සර්වාංග සහ කැඩුම් බිඳුම් වෛද්‍ය කර්මයේදී ඇඟිලි ආශ්‍රිතව ඇතිවන රෝගවලට විශේෂ තැනක් හිමි වනවා. ඊට හේතුව වන්නේ ඇඟිලි අකර්මණ්‍ය වීම නිසා සියුම් ග්‍රහණ හැකියාව අඩුවීමත්, මෙමගින් එදිනෙදා නිවෙසේ වැඩ කටයුතු සහ රාජකාරී කටයුතු දැඩි ලෙස සීමා වීමයි. ඇඟිලි ආශ්‍රිතව ඇතිවන රෝග අස්ථි, සන්ධි සහ මාංශ පේශී යන ප්‍රධාන පටක වර්ග තුන ආශ්‍රිත අකර්මණ්‍යතාවලින් ඇතිවන්නට පුළුවන්. මාංශ පේශි ආශ්‍රිත ගැටලුවක් නිසා වැලඳෙන රෝගයක් ලෙස Trigger Finger හඳුන්වන්නට පුළුවන්කම පවතිනවා.
රෝගය ඇතිවීමට හේතු
රාජකාරී කටයුතුවලදී හෝ රැකියාවේදී ඇඟිලිවලට අනවශ්‍ය පරිදි දිගින් දිගටම පීඩනය එල්ල වන ක්‍රියාකාරකම්වල දවසේ වැඩි කාලයක් නිරත වීම.
නිසි පරිදි පාලනය නොවන දියවැඩියා රෝගී තත්වය.
ඇඟිලිවලට වැලඳී තිබෙන රුමටොයිඩ් ආතරයිටිස් තත්වය.
කාන්තාවන් සැලකීමේදී පිරිමි පුද්ගලයන්ට වඩා මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාවය වැඩි වේ.
තයිරොයිඩ් හෝමෝනයේ අඩුවීමේ තත්ත්වය.
රෝග ලක්ෂණ
මෙය බොහෝ විට මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල ආශ්‍රිතව ඇතිවන්නට පුළුවන්.
එම ඇඟිලිවල ඇතිවන තද ගතිය හෙවත් නැමීමේදී සහ දිගහැරීමේදී ලොක් වන ස්වභාවය, උදය කාලයේදී බොහෝවිට වැඩිවේ.
ඇඟිලි තදවීම සමඟම නැමීමේදී සහ දිගහැරීමේදී ක්ලික් හෝ පොප් සද්දයක් ඇතිවිය හැකිය.
රෝගාබාධයට ගොදුරුවන ඇඟිලිවල පාමුල මඳ ඉදිමීමේ ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්.
රෝගය වැලඳීම සහ පැතිර යාම
ඇඟිලිවල චලන සිදුවන්නේ අතේ තිබෙන මාංශ පේශීවල සියුම් කණ්ඩරාවන් ඇඟිලිවලට සම්බන්ධ වීමෙන්. මේ කණ්ඩරාවන් ඊඥදඤධද ඉඩඥචබඩ නම් මෘදු පටක ව්‍යුහයකින් ආවරණය වී පවතිනවා. ඇඟිලි නැමීමේදී සහ දිගහැරීමේදී අතේ අල්ල පැත්තේ පිහිටා තිබෙන මාංශ පේශිවල කණ්ඩරා මෙලෙස නැමීම සහ දිගෑරීම සිදුවනවා. එම රෝගයේදී සිදුවන්නේ යම් කණ්ඩරාවක් වටා පවතින Tendon Sheath නම් මෘදු පටක ආවරණය ඉදිමීමට ලක්වීමයි. එසේ නොමැති නම් කුඩා ගැටිත්තක් හෝ ගණවීමක් දක්නට ලැබෙනවා. මේ ඉදිමීමේ තත්ත්වය, ගැටිත්ත සහ ඝනවීම නිසා පහළින් ඇති සියුම් කණ්ඩරාවට නිදහසේ චලනය වීමේ හැකියාව අඩුවනවා. මේ නිසා ඇඟිලි නැවීමේදී සහ නමා දිගහැරීමේදී අතරමැදි අවස්ථාවක චලනය අක්‍රමවත් වී පිරවීමේ ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම