මධුමේහය (දියවැඩියාව) නිසා හිසේ සිට පාදාන්තය දක්වා සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන්හි පීඩා හටගනී. ඉන් ස්නායුවල ඇති වන පීඩා ‘නාඩිගතවාත’ යනුවෙන් ආයුර්වේදයේ හැඳින්වේ. මෙය නව්‍ය වෛද්‍ය විද්‍යාවේ ච්ඪචඡඥබඪජ ව්ඥභපධනචබඩර යනුවෙන් දැක්වේ. මධුමේහ රෝගීන් අතුරෙන් 30% කට බහුලව ඇති වන උපද්‍රවයකි. බටහිර රටවල රෝගීන් සුළු සංඛ්‍යාවකට දරුණුූ අපහසුතා ඇති කරන අතර, වැඩි දෙනකුට රෝග ලක්ෂණ නොපෙන්වයි.
මෙරට තත්ත්වයද ඊට සමානය. මධුමේහය පැවැති කාලය මෙන්ම රෝගියාගේ පරිවෘත්තිය (ර්ඥබචඡධතඪඵථ) වෙනස්වීම අනුව මෙම ස්නායු පීඩාව හටගනී. මධුමේහය කලක් ගත වන විට මධ්‍ය ස්නායු පද්ධතිය පීඩා වන අතර මධුමේහයේ ප්‍රධාන ලක්ෂණ පෙන්වන්නේ පර්යන්ත ස්නායු පද්ධතියේ ය.
න්‍යුරොපති රෝගයේ දී චාලක (ර්ධබධප) සංඥාවාහි (ඉඥදඵධපර) හෝ ස්වතන්ත්‍ර (ඒභබධදධථඪජ) ස්නායුවල ලක්ෂණ හටගනී. එනම් ස්නායු තන්තු දිරායාම (ච්ඥඨඥදඥපචබඪධද) ස්නායු සෛල ඝනවීම (ඊඩඪජඬඥදඪදඨ) තැනින් තැන ස්නායු අභාවය (ච්ඥථරඥතඪදචබඪධද) සහ ස්නායුවල රුධිර නාලික පීඩාවීම සිදුවේ.
මෙම ර්‍ථධතරදඥභපධනචබඩර රෝගය වර්ග කීපයකට බෙදේ. ශාරීරික වර්ගයේ දී දෙපාවල සංඥාවාහි ස්නායු සමානව පීඩාවේ. ශරීරයට ආසන්නව පිහිටි චාලක ස්නායු අසමාන ලෙස පීඩාවේ. එනම් අත්, පාවල සිරුරට ආසන්න කොටස් එනම් ඌර්වබාහු සහ කළවාවල ස්නායු පීඩාවේ. අනෙක් වර්ගයේ දී සිරුරේ ඉන්ද්‍රියයන්ට සපයන ස්නායු පීඩාවේ. එනම් හෘදය සහ රුධිරනාල, ආහාර මාර්ගය මෞත්‍ර ලිංගික ඉන්ද්‍රිය සහ කණිනිකාව (ර්‍ථභනඪත) යි.
සමානුපාත සංඥාවාහි ස්නායු පීඩාවීමේ දී බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වයි. ඇතැම්විට අතුල් පතුල්වල සංඥා නොදැනේ (ඨතධමඥ ඉබධජඬඪදඨ ඪථනචඪපථඥදබ) පතුල් සහ කලාතුරකින් අතුල් හිරිවැටේ. දෙපාවල වේදනාව රාත්‍රියට වැඩිවේ. (විශේෂයෙන් දෙපාවල ඉදිරිපස (චදබඥපඪධප චඵනඥජබ) පතුල් යට දැවිල්ල සහ හිරිය, වැරදි ඉරියව්වකින් ඇවිදීම, රෝගය දරුණු වූ විට පමණක් මාංස පේශි දුර්වල වීම සහ සිහින්වීම (ඹචඵබඪදඨ) සහ චාලක ස්නායුන්ගේ ක්‍රියා වෙනස්වීම සිදුවේ. පා ඇඟිලි වකුටු වේ. පතුල්වල පේශි අඩුවේ. යටිපතුල්වල ගල්තැලුම් වැනි ගැට හටගනී.
