හදවතට ආදරය කරන්න

දෙසැම්බර් 24, 2021

හෘදය යනු මනුෂ්‍ය ශරීරයේ ඇති සුවිශේෂීම ඉන්ද්‍රියයන්ගෙන් එකකි.සිරුරේ සෙසු ඉන්ද්‍රියයන්ට වඩා වැඩි වටිනාකමක් රැගත් හෘදයට හෘදය වස්තුව ලෙස ආමන්ත්‍රණය කරන්නේද එබැවිනි. මෙම සුවිශේෂී ඉන්ද්‍රියෙහි ඇති වැදගත්කම, ඒ ආශ්‍රිත ඇතිවන විවිධ සංකූලතා සහ ආබාධ තත්ත්වයන් මෙන්ම හෘද රෝගයන්ට පවතින ප්‍රතිකාර විධි පිළිබඳව මේ ලිපියෙන් විමසුමට ලක්කරයි.

හෘදය මොනවගේද

මිනිස් සිරුරේ උරස් කුහරය ඇතුළත වම් හා දකුණු පෙනහළුවලට මැදිව තරමක් වම්පැත්තට බරව හෘදය වස්තුව පිහිටා ඇත.මාංශ පේශීන්, කපාට, කුහර, ශිරා, ධමනි සහ ස්නායු ආදියෙන් මෙය සකස් වී ඇත.

හෘදය මගින් මුළු සිරුරටම රුධිරය සැපයීම (පොම්ප කිරීම) සිදුකරන අතර එසේ සපයන රුධිරය හරහා ඔක්සිජන් මෙන්ම අවශ්‍ය පෝෂක කොටස් මිනිස් දේහයේ සෑම සෛලයක් කරාම ගෙනයාම සිදුකරයි.සංකීර්ණ ක්‍රියාවලියක් වන මෙය සිදුකිරීමට හෘදය වස්තුවටද යම් ශක්තියක් අවශ්‍ය වේ.හෘද පේෂියට අවශ්‍ය එම ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය රුධිරය, ඔක්සිජන් ඇතුළු පෝෂක කොටස් හෘදයට සපයාගනු ලබන්නේ හෘදයේ ඉහළ කෙළවරේ පිහිටා ඇති කිරීටක ධමනි මගිනි.එමගින් හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවේ.

හෘදය ආශ්‍රිත සංකූලතා සහ ඊට හේතු

උපතේ සිටම හදවත් රෝගවලින් පෙළෙන පිරිස් වාගේම නීරෝගී හදවතක් සහිතව මෙලොව බිහිවන ඕනෑම කෙනකුට ජීවිත කාලය තුළ හෘද රෝග වැළඳීමේ අවදානම වර්තමානය වන විට ඉහළ ගොස් ඇති බව පර්යේෂණවලින් තහවුරුව ඇත.

උපතින්ම හෘද රෝගීන් ලෙස මෙලොව බිහිවන පිරිසක්ද ඇත.ඒ හැරුණු විට ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම (කොලෙස්ටරෝල්), දියවැඩියාව, අධි රුධිර පීඩනය, පාලනයකින් තොර සමබර ආහාරයක් නොගැනීම (ස්ථූල බව), ව්‍යායාම මදිකම, මානසික ආතතිය, දුම්පානය වැනි හේතු මෙන්ම හෘද රෝග සම්බන්ධව පවුල් පරිසරයක් ඇති අයට හෘද රෝග වැළඳීමේ අවදානම වැඩිය.

හෘදයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන නාල කිහිපයක් ඇති අතර එම නාලවල යම් අවහිරතාවයක් (ඕතධජඬ) ඇති වුවහොත් එම හෘදයේ මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු පෝෂක කොටස් නොලැබී යාම සිදුවන අතර ඉතාම සුළු කාලයක් තුළ හෘදපේශි මිය යාමකට ලක්වේ. එවිට හොඳීන් ක්‍රියාකළ හෘදයේ අඩපණ වීමක් සිදුවේ.ඒ නිසාවෙන් හැකි ඉක්මණින් එම අවහිරතාවට යම් පිළියමක් නොකළහොත් එම හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වී අදාළ පුද්ගලයා මරණයට පත්වීමට පවා ඉඩකඩ ඇත.රුධිර නාලවල අනවශ්‍ය පරිදි මේද තට්ටු තැන්පත් වීම හා වෙනත් ස්ථානයක තිබෙන රුධිර කැටියක් රුධිර නාලයන් තුළ සිරවීම වැනි හේතු මත ඉහත කී තත්ත්වයන් ඇතිවේ.මෙම තත්ත්වය හමුවේ හෘදයේ මාංශ පේශීන්ගේ වේදනාවක් ඇතිවන අතර එම වේදනාව ඇන්ජයිනා (ඒදඨඪදච) ලෙස හඳුන්වයි.