චලනය වේදනාකාරී වන්නටත් පුළුවන්. Trigger Finger යන සාමාන්‍ය නාමය භාවිත කළත් මෙහි වෛද්‍යය විද්‍යාත්මක නාමය වන්නේ Flexor Tenosynovitis යන්නයි. මෙය බොහෝ විට එක් අතකට පමණක් වැලඳෙන රෝගී තත්ත්වයක් වන අතර ඒ අතේද ඇඟිල්ලකට පමණක් වැලඳීම සිදුවෙනවා. පුද්ගලයකුගේ හුරු අත මේ තත්ත්වයට වඩා වැඩි වශයෙන් ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. මේ රෝගය හඳුනා ගැනීම සඳහා සායනික රෝග පරීක්ෂාව ඉතා වැදගත් වන අතර වෛද්‍යවරයාට අවශ්‍ය වන පරිදි රුධිර පරීක්ෂණ මඟින්ද මේ රෝගය තහවුරු කරගන්නට පුළුවන්.
ප්‍රතිකාර
නිවැරදිව රෝග හඳුනා ගැනීමෙන් පසුව සිදුකරන නියමාකාර පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් මේ රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් සුව කරගන්නට පුළුවන්. එහෙත් මූලික අවස්ථාවේ සිටම නිවැරැදි ප්‍රතිකාර සඳහාම යොමු විය යුතුයි. එහිදී පාරම්පරික තෛල ප්‍රතිකාරවලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. තැවීම සමග සිදුකරන තෛල ප්‍රතිකාර මඟින් ඉක්මන් සුවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.ඇඟිල්ලෙහි පවතින ඉදිමීම හෝ ගැටිත්ත වඩාත් විශාලව පවතින අවස්ථාවලදී පත්තු යෙදීමද සිදු කරන්නට පුළුවන්. අත හෝ වැලමිට ආශ්‍රිතව මාංශ පේශි දුර්වලතාවයක් හෝ ස්නායු දුර්වලතාවයක් පවතින විට චීන කටු වෛද්‍ය ප්‍රතිකාරද භාවිත කරන්නට පුළුවන්.
ප්‍රථමාධාර
ඇඟිලි සහ මැණික් කටුව ක්‍රියාකාරී වන ලිවීම, රෙදි මිරිකීම, පොල් මිරිකීම, යතුරුපැදි ධාවනය සහ අනෙකුත් වැඩ කටයුතු හැකිතාක් අවම කරන්න.
ඇඟිල්ලේ පාමුල ඉදිමී තිබේ නම් එම ස්ථානයට මිනිත්තු 15ක් පමණක් ධ්ජඥ තැබීම සිදු කරන්න. මෙය දිනකට දෙවරක් කිරීම වඩා යෝග්‍යයි.
දිනකට එක් වරක් මඳ රස්නය සහිත වතුර භාජනයක් ගෙන එයට ලුණු ස්වල්පයක් දමා එහි ඇඟිලි ගිල්වා තබන්න. මෙය මිනිත්තු 20ක් පමණ සිදු කරන්න.
ඇඟිලිවලට සහ මැණික් කටුව හිරවන සේ මුදු, අත් පලඳනා සහ ඔරලෝසු භාවිත කිරීම අවම කරන්න.
දිගහැරීමට අපහසු වුවත් නිරන්තරයෙන් ඇඟිලි දිගහැරීම සහ නැමීම සිදු කිරීම මඟින් ඇඟිල්ලේ ඇතිවන තද ස්වභාවය වළක්වා ගන්න.
පාරම්පරික සර්වාංග
කැඩුම් බිදුම් විශේෂ
වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය
subasetha
Comments
Post a Comment