අසමානව චෙෂ්ටාවාහි ස්නායුවල ඇතිවන පීඩාව ඒඵරථථඥබපඪජචත ථධබධප ඤඪචඡඥබඪජ දඥභපධනචබඩර යනුවෙන් හැඳින්වේ. මෙහිදී අත්පාවල ඉහළ කොටස්වල මාංස පේශී අඩුවීම සහ දුර්වල වීම හටගනී. බොහෝ විට මෙහිදී අදාළ තැන්වල තදබල වේදනාව හටගනී. විශේෂයෙන් කලවාවල ඉදිරි කොටසේ වේදනාව සහ හිරිය හටගනී. රෝගියාගේ බර අඩුවේ. ඉතා දුර්වල ස්වභාවයක් පෙන්වයි. ඇඳෙන් බැසීමට පවා අසමත් වේ. තුනටිය ප්‍රදේශයේ තිබෙන ස්නායු ප්‍රතානයේ (ඹ්භථඡධඵචජපචත නතඥයභඵ) ස්නායු සෛල (තධඹඥප ථධබධප දඥභපධදඵ) වලට රුධිර සම්පාදනය නැතිව යයි. තුනටියේ මෙම කොටසේ අර්බුද (බභථධභපඵ) හෝ අන්තර් කශේරුකා බිම්බයක් (ධ්.ඍ ඤඪඵජ) මෑත්වීම නිසා ද මෙබඳු රෝග ලක්ෂණ ඇති වන බැවින් ඒවා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. මෙම න්‍යුරොපති තත්ත්වය මාස 12 න් අඩු වුවත්, සුව කිරීම අපහසු බැව් නව්‍ය වෛද්‍ය මතයයි.
එක් අංගයක පමණක් ඇති වන ර්ධදධදඥභපධනචබඩර රෝගයේ දී අත්පාවල චේෂ්ටාවාහි ස්නායුවක හෝ සංඥාවාහි ස්නායුවක හෝ මස්තිෂ්කයෙන් පිටවන ස්නායු 12 න් (ජපදඪචත දඥපමඥඵ) එකක ක්‍රියාකාරිත්වය එක්වරම නවතී. රෝගය දරුණුය. නමුත් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වේ. වඩාත්ම පීඩා වන්නේ 3වන සහ 6 වන ශීර්ෂ ස්නායුන්ය. ද්විත්ව දර්ශනය (බලනවිට දෙක දෙක පෙනීම ඤඪනතධනඪච) හටගනී. කලවේ ඊඥථධපචත ස්නායුව සහ ගෘධ්‍රසි ඉජඪචබඪජ ස්නායුව පීඩාවේ. තවත් ස්නායු පීඩාවීම නිසා පපුවේ සහ කඳේ හිරිය හටගනී. මැණික්කටු සන්ධියේ තෙරපීමක් නිසා ඇඟිලි හිරිවැටෙන ඛ්චපනඥත ඊභදදඥත ඉරදඤපධථඥ රෝගයේ ලක්ෂණ පෙන්වයි. පතුල් කඩාවැටී අප්‍රාණික වීම ද (ජ්ධධබ ඤපධන) හටගත හැකි ය.
ඉන්ද්‍රියවල ඇති වන පීඩා සහිත ඒභබධදධථඪජ දඥභපධනචබඩර වර්ගයේ දී රුධිරපීඩනය සහ හෘද ස්පන්දනය අඩු වීම, ගිලීම අපහසුව, බඩ පිපීම, ඔක්කාරය, වමනය, රාත්‍රියට මළ බුරුල්ව යාම, මළ වරින්වර පිටවීම හෝ මහාන්ත්‍රය දුර්වල වීම නිසා මලබද්ධය, මුත්‍ර පිටකිරීමේ අපහසුව හෝ මුත්‍ර වරින්වර පිටවීම, නැවත නැවත මුත්‍ර ආසාදනය වීම, ධ්වජභංගය (ලිංගික අප්‍රාණිකතාවය) ධාතු වහා පිටවීම, අධිකව දහදිය දැමීම, රාත්‍රියට දහදිය දැමීම, දෙපාපැළීම, දෙපා වල සීතල දැනීම, සහ ඉදිමුම, යටිපතුලේ දිය බුබුළු හටගැනීම සිදුවේ. ගැඹුරු ශ්වසනයේ දී හෝ සිටගෙන සිටින විට නාඩිවාර බැලිය යුතු ය. සිට ගැනීමේ දී රුධිර පීඩනය බැලිය යුතු ය රුධිර පීඩනය අඩු විය හැකි බැවිනි.
ඉන්ද්‍රියවල දඥභපධනචබඩර ඇති රෝගින් 30 - 50 % හෘද් ශ්වසන ආබාධයක් නිසා වසර 10 ක් තුළ මියයයි. සිටගෙන සිටින විට හෘද සංකොචජ පීඩනය 20 හෝ ඊට වඩා අඩු වෙන රෝගීන් එසේ මියයන බැව් වාර්තාවේ. මධුමේහ රෝගීන් 30% පමණ ධ්වජභංගයෙන් පෙළේ. මෙයට හේතුව දඥභපධනචබඩර මෙන්ම ලිංගයට රුධිර සම්පාදනය වෙනස්වීම, විෂාදිය (ඤඥනපඥඵඵඪධද) කාංසාව (චදයඪඥබර) සහ ශරීරය දුර්වල වීමයි. මත්පැන් පානය සහ රුධිර පීඩනය අඩු කිරීමට ගන්නා ඇතැම් බටහිර ඖෂධ නිසාද ලිංගික ක්‍රියා දුර්වල වේ.
