මිනිසුන් ලෙස අප කොයි කවුරුත් කැමති ලස්සනට ඉන්න. ලාදුරු කියන විට සමාජයේ බොහෝ දෙනා තුළ බියක් පැවතියත් වර්තමානයේදී එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. එමෙන්ම අතීතයේදී මෙන්ම වර්තමානයේ දී ලාදුරු රෝගීන් සමාජයෙන් වෙන්කර තැබීමක් ද සිදු නොවේ. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එය සුවකර ගැනීමට මෙන්ම තවත් අයකුට බෝවීමද වළක්වා ගත හැක.
නමුත් අනපේක්ෂිත ලෙස ඔබේ සමෙහි දුර්වර්ණ වූ ලපයක් හෝ ලප කීපයක් තිබුණ හොත් එය සාමාන්‍ය ලපයක් හෝ වෙනත් කුමක් හෝ කියා නොසලකා හැරිය කාලය අවසන් කළ යුතු ය. එය ලාදුරු විය හැකි යැයි පැවසුව හොත් ඔබ සිතන්නේ කුමක්ද? මම ලාදුරු රෝගියකු සමඟ ඇසුරු කළේත් නැහැනේ යැයි සිතෙනු නිසැකය. අපායත් දෙව්ලොවත් දෙකම දැකිය හැක්කේ මේ ලෝකය තුළමය.
තමන් ජීවත්වන පරිසරයේම අප්‍රසන්න සිතට වේදනාකාරී සිත් දවන පරිසරයක් දුටු විගස එය අපාය හා සමාන යැයි කියනු බොහෝවිට දක්නට ලැබේ. මේ බියකරු රෝගය අද වන විට යළිත් සමාජයේ හිස ඔසවමින් පවතින බව පැහැදිලි වේ. අතීතයේදී අපි ලාදුරු ගැන දැන සිටියේ තදබල බෝවන රෝගයක් ලෙසත් සුවකළ නොහැකි රෝගයක් බවත් ය. ලාදුරු රෝගය තුරන් කළ හැකි රෝග අතරින් එකකි. රෝග ලක්ෂණ මඟින් පමණක් රෝගය හඳුනාගත හැකි ය.
රෝගය හඳුනාගැනීම
රෝග පරීක්ෂාවකින්
සමේ විෂබීජ පරීක්ෂාවකින්
පටක පරීක්ෂාවකින්
මේ සඳහා රුධිර පරීක්ෂාවක් නොමැත.
ලාදුරු රෝගය නිට්ටාවටම සුව කළ හැකි රෝගයක් වන අතර, ඒ සඳහා නියමිත ප්‍රතිකාර කිරීමෙන් ලාදුරු රෝගය වැලඳුණු රෝගියකුගෙන් එය තවත් අයකුට බෝ නොවේ. ලාදුරු බැක්ටීරියා රෝගයක් වන අතර, එය ශ්වසන මාර්ගය ඔස්සේ බෝවීම සිදුවේ. වයස අවුරුදු 5 - 6 පමණ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාම මෙම රෝගය දක්නට ලැබේ. මෙම රෝගයේදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයකි. ලාදුරු රෝගින්ගෙන් බහුතරයක් දැකිය හැකි රෝග ලක්ෂණයක් වන්නේ ශරීරයේ අලුහම් වැනි සුදු පැහැති පැල්ලම් ඇතිවීමයි. මෙම පැල්ලම්වලට වේදනා ස්පර්ශය, උෂ්ණත්වය වැනි කිසිදු සංවේදිතාවයක් නොදැනෙන අතර, හිරිවැටුණු ස්වභාවයක් ගනී.
සමහරුන්ගේ ශරීරයේ රතු පැහැ පලු ඇතිවීම දක්නට ලැබෙන අතර, මෙම පලු මාස ගණන් අවුරුදු ගණන් පවතී. අතපය හිරිවැටම හා පණ නැතිවීමද ලාදුරු රෝගයේ ලක්ෂණයක් විය හැක. සමහර අවස්ථාවල මෙම හිරිගතිය නිසා පුද්ගලයාට නොදැනීම තුවාල ඇතිවිය හැකි අතර, වේදනාවද නොදැනෙන නිසා දැනගන්නා විට ඒවා අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබීමටද හැක. සන්ධි ඇඟිලි හා මුහුණ ඉදිමීම, පෙනීම දුර්වල වීම ආදී රෝග ලක්ෂණ ද ඇතිවේ. තිබෙන රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කළ යුතු කාලය තීරණය කෙරේ. ලාදුරු වැලඳුණු සෑම අයෙකුගෙන්ම රෝගය බෝවීම සිදු නොවන අතර තවත් අයකුට බෝවීමේ අවදානමක් ඇති රෝගින්ගෙන් බෝවීමේ හැකියාව ප්‍රතිකාර ලබාදෙන මුල් අවස්ථාවේම නැති කළ හැකි වේ.
ප්‍රතිකාර
රෝගය හඳුනාගත් මුල් අවධියේම ප්‍රතිකාර ලබාගැනීම මෙන්ම වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව අඛණ්ඩව නිර්දේශිත කාලය පුරා ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. එලෙස ප්‍රතිකාර ගැනීමෙන් තමා සුවපත් වෙනවා සේම රෝගය පැතිරී යාමද වැළකේ.