හෘද පේශි කොටසට සම්පූර්ණයෙන්ම රුධිර සැපයුම නතර වුවහොත් හෘද අකර්මණ්‍යතාව ඇතිවන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ එය හෘදයාබාධ (ඩ්ඥචපබ ඒබබචජඬ) ලෙස හඳුන්වනු ලබයි. මීට අමතරව හෘදයේ සිදුරු වැසී නොයෑම වැනි විවිධාකාර හේතු මතද හෘදයාශ්‍රිත සංකූලතාවයන්ද ඇතිවීම සිදුවේ.

වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ටද මෙම හදවත් රෝග ඇතිවීමේ අවදානම පවතී.විශේෂයෙන්ම පපුවේ සිදුරු ආදිය එහිදී ප්‍රමුඛතාවයක් ගනී.

හෘදයාබාධයක මූලික ලක්ෂණ පෙන්නුම් කරන ඇන්ජයිනා කැක්කුම

ඇන්ජයිනා (ඒදඨඪදච) කැක්කුම යනු කිරීටක ධමනි අවහිරතාවය (ඛ්ධපධදචපර ඒපබඥපර ච්ඪඵඥචඵඥ) ඇති රෝගීන්ට බහුලවම ඇතිවන රෝග ලක්ෂණයකි.මෙය බොහෝවිට ඇතිවන්නේ පපුවේ හරි මැද හිරවීමක් බඳු වූ කැක්කුමක් ලෙසයි.මෙය තව විදිහකින් විස්තර කරනවා නම් පපුව උඩ ලොකු බරක් තැබුවා වැනි දැනීමකි.බොහෝවිට මෙම කැක්කුම බෙල්ලට හෝ වම් හෝ දකුණු උරහිස් සහ බාහුවලට ගමන් කරන අතර මිනිත්තු කීපයක් විවේකීව සිටීමෙන් හෝ දිව යට තබාගන්නා ඖෂධ පාවිච්චි කිරීමෙන් පසුව කෙමෙන් අඩුවී යයි.

එක් එක් පුද්ගලයාට ඇන්ජයිනා තත්වය විවිධ ආකාරයට ඇතිවිය හැකියි

සමහර රෝගීන්ට ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ ඉහත කී පරිදි සාමාන්‍යයෙන් ඇතිවන කැක්කුමට වඩා වෙනස් ආකාරයකටයි.සමහර විට ඔවුන්ට ඇතිවන කැක්කුම පපුවේ හරි මැද නොව පපුවේ වෙනත් ස්ථානයක ඇතිවිය හැකියි.ඒ වගේම කැක්කුම පපුවේ ඇති නොවී බෙල්ලේ, හනුවේ හෝ වම් දකුණු බාහුවල ඇතිවිය හැකියි.මෙසේ ඇතිවන පපුවේ කැක්කුම ඒ ඒ පුද්ගලයා සඳහා විශේෂ වේ.මන්දයත් ඔවුන්ට හැමවිටම ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ ඒ ආකාරයට වීමයි. මෙය මුල් අවස්ථාවලදී ඇන්ජයිනා කැක්කුම ලෙස හඳුනාගත නොහැකි වුවත් පසුව මෙම රෝග ලක්ෂණය හඳුනා ගැනීමට රෝගියා පහසුවෙන් සමත් වේ.

වැඩි වශයෙන් ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ කුමන අවස්ථාවලදීද ?

වැඩිපුර ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නේ මහන්සි වී වැඩක් කරන විට, බියට හෝ කෝපයට පත්වීම වැනි සිත කලබල වන අවස්ථාවක හෝ ඉතා සීතල කාලගුණයක් ඇති අවස්ථාවකය.නමුත් සමහර රෝගීන්ට විවේකීව සිටින අවස්ථාවක පවා ඇන්ජයිනා කැක්කුම ඇතිවිය හැකියි.

කිරීටක ධමනිවල කාර්යය

හෘදයේ නොනවතින ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම සඳහා හෘද පේශියට නිරන්තර රුධිර සැපයුමක් අවශ්‍ය වේ.ඒ හෘදය සංකෝචනය සහ ඉහිල් වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබාදීම උදෙසායි.

