ඔබට ලස්සන නීරෝගිමත් දෙපා යුගලක හිමිකාරියක වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩි වන්නේ නිරායාසයෙනි. ජීවිත කාලය පුරාම කිලෝමීටර් දහස් ගණනක් ඔබේ සිරුර ගෙන යනු ලබන්නේ ඔබේ දෙපා විසින්මය.
යන්ත්‍ර සූත්‍ර එක දිගට ක්‍රියා කරන විට ඒවා නිසි ලෙස නඩත්තු නොකළහොත් ගෙවී යාම සිදු වේ. ඔබේ දෙපාද නිසි ලෙස නඩත්තු නොකළහොත් ගෙවී යාම්වලට භාජනය වනවා මෙන්ම නොයෙක් රෝගාබාධවලට ද ගොදුරුවේ.
ඔබ ඔබේ රූ සපුව ගැන ඔබ කෙතරම් සොයා බලනවා ද? ඇත්තෙන්ම ඔබ ඔබේ රූප සොබාව වැඩි කර ගැනීමට කොතරම් උත්සාහ ගන්නවාද? ඔබේ හැඩරුව කෙනකු වර්ණනා කරයි නම් එය ඔබට කොතරම් සතුටක් ගෙන දෙනවාද?
රුව වැඩි කර ගැනීමට කොතරම් මුදලක් ශ්‍රමයක් ඔබ වැය කළාද? මොහොතක් සිතා බලන්න. ඔබ වෙහෙසුණේ මුහුණේ ආලේප ගෑමට, නිය ආලේප ගෑමට තොල් ආලේප ගෑමට පමණක් විය හැකියි නේද?
නොගැළපෙන පාවහන් පැලඳීම
තමාගේ දෙපයට නොගැළපෙන තද පාවහන් නවීන විලාසිතා අනුව තෝරාගැනීමට වැඩිපුර යොවුන් කාන්තාවන් නැඹුරු වී ඇත. මේවා පැලඳීමෙන් කල්යත්ම පාදවල නොයෙකුත් ආබාධ ඇතිවේ.
අඩි උස පාවහන්
අද සමාජයේ බහුලව පවතින විලාසිතාවකි. මේවා පැලඳීමෙන් තමාගේ සිරුරේ බර දෙපා හරහා ගමන් කරන සාමාන්‍ය ආකාරය වෙනස් වේ. මෙසේ වෙනස් වීමෙන් දණහිසෙන් පහළ නොයෙක් ආබාධයන් හටගනී.
එම ආබාධයන් නම් දණහිස් සන්ධි වේදනාව, බත්කෙණ්ඩ වේදනාව, විවිධ සන්ධි වේදනාව, පාදයේ ඇඟිලිවල වේදනාව මේවා බොහෝ කල් පවතින වේදනාවන් වේ. සමහර අයට මේ කැක්කුම දවස පුරා ඇතිවේ. මේ තත්ත්වයෙන් මිදීමට නම් ඔබ අඩි උස පාවහන් පැලඳීමෙන් වළකින්න.
ඉරුණු මේස් පාවිච්චි කිරීම
සපත්තු දැමීමෙන් පසුව මේස් කුට්ටම බාහිරට නොපෙනෙන නිසා බොහෝ අය ඉරුණු මේස් ඉවත් නොකර දිගු කාලයක් පාවිච්චි කරති. මෙසේ ඉරුණු මේස් පැලඳීමෙන් ඒවා සපත්තුව හා හම අතර ගැටීම නිසා සමේ බිබිළි මතුවීම, පාද කළු පැහැ වීම ඇතිවේ.
නිසි පෝෂණය නොලැබීම නිසා සන්ධිවල ඇතිවන නොයෙක් රෝග නිසා යම් රෝගවලට පසුව ඇතිවන උපද්‍රවයන් නිසා පාද ආබාධ ඇති වේ.
උදාහරණ ලෙස දියවැඩියාව වැනි රෝග වැලඳුණු විට නිසි වෛද්‍ය උපදෙස් ලබා නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.
දෙපා ආරක්ෂා කරගන්නේ කෙසේද?
