ජනවාරි 31, 2025
සුදු හඳුන්, අරලු වෙනිවැල් ගැට, සිවංගුරු, සවිඳ ලුණු ඇල්දියෙන් අඹරා ඇස් වටා ගාන්න.
අරළු, රත් හඳුන්, කෝමාරිකා, සියඹලා දලු - වියළි කහ කොටා කඩ පිම්මේ තම්බා කෝමාරිකා යුෂින් අඹරා ඇස් වටා ගානු.
ඇසේ යමක් වැදී සීරුණාම කොහොඹ දලු අමු කහ, සමව ගෙන කොටා යුෂ ඇස තුළට දමන්න සුවවේ.
ඇසේ රොඩු වැටුණාට කොහොඹ දලු තලා ඇල්දිය මාත්තු කොට යුෂ ඇසට දමන්න. දොඹ කොළ තම්බා කකාරා ගත් වතුරවලින් ඇස සෝදන්න.
ඇස තුවාල වූ විට කී කිරිඳිය, අමු කහ සමඟ කොටා ඉස්ම ගෙන ඇසට වත් කිරීමෙන් හට ගෙන ඇති තුවාල සුව වේ.
ඇසේ නගනයට තුත්තිරි ගසක් ළඟට පස්සෙන් පස්සට ගොස් පිටි අතින් ගස කඩා එහි ඉස්ම නගනය මත ගාන්න.
subasetha
Comments
Post a Comment