මෙම නිරන්තර රුධිර සැපයීමේ කාර්යය සිදුවන්නේ වම් හා දකුණු කිරීටක ධමනි හරහායි.හෘද පේශිය වෙත රුධිරය ගලායාම සඳහා වම් හා දකුණු කිරීටක ධමනි යනුවෙන් ප්‍රධාන ධමනි දෙකක් තිබෙනවා.මෙම ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා ධමනි කුහරය සමහර තැන්වල අවහිර විය හැකියි.මේ නිසා එම ධමනි හරහා හෘද පේශිය වෙත රුධිරය ගලායාම අවහිර වේ.

හෘදයේ ක්‍රියාකාරීත්වයට වැඩිපුරම රුධිරය අවශ්‍ය වන්නේ අප මහන්සිවී වැඩකරන විටයි.ඒ හෘදය වේගයෙන් සංකෝචනය හා ඉහිල් වී ශරීරය පුරා ඉක්මනින් රුධිරය බෙදා හැරීමටයි.නැතහොත් වෙනත් හේතුවක් නිසා හෘදය වේගවත්ව ස්පන්දනය වන විටද හෘදයට රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

හදිසියේ කලබලයට පත්වීම මෙයට හොඳ උදාහරණයක්.මෙලෙස හෘද පේශියට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වන විටක කිරීටක ධමනිවල ඇති අවහිරතාවය නිසා හෘද පේශියට අවශ්‍ය රුධිර සැපයුම පවත්වාගෙන යාමට නොහැකි වූ විට ඇන්ජයිනා කැක්කුම ඇති වෙනවා.

කිරීටක ධමනි ඉතා තදබල ලෙස අවහිර වී ඇති අවස්ථාවක ඉතා සුළු වෙහෙස වීමකදී හෝ විවේකීව සිටින අවස්ථාවලදී පවා මෙලෙස ඇන්ජයිනා කැක්කුම ඇතිවිය හැකියි.

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ මොනවාද ?

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ, කැක්කුම ඇති වූ විට ලබාගන්නා ඖෂධ සහ කැක්කුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පාවිච්චි කරන ඖෂධ ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ඇන්ජයිනා කැක්කුම ඇති වූ විට එය සමනය කර ගැනීමට ලබාදෙන ප්‍රධානම ඖෂධය “ නයිට්‍රේට් ” (ව්ඪබපචබඥ) නමින් හඳුන්වනවා.ට්ඊව් (ට්තරජඥපරත ඊපඪදඪබපචබඥ) නමින් හඳුන්වන මෙම ඖෂධය දිව යට තබාගන්නා පෙති මගින් දිව යටට විදීමෙන් (ඉනපචර) විනාඩි කීපයක් තුළ කැක්කුම සමනය කරගත හැකියි.ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ රෝහල්වල ලබාදෙන්නේ මේ ආකාරයේ දිව යට තබාගන්නා ට්ඊව් පෙතියි.මෙම පෙති ඊව්ඊ (ඊපඪදඪබපඪද) පෙති කියාත් හඳුන්වනවා.ඇන්ජයිනා කැක්කුම සෑදෙන රෝගීන් කොහේ ගියත් හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා ට්ඊව් පෙති හෝ ඖෂධ විදින කුඩා උපකරණයක් (ඉනපචර) අරගෙන යෑම වඩාත් වැදගත් වෙනවා.

නයිට්‍රේට් ඖෂධ මගින් කරන්නේ කිරීටක ධමනි විස්තාරණය කර එම ධමනි ඔස්සේ වැඩි රුධිර ප්‍රමාණයක් හෘද පේශිය වෙත රැගෙන යාමට අවකාශ සලසා දීමයි.

හෘදය ආශ්‍රිත රෝග හඳුනාගත හැකි පරීක්ෂණ

හෘදයාශ්‍රිත සංකූලතා හඳුනා ගැනීමට නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සිදුකරන පරීක්ෂණ කිහිපයක් ඇත.ඒවා අතරින් පහත සඳහන් පරීක්ෂණ ප්‍රමුඛතාවයක් ගනී.

