රොබට් නොක්ස් ගමේ හැම කෙනෙක්ම වෙදකම් දන්නෝ යයි සඳහන් කළේය. සෑම ගැමියෙකුම කුමක් හෝ අත්බෙහෙතක් හෝ දනියි. ගමේ පන්සල් හාමුදුරුවෝද වෙදකම දනිති. උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු මෙන්ම වෙදකම ඡ්‍යොතිෂය, නක්ෂත්‍රය ආදි බොහෝ දෑ දනිති. ඒ දැනුම මුදලට යට නොකරති. අදත් වෙදකම් දත් හාමුදුරුවන් අමතන්නේ වෙද හාමුදුරුවෝ යනුවෙනි.
ඇතැම් වෙද හාමුදුරුවරු තැනූ අර්ථය සඟවමින් මතුපිට වෙනත් අරුත් දක්වමින් බෙහෙත් ඖෂධ ගැන කියා ප්‍රහේලිකා බඳු අපහසුවෙන් තෝරා ගත යුතු වෙද ගැට අප අතර වෙයි.
සමහරු රෝගය ගැන කියන්නේ කවියෙනි. හාමුදුරුවෝද බෙහෙත කියන්නේ කවියෙනි.
සබරගමුව පළාතේ හාමුදුරුවන්වහන්සේ නමක් තවත් ස්වාමින් වහන්සේ නමක වෙත ලියා යවන මේ කවි බලන්න.
ඉතා සරල ලිහිල් බස් වහරකින් යුතු මේ පද්‍ය කියවන කල මතක තබා ගැනීමේ පහසුවද පෙනේ. එළිසමය ආදි කාව්‍ය අලංකාර ද සලකමින් කාව්‍ය රසාස්වාදය සමඟින් තමන්ට කිවයුත්ත අර්ථවත්ව ගෙන හැර පාති.
විසි වැදෑරුම් ප්‍රමේහ රෝග
අර්ශස් රෝග, බඩ නෙරා ඒම, හන්දිපත් රුදාව, ඉදිමුම, කෑම අරුචිය මේ ආදී විවිධ රෝග රාශියකට මෙම බෙහෙත් ප්‍රත්‍යක්ෂ බව කියැවෙයි.
මිදිකර ඇටගෙන උණුදියරෙහිලා පදම
බලාලා බා ගන්නේ
වැඩිපුර කොටලා පිටිගෙන ළිප්ගල් දෙකට
දෙපය දී ඉඳගන්නේ
වැඩිපුර ඉඩ ඇති බඳුනක වත්කර තද උණුසුම්
පිට පිටිලන්නේ
කඩිනම් කර හොඳ ගැට නොගැසෙන්නට
හනිකට කලවම් කරමින්නේ
ඔරු පදිනා ලෙද ඇද ඇද පතුගා පියවර
තුනකින් තම්බන්නේ
තරු පෙනෙනා ලෙස ඇස්වල දුම් වැද පදම
බලාලා බා ගන්නේ
බොරු නොවෙනා සේ ලෙලි නැති පොල්ගෙඩි
තරමට ගුළි කරවා ගන්නේ
ඔරු දමනා ලෙස මාත්තු සමඟින් මඳ
උණුසුම් පිට වලඳන්නේ
මිරිස් ඇඹුල් ලුණු සමබර තිබ්බොටු හොද්දෙන්
දඩමසයෙන් කෑමයි
සුරුස් ගාණ පවතින සෙම් කැසි මුසු විසි
මේහය හරිසස් මේ වයි
හරස් අතට බණ්ඩිය බේරීමද හන්දිකෙටුම
ඉදිමුම මේ වයි
සරස් කියා ගුණ වෙයි මේ කී ලෙඩ තද
බඩ ගින්නට අත්දුටු වයි
subasetha
Comments
Post a Comment