සතියකට වරක්වත් පා නිය කැපීමට පුරුදු වන්න. නිය කැපීමේදී රවුමට කපන්නේ නැතිව කෙළින් කපන්න. නියපොතු දැඩි බැවින් යුතු නම් කැපීමේදී කැඩී යාමට පුළුවනි. ඒ නිසා නෑමෙන් පසු නිය කැපීමට පුරුදු වන්න.
ඔබ හොඳින් අත් සෝදා පිසදා ගන්නවා නේද? නමුත් දෙපා සේදීමෙන් පසු පිසදමා ගන්නවාද? නැත. ඒ හේතුව නිසා ඇඟිලිකරු අතර වතුර රැදී තිබී සම තැම්බීම සිදු වේ. ඔබත් දෙපා සේදූ පසු පිසදමා වියළා ගැනීමට පුරුදු වන්න.
සෞම්‍ය සබන් වර්ග පා සේදීම සඳහා භාවිත කරන්න. නානා විට ඉවත දමන දත් බුරුසුවකින් නියපොතු මදින්න. දෙපා හොඳින් ලස්සනට තබාගැනීමට එයින් හැකි වේ. මෙමඟින් දෙපාවල සිටින ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන. ඔබේ දෙපා පැලෙනවාද? සම ගොඩක් අව පැහැද? වියළිද? එවිට දෙපා අවලස්සනයි නේද? ඔබ දිනපතා හැන්දෑවට උණුසුම් ජලය බේසමක් ගෙන එයට මේස ලුණු හැන්දක් දියකර විනාඩි 20ක් පමණ දෙපා එහි ඔබාගෙන සිටින්න.
ඉන්පසු දෙපා ඉතාම හොඳින් පිරිසුදු තුවායකින් පිසදමන්න. හොඳින් වියළුණු පසු තෙල් වර්ගයක් හෝ ආලේපනයක් ආලේප කර විනාඩි 15 - 20ක් පිරිමදින්න. නිදාගැනීමේදී ඒවා ඇඳ ඇතිරිලිවල තැවරේ නම්, පිරිසුදු කපු මේස් දෙකක් දෙපාවලට දමාගන්න.
සපත්තු මිලදී ගැනීම
සැලකිලිමත්ව සපත්තු තෝරාගන්න. මොළොක් සම් සහිත සෙරෙප්පු භාවිත කරන්න. මොළොක් සම් වැඩිපුර තෙතමනය උරා ගනී. ඒවා මොළොක් නිසා පාදයේ හැඩයට හැඩගැහේ. එය පාදයට පහසුවක්. ඔබේ පා ඇඟිලිවලට ආරක්ෂාව ලැබීමට ඉදිරි කොටස පළලින් හා ගැඹුරින් යුක්ත විය යුතුයි.
දිනපතා පාවිච්චිය
සපත්තුවල වියළිභාවය රඳවා ගැනීමට දින දෙකක් මාරු කර පලඳින්න. ඒවා අව්වේ තබා වියළා ගන්න. දවස තුළ හැකි සෑම විටම සපත්තු ගලවා සිටින්න.
පරණ සපත්තු
ඉරි මතුවී ඇති සපත්තු ඉවත දමන්න. සපත්තුවල මූට්ටු තිබීම හොඳ නැත. මෙසේ වුවහොත් පාදවල බිබිළි හා රතු ලප මතුවීමට ඉඩ ඇත.
මේස් පැලඳීම
දිනපතා මේස් මාරු කර පලඳින්න. ලොම් සහිත කපු මේස් පාවිච්චි කරන්න. එයින් තෙතමනය උරාගනී. එබැවින් ක්ෂුද්‍ර ජීවීන්ට පාද ආක්‍රමණය කිරීමට නොහැකිය. එල්ලූ අණ්ඩ දැමූ ඉරුණු මේස් ඉවත් කරන්න. ඒවා පාවිච්චියෙන් පාදයේ හම රතුවීම, බිබිළි මතුවීම, තුවාල වීම හා ඝන වීම සිදු වේ. මේ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ දෙපා ඉතාමත් ලස්සන හා නීරෝගිමත් වේ. මෙයින් ඔබේ දෙපා යුවළේ අලංකාරය තවත් වැඩි වනු ඇත.
උපදෙස්
දේශීය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ
හිටපු අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය
දේවපි‍්‍රය අභයවර්ධන
subasetha
Comments
Post a Comment