ඊ.සී.ජී

මෙය හෘද රෝග හඳුනාගැනීම සඳහා මූලිකවම කරනු ලබන පරීක්ෂණයකි.හෘදයේ ස්පන්දනය සිදුවන ආකාරය තුළින් හෘදයේ නිරෝගීකම නිගමනය කළ හැකිය.ඊ.සී.ජී පරීක්ෂණය මගින් සිදුකරන්නේද මෙයයි.පිටත සිට හෘදයෙන් නැගෙන ස්පන්දනය අවශෝෂණය කර ඒවායේ රිද්මය ප්‍රස්තාරගත කරමින් නිරීක්ෂණය කිරීම මෙහිදී සිදුකරයි.කිසිදු වේදනාවක් නොදෙන මෙම ඊ.සී.ජී පරීක්ෂණය තුළින් හෘදයාශ්‍රිත බොහෝ රෝගී තත්ත්වයන්, විශේෂයෙන්ම හෘදයාබාධයන් වර්ධනය විය හැකි අවස්ථාද හඳුනාගත හැකියි.

ආතති ඊ.සී.ජී හෙවත් ව්‍යායාම ඊ.සී.ජී 

මෙය සාමාන්‍ය ඊ.සී.ජී පරීක්ෂණයට වඩා වෙනස් පරීක්ෂණයකි.සාමාන්‍ය ඊ.සී.ජී පරීක්ෂණ රෝගියා වෙහෙසට පත් නොකර වුවද සිදුකළ හැකිය.නමුත් ව්‍යායාම ඊ.සී.ජී පරීක්ෂණය තුළ ඊ.සී.ජී ගනු ලබන්නේ රෝගියා යම් ක්‍රියාකාරීත්වයකට ලක් කරමිනි.ඇවිදීමේ ව්‍යායාමයන්හි යොදවා පියවරවල් කිහිපයක් යටතේ සිදුකරනු ලබන මෙම පරීක්ෂණය මගින් සාමාන්‍ය ඊ.සී.ජී පරීක්ෂණයකට වඩා වැඩි තොරතුරක් ලබාගත හැකිය.

එකෝකාඩියෝග්‍රැෆි 

හෘදයේ ඇති රෝග හඳුනාගැනීමට සිදුකරන මෙම පරීක්ෂණය මගින් හෘදයේ මාංශපේශීන්ගේ හා කපාටවල ක්‍රියාකාරීත්වය සොයා බැලීමද සිදුවේ.රෝගීන්ගේ හදවතේ අසාමාන්‍ය තත්ත්වයන්, හදවතට සිදුවී ඇති හානි සහ හෘද ස්පන්දනය තුළින් පිටකරන රුධිර ප්‍රමාණය මෙමගින් සොයා බැලේ.

සී.ටී කාඩියැක් ස්කෑන්

ඛ්ඊ ස්කෑන් පරීක්ෂණය යනු විශේෂිත පරීක්ෂණයකි.මෙමගින් හෘදය වටා ඇති රුධිර නාළ ඇතුළු හෘද මාංශපේශීන්වල පැහැදිලි ඡායාරූප ලබාගැනීමක් සිදුකරයි. ඒවා හොඳීන් නිරීක්ෂණය කර රුධිර නාළ සිහින්වී ඇත්ද සහ එය කොපමණ ප්‍රමාණයකින් යුක්තද යන නිගමනයන්ට එළැඹීමට මෙම ස්කෑන් පරීක්ෂණය සිදුකරනු ලබයි.

එන්ජියෝ ග්‍රෑම්

කිරීටක ධමනිවල යම් අවහිරතාවයක් පවතී නම් අවහිරතාවන් ඇති ස්ථානයන්, අවහිරතාවන් කොපමණ තිබේද යන්න සහ අවහිරතාවන්ගේ ප්‍රබලත්වය ආදිය පිළිබඳව නිශ්චිතවම හඳුනාගැනීමට මෙම එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනු ඇත.මෙම පරීක්ෂණය කිරීමේ තවත් වාසියක් ඇත.එනම් ප්‍රධාන ධමනි වලට අමතරව ඒවායේ අනුශාඛාවල තත්ත්වයන් මෙන්ම ඒවායේ කාර්යක්ෂමතාවය නිරීක්ෂණය කර ගැනීමට හැකිවීමයි.

