නිරාහාරව සිටීම සහ දුර්භික්ෂය පිළිබඳව මෙහිදී සලකා බැලීම වටී. දුර්භික්ෂය නිසා ලෝකයේ ඇතැම් රටවල මන්දපෝෂණය දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ මන්දපෝෂණය නිසා ලෝකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 30000 පමණ දිනකට මියයන බවයි.
විශේෂයෙන් අපි‍්‍රකාවේ මන්දපෝෂණය නිසා වැඩිහිටියන්ගේ බර අඩුවීම 20% පමණ වන අතර, දරුවන්ගේ මන්දපෝෂණය සහ ඌනවර්ධනය 50% පමණ වේ. ළමයින්ගේ ආහාර නොලැබීම නිසා ප්‍රෝටීන් ඌනතාවයද (මන්දපෝෂණය සමඟ ඉදිමීම) සහ මන්ද පෝෂණය සමඟ මාංසපේශි සිහින් වීම ඇති වේ. මේවා මාන්දම යනුවෙන් දේශීය වෙදකමේ සවිස්තරව දැක්වේ.
වැඩිහිටියන්ගේ ප්‍රෝටීන් ශක්ති මන්දපෝෂණයට හේතුව අඩුවෙන් ආහාර ගැනීමයි. මෙයට හේතුවන්නේ ශක්තිය අඩුවෙන් ගැනීම හෝ ශක්තිය වැඩියෙන් වැය කිරීමයි. ශරීරයට ශක්තිය අඩුවෙන් ගැනීමට හේතුව ලෙස නොකඩවා පවතින ඔක්කාරය හෝ වමනය, තදබල අරුචිය, කුඩා අන්ත්‍රයේ පීඩා නිසා දිරවන ආහාර ශරීරයට උරා නොගැනීම සහ අග්න්‍යාසයේ ක්‍රියා අඩු වීම නිසා ආහාර නොදිරවීමයි. ශක්තිය වැඩියෙන් වැයවන හේතු ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියා වැඩිවීම, තයිරොයිඩ් විෂාලුතාවය, පහර වැදීම, උණ, පිළිකා, මැරතන් දිවීම නිසා ශාරීරික ක්‍රියා වැඩිවීම, මධුමේහය යි.
මානසික හේතු නිසා ආහාර අඩුවෙන් ගැනීම, ව්‍යායාම කිරීම, නිරාහාරව සිටීම, වයස්ගත වන විට ආහාර අඩුවෙන් ගැනීම නිසා බර අඩුවේ. කෙනෙකුගේ බර සහ උස මැනීමෙන් නිරාහාරව සිටීම පිළිබඳව අවබෝධය ලැබේ. මාංසපේශි සහ සම යට මේද ප්‍රමාණය මැනීම සඳහා ඌර්ධ්වබාහුවේ මැද, වට ප්‍රමාණය සහ සමේ ඝනකම පරීක්ෂා කෙරේ. තදබල මන්දපෝෂණය මැනීම සඳහා බර අඩුවීම, පිපාසය, දුර්වලතාවය, ශරීරයට ශීතල දැනීම, රාත්‍රියට මුත්‍ර පිටවීම, ආර්තවය, ධ්වජභංගය, ආහාරයට ගිජුවීම, සුදුමැලිවීම ලිහිල් සම සම වියලීම, සම විවර්ණවීම, කෙස් තුනීවීම සහ වැටීම, අත්පා කෙළවර සීතල වීම සහ නිල්වීම, තදවන තැන්වල පීඩකා (බිබිලි) මාංසපේශි සිහින්වීම( විශේෂයෙන් උරහිස පසුපස) ඌර්ධ්ව බාහුව වටරවුම අඩුවීම, ඉදිමුම, තාපය අඩු වීම, නාඩි සහ රුධිරපීඩනය අඩු වීම, හෘදය කුඩා වීම, උදරය නෙරීම සමඟ අතීසාරය, විෂාදය, උනන්දුව අඩු වීම, සහ ආසාදන ඇති වීම.
පෝෂණය අඩුවීම නිසා විටමින් ඌනතාවය ද අතීසාරය නිසා සෝඩියම්, පොටෑසියම් සහ මැග්නීසියම් අඩු වීම ද සිදුවේ. දුර්භික්ෂ සමයක දී ආසාදන නිසා මරණ සංඛ්‍යාව වැඩිවේ. ආහාර නැතිවම සිටීම නිසා හදිසියේ මරණයට පත්වේ. බොහෝ විට වයස්ගත අයට මෙසේ වෙයි. ඔවුනගේ මොළය හැර අනෙක් ඉන්ද්‍රිය හැකිළී තිබෙනු පෙනේ. මොළයේ බර එසේම පවතී.