ර්‍ථධතරදඥභපධනචබර රෝගයට ආයුර්වේද ප්‍රතිකාර සාර්ථකව යෙදිය හැකි ය. සිටගෙන සිටින විට රුධිර පීඩනය අඩුවේ නම්, දෙපාවලට මේස් (ඉබධජඬඪදඨඵ) දමන්න. මලබද්ධය ඇත්නම්, සෙනෙහෙකොළ අඩංගු ඉඥදදච යෙදේ. රෝගියාගේ ශරීර ශක්තිය අනුව විරේචන කර්ම (ර්‍ථභපඨචබඪධද) සහ වස්තිකර්ම යෙදේ මධුමේහ රෝගීන් බොහෝ දුරට දුර්වල බැවින් මෘදුවිරේකයක් හෝ අනුලෝමන (තචයචබඪමඥ) ඖෂධයක් පළමුව දිය යුතුය. ඉන්පසු අභ්‍යංග ( ධඪත බඩඥපචනර) පරිෂෙක පිණ්ඩස්වේද, අන්නලේපන යන ප්‍රතිකාර යෙදේ. වාත විදුරංග, අශ්වගන්ධ, මහාමාෂ බලාශ්වගන්ධ යන තෙලකින් රෝගියා ඉරියව් 6 ක තබමින් පැයක් පමණ අභ්‍යංග කළ යුතු ය. මෙය පළපුරුදු අයකු ලවා කරවා ගත යුතු ය. ප්‍රතිකාර කාලය දින 7 - 28 විය හැක. කෙසේ වුවත් රෝග ලක්ෂණ පහවනතුරු ප්‍රතිකාර කළයුතු බැව් ආයුර්වේද මතයයි.
පිෂිචිල් (ධාරා) ප්‍රතිකාරයේ දී මඳ උණුසුම් තෙල් ගෙන පළමුව පීඩාවූ ප්‍රදේශයේ තෙල්ගා සම්බාහනය කර ඉන්පසු තෙල් බෝතලයක් ගෙන තෙල් වත්කරමින් පිරිමදිනු ලැබේ. මෙයද පැයක් පමණ යෙදේ. පරිෂෙක යනු උණුසුම් කරන ලද තෙල් හෝ කෂාය පීඩාවූ අංගයන්ට වත් කරමින් පිරිමැදීමයි. පිණ්ඩ ස්වේද යනු රෝගයට සුදුසු බැවිල මුල් 1, අමුක්කරා අල, දශමූල, උඳු වැනි ඖෂධවලින් තනන ලද කෂාය රතුකැකුළු සහල් සහ එළකිරි යොදා තනන ලද කිරිබත් පොට්ටනි කර තැවීමයි. අන්නලේපන යනු එසේ තනන ලද කිරිබත්, සිරුරේ ආලේප කරමින් පිරිමැදීමයි. ප්‍රතිකාර අවසානයේ දී පැයකට පසු මඳ උණු දියෙන් නෑම හෝ සේදීම කළ යුතු ය.
සියලුම රෝග ලක්ෂණ පහවීමට බොහෝ කාලයක් ගතවේ නම්, රෝගියාට, අපහසුව ගෙන දෙන ප්‍රධාන රෝග ලක්ෂණ පහ වන තුරු හෝ අඩු තරමින් ඒවා අඩු වන තුරුවත් ඉහත සඳහන් ප්‍රතිකාර කළ යුතු ය. බාහිර ප්‍රතිකාර සමඟම කෂාය, ගුලි, කල්ක, අවලේහ, චූර්ණ වැනි අභ්‍යන්තර ඖෂධයන්ද යෙදේ. ස්වර්ණ (රත්රන්) අඩංගු ඖෂධ මිලෙන් අධික වුවත් ඒවා ඉතා ගුණදායක බැව් කිවයුතු ය. මෙහිදී මධුමේහ රෝගයට ප්‍රතිකාර කරමින් රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කෙරේ. මධුමේහ රෝගීන්ගේ වකුගඩු දුර්වල වීම (පඥදචත ටචඪතභපඥ) ඇති වීමට ප්‍රධාන හේතුව රුධිර සීනි පාලනය නොවීම බැව් වාර්තාවේ. මේ සමඟම රුධිර පීඩනය වැඩිවේ නම් එයද පාලනය කළ යුතු වේ.
මධුමේහයෙන් පෙළෙන ඔබේ අත්පාවල හිරිය, වේදනාව, දැවිල්ල හෝ දුර්වලතාවය සමඟ මෙම ලිපියේ සඳහන් රෝග ලක්ෂණ පවතී නම් වහාම සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවාගෙන ඉහතින් දැක් වූ ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය,විශාරද
ලක්ෂ්මී සේනාරත්න
subasetha
Comments
Post a Comment