටීන් ග්‍රෑම් 10, මේදය ග්‍රෑම් 01, කාබොහයිඩ්ඩ්‍රේට් ග්‍රෑම් 16.5, කැල්සියම් මිලිග්‍රෑම් 20, පොස්පරස් මිලිග්‍රෑම් 15, යකඩ මිලිග්‍රෑම් 1.9, තයමින් මයික්‍රො ග්‍රෑම් 10 විටමින් සී මිලිග්‍රෑම් 53 ද වේ. රඹුටන්වල රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමේ ගුණයක් පවතින බැවින් රඹුටන් කෑමට දියවැඩියාව නොහොත් මධුමේහය රෝගීන් වැඩි කැමැත්තක් දක්වති. ආතරයිටීස් රෝගීන්ට ද රඹුටන් ඖෂධයක් වී ඇත්තේ රඹුටන් කෑමෙන් බොහෝ දුරට සන්ධිගත වේදනා අවම වන බැවිනි.
රඹුටන් ඉතා ජනපි‍්‍රය පලතුරකි. අනෙකුත් පලතුරුවලට වඩා රඹුටන් අපනයනය කිරීමටද පියවරගෙන ඇත. මේ නිසා රඹුටන් වගා කිරීමද ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යයි. රඹුටන් වගා කෙරෙන්නේ නිර්දේශිත ප්‍රභේද තුනක් අනුවය. මල්වානේ ස්පෙෂල් යනුවෙන් හඳුන්වනු ලබන රඹුටන් ගෙඩි ඉදුණු විට තැඹිලි මිශ්‍ර රතුපාටක් ගනී. රවුම් හැඩයකින් යුත් මල්වානේ ස්පෙෂල් රඹුටන් ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් හතළිහක් පනහක් අතර වේ.
ඉතා පැණි රසයෙන් යුත් මෙම රඹුටන්වල මදය ඉතා පහසුවෙන් ම ගැළවේ. මුහුදු මට්ටමේ සිට මීටර් හයසිය හැත්තෑපහක් ඉහළ තෙත් කලාපයේ සාර්ථකව වැඩෙන රඹුටන් කොළඹ කළුතර දිස්ත්‍රික්ක මෙන්ම මල්වානේ ද ප්‍රසිද්ධියක් උසුලයි. විදෙස් රටවල් අතරින් සිංගප්පූරුව, ජාවා, බුරුමය ආදී රටවල් රඹුටන් ව්‍යාපෘතිය ඉතා සාර්ථකව පවත්වා ගෙන යයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන - බී. ඇල්. ප්‍රේමරත්න
subasetha
Comments
Post a Comment