ලාදුරු රෝගයේ ඇති භයානක තත්ත්වය වන කිසිදු වේදනාවක් ශරීරයට නොදැනෙන තත්ත්වයට පසුකාලීනව පත්විය හැක. අධික තාපයකින් යුත් ගිනි දැල් ශරීරයේ ස්පර්ශ වුව ද එය ලාදුරු රෝගීන්ට නොදැනෙන තරම් ය. ලාදුරු රෝගයේ වර්ග දෙකකි. බෝ නොවන වර්ගය පෝසිබැසිලරි වන අතර (ර්‍ථඕ), බෝ වන වර්ගය මල්ටි බැසිලරි (ර්ඕ) නම් වේ. මේ නිසා කෙනෙකුට බෝවිය හැක්කේ මල්ටිබැසිලරි රෝගියකුගෙන් පමණි.
විකෘතිතා ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර
මෙම රෝගීන් මුල් අවස්ථාවේම ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි ය. ඇඟිලි වකුටුවීම, පාදයේ වළලුකරින් පහළ ප්‍රදේශය අප්‍රාණික වීම ආදී මුල් අවස්ථාවේදීම ඖෂධ ප්‍රතිකාරවලින් සහ සරල ව්‍යායාමවලින් හා ශල්‍යකර්මවලින් සුවකළ හැක. පාදයේ ඇතිවන තුවාල සාමාන්‍ය ප්‍රතිකාරවලින් සුවකළ හැකිය. නමුත් ඒ ගැන සැලකිලිමත් නොවුවහොත් දියවැඩියා රෝගීන් මෙන් නිතර නිතර තුවාල ඇතිවිය හැකි ය. ඇස්වල ඇතිවන යම් යම් රෝග ලක්ෂණ නිසා ඇස්වල පියාපත් වසා ගැනීමට නොහැකි වේ. දුර්වර්ණ සහිත ලප නිසැකයෙන්ම ලාදුරු බවට නිශ්චය කර ගැනීම ඔබට මෙවැනි සරල පර්යේෂණයකින් නිවසේදී ම නිගමනය කළ හැකි ය.
එනම් එම ලපවලට ඉරටු කැබැල්ලකින් තද කරන්න. එවිට රිදීමක් හෝ සංවේදීතාවයක් තිබේද බලන්න. ඉන්පසු ලප නොමැති සමෙහි වෙනත් ස්ථානයක එයාකාරටම තද කරන්න. එවිට එම ස්ථානයේ සංවේදීතාවයක් දැනෙන්නේ නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න. සම ඝනවීම (විශේෂයෙන් කන්පෙති හා බෙල්ලේ වැලමිට ආශි‍්‍රතව) අඛණ්ඩව පවතින හිරි ගතිය.
බෝවන ලාදුරු රෝගයේ ලක්ෂණ
අත් පාවල කල් පවතින හිරිය
අත්ල හා පතුල්වල සුව නොවන තුවාල ඇතිවීම.
ඇහිබැම තුනීවීම හා නාසයේ හැඩය වෙනස්වීම.
රෝගය උත්සන්න වූ විට ඇතිවන විකෘතිතා සරල ව්‍යායාම මඟින් යථා තත්ත්වයට පත් කළ හැක. රෝගය වැඩි ලෙස වාර්තා වීමට එක් හේතුවක් වන්නේ ශ්වසන රෝග වැලඳීමේ දී ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට රෝගීන් අතීතයේ මෙන් එතරම් උනන්දුවක් නොදැක්වීමයි. එපමණක් නොව ලාදුරු රෝගයේ පූර්ව ලක්ෂණ කිහිපයක් පවතී. පණු ලප වැනි සුදු පැහැ ලප සම මතුපිටින් හටගැනීම, රතු පැහැ බිබිලි හෝ ගැටිති හට ගැනීම, ස්නායු ඝන වීම වැනි ශාරීරික ලක්ෂණ මතු වූයේ නම් එය ලාදුරු රෝගය වැලඳීමේ අවදානම් අවස්ථාවන්ය. එවන් අවස්ථාවලදී ඔබ කළ යුත්තේ චර්ම රෝග විශේෂඥයකු හමුවී එය පරීක්ෂා කර ගැනීමයි.
බෝවීම
ලාදුරු රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සංක්‍රමණය වන්නේ රෝගය සහිත රෝගියකුගේ කැස්සත් කිවිසීමත් මඟින් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිටවන වායු බින්දු මඟිනි. ලාදුරු රෝගයෙහි රෝග ලක්ෂණ රැසක් පවතින අතර, එය ඉක්මනින්ම හඳුනාගෙන ප්‍රතිකාර ලැබීමෙන් නිට්ටාවටම සුවකළ හැකි රෝගයක් බවට පත් වී තිබේ.
1995 වසර ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික කළද වසරකට ලාදුරු රෝගීන් 2000ක් පමණ මේ වන විටත් ලංකාවෙන් වාර්තා වේ. 2022 වසරේදී නව ලාදුරු රෝගීන් 1325ක් මෙරටින් වාර්තා වූ අතර, ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරිනි.)
උපදෙස් - වැලිසර ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
ප්‍රසාද් රණවීර
කොළඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
චන්දන ගජනායක
subasetha
Comments
Post a Comment