රෝගියාගේ බර ඉතා අඩුනම්, රෝගියා රෝහල් ගත කළ යුතුය. ආහාර ඉතා අඩුවෙන් ගත්විට, අන්ත්‍රවල ඇතුළත බිත්තිය සහ අග්න්‍යාසය හැකිළේ . පිත දියාරුය. මේ නිසා මොවුන්ට ආහාර ටික ටික දීම කළ යුතුය. ආහාර පොඩිකර දිය යුතුය. ධාන්‍ය, සීනි, එළකිරි, තෙල් ස්වල්පයක්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක් සහ විටමින ද ලුණු අඩුවෙන් ද දිය යුතුය. සිරුරේ මාංසපේශි සහ මේද අනුව ආහාර දිය යුතුය. මසකට බරෙන් 5% ආහාර දීම, සම ගැන බැලීම, දියර අවශ්‍ය පමණ දීම, ආසාදනවලට ප්‍රතිකාර කිරීම, තාපය බැලීම, රෝගියාට අවශ්‍ය පමණ ආහාර සැපයීම සහ ඒ පිළිබඳ වගකිවයුත්තන් පෙලඹවීම.
රෝහල්ගත වන රෝගීන්ගේ මන්දපෝෂණය බහුලය. එක්සත් රාජධානියේ රෝහල්ගතවන රෝගීන්ගේ 1/3ක් තරමක හෝ දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන බැව් වාර්තා වේ. විශේෂයෙන් වැඩිහිටියන් මෙම කාණ්ඩයට වැටේ. රෝහල්ගත වීමෙන් පසුව අරුචිය, රෝගය දිගටම පැවතීම, පරීක්ෂණ සඳහා නිරාහාරව තැබීම, මෙයට තවත් හේතු වේ. මන්දපෝෂණය නිසා ප්‍රතිශක්තිය අඩුවීම, මාංසපේශි දුර්වලවීම, මේ නිසා හෘදයේ සහ පෙනහලු ක්‍රියා දුර්වලවීම සිදුවේ. රෝගියා ද දුර්වලය. ශල්‍යකර්මයකින් පසු තුවාල සුව වීම ප්‍රමාද වේ. බොහෝ විට ආසාදන හටගනී. මන්දපෝෂණය නිසා ශාරීරික දුර්වලතා ඇතිවීම, රෝහලේ සිටින කාලය වැඩිවීම, මරණ වැඩිවීම සිදුවේ. හොඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් මේ සියල්ල මඟහරවා ගත හැක. රෝහලට ඇතුළත් කරන සියලුම රෝගීන්ගේ බර බැලිය යුතුය. දිගු කාලයක් සිටින රෝගීන්ගේ සතියකට වරක් බර බැලිය යුතුය.
රෝහලට ඇතුළත් කරන රෝගීන් සාමාන්‍ය ආහාර ප්‍රමාණවත්ව ගත යුතුය. ආහාර ගැනීම අපහසුව හෝ සමාජීය සහ ආගමික පසුබිම අනුව රෝගීන් ආහාර ගැනීමේ පුරුද්ද නිසා, රෝහල්වල ආහාර ඉතිරිවන බව වාර්තා වේ. සන්ධි ඉදිමුම, ආඝාත වැනි රෝග නිසා අතින් කෑමට බැරිවීම, ඇඳේ එකතැන සිටීමට ද මීට හේතු වේ. මෙහිදී දෙන ප්‍රමාණය මනිමින් ආහාර දිය යුතු ය. සාමාන්‍ය ආහාර මදි නම්, අමතර විටමින් යෙදේ. ශක්තිය වැඩියෙන් නිපදවන පාන ප්‍රෝටීන් වැඩි පාන, වෛද්‍යවරයා විසින් නිර්දේශ කර හෙදිය විසින් දිය යුතුය. මුඛයෙන් ආහාර ගැනීමට බැරි ආඝාත රෝගීනට හෝ උගුරේ ශල්‍යකර්ම කළ අයට බටයකින් ආහාර දීම කළ යුතු ය. සුෂුම්නාවේ ආඝාතයකදී ද එසේ ය. මෙමඟින් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මධරා කලාව හොඳින් පවත්වා ගන්නා අතර, ඉන්ද්‍රිය ක්‍රියා නතර වීමද වළකී.
වෛද්‍ය විශාරද, විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
ලක්ෂ්මි සේනාරත්න
subasetha
Comments
Post a Comment