මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්‍රාමා නැමැති ස්තරයේ ඇතිවන වර්ණ විකෘතිතාවයකි.
සුදු කබර රෝගය ආයුර්වේද ග්‍රන්ථවල ශ්විත්‍ර, කිලාස, වාරුතා යන නම් වලින් හැඳින්වේ. මෙය කුෂ්ඨ රෝග යටතට ඇතුළත් වේ. ආයුර්වේදයේ කුෂ්ඨ රෝග මහා රෝග යටතට ගැනේ. ඊට හේතුව කුෂ්ඨ රෝග සියල්ලක්ම මිනිසාට ඉතා දුක් සහගත බවක් ගෙන දීමත් මානසිකව අසහනයට පත් කිරීමත් නිසාවෙනි. සුදුකබර රෝගයේ දී ශාරීරික වේදනාවක් ඇති නොවූවත් මනසට වද දෙන, පීඩාකාරී තත්ත්වයකට රෝගියා පත් කරනු ලබයි.
බහුලව ආසියාතික රටවල මෙම රෝගී තත්ත්වය දක්නට ලැබෙන අතර, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවේ. රෝගීන්ගේ 35%ට පමණ පවුල් ඉතිහාසයක සම්බන්ධතාවයක් පවතී.
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්‍රාමා නැමැති ස්තරයේ ඇතිවන වර්ණ විකෘතිතාවයකි. මෙම ස්තරයේ මෙලනින් නැමැති වර්ණකයක් අන්තර්ගත වන අතර එහි පවතින ප්‍රමාණය මත සමෙහි ඇති වර්ණකවල ප්‍රමාණය තීරණය කරනු ලැබේ. සුදු කබර රෝගයේ දී ශරීරයේ අන්තර්ගතව පවතින දුම් විෂ මඟින් මෙම වර්ණකය විනාශ කර දමන නිසා සම සුදු පැහැයට පත් වේ. මෙම රෝගය බෝ නොවන රෝග තත්ත්වයට අයත් වේ.
රෝග නිදානයට
ආහාරමය හේතු
එකිනෙකට විරුද්ධ ආහාර පාන ගැනීම. තෙල් බහුල, දියර බහුල, දිරවීමට අපහසු බර ආහාර ගැනීම. පමණ ඉක්මවා ආහාර ගැනීම. කලින් ගනු ලැබූ ආහාරය දිරවීමට ප්‍රථම යළිත් ආහාර ගැනීම.
විහරමය හේතු
ආහාර ගත් සැණින් වෙහෙස වීම. දැඩි උෂ්ණත්වයට නිරාවරණය වීම. පංචකර්මවල විෂමාචාර, දහවල් කාලයේ නිදා ගැනීම. මල, මුත්‍ර, වමනාදී වේග වැළැක්වීම. ආහාර ගත් විගස මෛථුනයේ යෙදීම.
අධ්‍යාත්මික හේතු
මෙම ආත්මයේ දී හෝ පෙර ආත්මයකදී කරනු ලැබූ පාප කර්ම. පිදිය යුතු පුද්ගලයන්ට නින්දා අපහාස කිරීම, වද හිංසා කිරීම, ස්ත්‍රීන්ට වද හිංසා කිරීම ආදී පව් වැඩවල නිරත වීම.
මීට අමතර ජානමය හේතු පරම්පරාවෙන් පැවත ඒම. පිස්සු බල්ලන් සපා කෑම, සර්ප දෂ්ට, මීයන් සපා කෑම. මීයන් කා ඉතිරි කෑම ආහාරයට ගැනීම, මීයන්ගේ ශුක්‍රානු, කැරපොත්තන්ගේ මුත්‍ර, ගස් ගෙම්බන්ගේ මුත්‍ර මඟින් රෝගය ඇතිවන බව දේශීය වෙදකමේ සඳහන් වේ.
රෝග ලක්ෂණ
සිරුරේ එක සමානව දෙපැත්තේම වර්ණ විකෘතිතාවය පැන නැඟෙන අතර ඇතැම් අවස්ථාවන් වලදී ශරීරයේ එක් ප්‍රදේශයක පමණක් හෝ සම්පූර්ණ සිරුර පුරාම වර්ණ විකෘතිතාවය ඇතිවේ. ඒවා විවිධ ප්‍රමාණවලින් හා විවිධ හැඩ හුරුකම්වලින් යුක්ත වේ. බහුලව මුහුණේ, අත් පා, කිහිලි, ඉකිළි හා ලිංගේන්ද්‍ර ප්‍රදේශයේ දක්නට ලැබේ.
ආයුර්වේදයට අනුව වාතජ, පිත්තජ, කඵජ ලෙස ප්‍රභේද තුනකි.
වාතජ කිලාස
මණ්ඩලාකාරව පැන නැඟේ. එම ස්ථානය මඳක් පිරිමැදූ විට පිටි මෙන් කුඩු මෙන් වැගිරේ.
පිත්තජ කිලාස
නෙළුම් මල්වල පැහැය හා එම මලේ පෙත්තක හැඩය ගනී. දැවිල්ලෙන් යුක්ත වේ.
කඵජ කිලාස
සුදු පැහැ වේ. ස්ථුල වේ. කැසිල්ලෙන් යුක්ත වේ.
මෙම රෝගයේ සාධ්‍යාසාධ්‍යතාව සැලකූ විට, සුදු පැහැ ගැන් වූ ලෝම නොමැති, ශරීරය පුරා නොපැතිරුණු, එකිනෙකට සම්බන්ධ නොවූ, අළුතෙන් හටගත් අග්නියෙන් පිලිස්සී හට නොගත් කිලාස සුව කළ හැක. එනම් සාධ්‍ය වේ.
මීට විපරීත ලක්ෂණවලින් යුක්ත වූ ශ්විත්‍රය අසාධ්‍ය. එනම් සුව කිරීමට අපහසු වේ. තවද ශරීරයේ අන්තභාවවල එනම් නිය කෙළවර (ඇඟිලි කෙළවර) අතුල්, පතුල්, තොල් වල, ලිංගේන්ද්‍රිය පවතින ශ්විත්‍රය අසාධ්‍ය වේ.
ප්‍රතිකාර, චිකිත්සා
වමන, විරේචනාදී සංශෝධන ක්‍රියා යෙදිය යුතු අතර ශරීර අභ්‍යන්තරව රක්ත ශෝධන ප්‍රතිකාරත් , තෙල් වර්ග, ලේප වර්ග ආලේප කළ මෙම රෝගය සුව වන විට කැළල කුඩා වන අතර පැහැය සුදු, රෝස, රතු, අඳුරු පැහැ ආකාරයට වෙනස් වේ.
මෙම රෝගය කුෂ්ඨ රෝගයට වඩා නින්දිත හා ශීඝ්‍රව අසාධ්‍ය තත්ත්වයට පත්වන නිසා ගිනිගත් ගෙයක් වහා නිවන්නාක් සේ ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බව ආයුර්වේද මූල ග්‍රන්ථවල සඳහන් වේ.
ආයුර්වේද වෛද්‍ය
එච්.අයි.එම්.ඩී.ජී.කේ. හලංගොඩ
subasetha
Comments
Post a Comment