මෙහිදී එක්ස්කිරණ (ඔ - අචර) සංවේදී වර්ණකයක් අඩංගු සංඝටකයක් රෝගීයාගේ කිරීටක ධමනියට ඇතුළු කොට එය ගලාගෙන යන ආකාරය නිරීක්ෂණය කරමින් අවහිරතාවය පිළිබඳව හඳුනාගනී.රුධිර නාලවල යම් අවහිරතාවක් ඇත්නම් එම රුධිරනාල අවහිරතාවය එක්ස් කිරණ සේයාපට මගින් පෙන්නුම් කෙරේ.ඒ අනූව ධමනි තුළ ඇති අවහිරතාවය හඳුනාගැනීම සිදුකරයි.

හෘදයේ ක්‍රියාකාරීත්වයට වැඩිපුරම රුධිරය අවශ්‍ය වන්නේ අප මහන්සිවී වැඩකරන විටයි.ඒ හෘදය වේගයෙන් සංකෝචනය හා ඉහිල් වී ශරීරය පුරා ඉක්මනින් රුධිරය බෙදා හැරීමටයි.නැතහොත් වෙනත් හේතුවක් නිසා හෘදය වේගවත්ව ස්පන්දනය වන විටද හෘදයට රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හදිසියේ කලබලයට පත්වීම මෙයට හොඳ උදාහරණයක්.මෙලෙස හෘද පේශියට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වන විටක කිරීටක ධමනිවල ඇති අවහිරතාවය නිසා හෘද පේශියට අවශ්‍ය රුධිර සැපයුම පවත්වාගෙන යාමට නොහැකි වූ විට ඇන්ජයිනා කැක්කුම ඇති වෙනවා.

කිරීටක ධමනි ඉතා තදබල ලෙස අවහිර වී ඇති අවස්ථාවක ඉතා සුළු වෙහෙස වීමකදී හෝ විවේකීව සිටින අවස්ථාවලදී පවා මෙලෙස ඇන්ජයිනා කැක්කුම ඇතිවිය හැකියි.

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ මොනවාද ?

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ, කැක්කුම ඇති වූ විට ලබාගන්නා ඖෂධ සහ කැක්කුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පාවිච්චි කරන ඖෂධ ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ඇන්ජයිනා කැක්කුම ඇති වූ විට එය සමනය කර ගැනීමට ලබාදෙන ප්‍රධානම ඖෂධය “ නයිට්‍රේට් ” (ව්ඪබපචබඥ) නමින් හඳුන්වනවා.ට්ඊව් (ට්තරජඥපරත ඊපඪදඪබපචබඥ) නමින් හඳුන්වන මෙම ඖෂධය දිව යට තබාගන්නා පෙති මගින් දිව යටට විදීමෙන් (ඉනපචර) විනාඩි කීපයක් තුළ කැක්කුම සමනය කරගත හැකියි.ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ රෝහල්වල ලබාදෙන්නේ මේ ආකාරයේ දිව යට තබාගන්නා ට්ඊව් පෙතියි.මෙම පෙති ඊව්ඊ (ඊපඪදඪබපඪද) පෙති කියාත් හඳුන්වනවා.ඇන්ජයිනා කැක්කුම සෑදෙන රෝගීන් කොහේ ගියත් හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා ට්ඊව් පෙති හෝ ඖෂධ විදින කුඩා උපකරණයක් (ඉනපචර) අරගෙන යෑම වඩාත් වැදගත් වෙනවා.නයිට්‍රේට් ඖෂධ මගින් කරන්නේ කිරීටක ධමනි විස්තාරණය කර එම ධමනි ඔස්සේ වැඩි රුධිර ප්‍රමාණයක් හෘද පේශිය වෙත රැගෙන යාමට අවකාශ සලසා දීමයි.

හෘදය ආශ්‍රිත රෝග හඳුනාගත හැකි පරීක්ෂණ

හෘදයාශ්‍රිත සංකූලතා හඳුනා ගැනීමට නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සිදුකරන පරීක්ෂණ කිහිපයක් ඇත.ඒවා අතරින් පහත සඳහන් පරීක්ෂණ ප්‍රමුඛතාවයක් ගනී

ඊ.සී.ජී (ඡ්ඛ්ට්)

ඊ.සී.ජී (ඡ්යජඥපඵඪජඥ ඡ්ඛ්ට්)

එකෝකාඩියෝග්‍රැෆි (ඡ්ජඩධජධපඤඪධඨපචනඩර)

සී.ටී කාඩියැක් ස්කෑන් (ඛ්ඊ ඛ්චපඤඪචජ ඉජචද)

එන්ජියෝ ග්‍රෑම් (ඒදඨඪධඨපචථථඥ)

 

සටහන

කීර්ති එස්.කුමාර

 



subasetha

Comments