ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා මුළු ලෝකයේම එදා සිටම පැවති ඉල්ලුම එදා සිටම අඩු නොවනා අතර, අද මුළු ලෝක ව්‍යාප්තියක් වූ කොරෝනා රෝගය සඳහා ද ප්‍රතිකාර සඳහා මේ කුළුබඩු රාශියකින් ප්‍රතිශක්තිය වර්ධනය කොට ශාරීරික සුවතාවය නඟාසිටුවීමේ හැකියාව මත නොයෙකුත් ප්‍රතිකාර එළිදැක්වීමේදී සියලුම ප්‍රතිකාර සඳහා මේ කුළුබඩු ඉතාමත් අවශ්‍ය වීම නිසා අද සාදික්කා සඳහා ද ඇත්තේ විශේෂිත වූ ඉල්ලුමකි.
මෙහි නිජබිම වනුයේ නැඟෙනහිර ඉන්දුනීසියාවේ මොලුකා කුළුබඩු දූපත් සමූහයයි. මෙම ශාකය හඳුන්වන ඉංග්‍රීසි නාමය වනුයේ දභබ+ථඥඨ යන්නයි. ව්භබථඥඨ යන්න ලතින් භාෂාවෙන් ඵලය සහ අරුත දක්වන අතර, දභය යන්න කස්තුරි සුවඳ යන අර්ථය ඇත. සාදික්කා යන සිංහල වචනය ද දෙමළ වචනය වූ සාදික්කායි යන වචනයෙන්ම සෑදී ඇත.
ක්‍රිස්තුවර්ෂ 45 දී පමණ ජීවත් වූ රෝම ඉතිහාසය ලියූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වන ප්ලීන් ර්‍ථතඪදඥ මහතා තම ග්‍රන්ථවල රස දෙකකින් යුතු ගෙඩි විශේෂයක් දක්වා ඇත. එය සාදික්කා ලෙස සැලකේ. එසේම 6 වන සියවසේදී අරාබි ජාතික වෙළෙන්දන් කොන්ස්තන්තිනෝපල් වෙත සාදික්කා ගෙන ආ බවට ද දැක්වේ. එසේම 6 වන හෙන්රි අධිරාජ්‍යයා විසින් ඔහුගේ රාජාභිෂේකයට පෙර රෝමයේ වීදි සාදික්කාවලින් පුරවා තිබූ බවට සඳහන් වන බව පුවත් වේ. බටහිර ජාතින් පෙරදිග වෙළදාම අත්පත් කරගත්කල සාදික්කා වෙළඳාම වැඩිදියුණු විය.
ක්‍රි.ව.600දී මෙය ඉතාමත් අලෙවි වීම වැඩිවූ නිසා එය වැදගත් වී අවසානයේදී මේ සඳහා ලේ ගැලීමක් දක්වා වූ ව්‍යාපාරයක් බවට පත්වූයේ සාදික්කා යුද්ධ හා මහා මනුෂ්‍ය ඝාතන සිදු වී ලේ වැකුණු බෝගයක් ලෙසටය. 1511දී මොලුනා දූපත් තම යටත් විජිත බවට පත්කරගත් පෘතුගීසින් සාදික්කාවලින් මහා ධනවත් බවට පත්විය. මෙසේ පසුව ලන්දේසින් විසින් පෘතුගීසින්යටත් කොට මොලුනා දූපත් බලය අතට ගෙන 1612දී සාදික්කාවල පූර්ණ බලය මහා මිනිස් සංහාරයක් කොට එම වැසියන් යටත් කොට වහලුන් ලෙස තබාගෙන කටයුතු කළ බවත් සඳහන් වේ. පසුව බටහිර රටවල මෙම සාදික්කා බලය තම අතට ගමින් ඉන්දීයන් සමාගම් හරහා බොහෝ රටවලට සාදික්කා ප්‍රචලිත කරන ලදි. 19 වන සියවස මූල්භාගයේදී බ්‍රිතාන්‍යයන් විසින් සාදික්කා වගාවක් ලෙසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වූ මිරිස්ටිකේසියේ ර්රපඪඵබඪජචජඥචඥ කුලයට අයත් ර්රපඪඵඪබඪජච ඤචජබරතධඪඤඥඵ උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලැබුණු මලබොඩ නම් ශාකය ද මෙයට සමාන වන නමුත් එය බුලත් විට සෑදීමට එදා ගැමියන් මිශ්‍රණයක් ලෙස යොදාගත්හ. නමුත් එය සාදික්කා තරම් ගුණවත් වූයේ නැත.
සාදික්කා සමහර රටවල මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනීම නිසා සවුදි අරාබියේ සමහර රටවල මෙය තහනම් ඖෂධයක් ලෙස නම්කර තිබේ. මෙය ඖෂධයක් ලෙස අප රට පමණක් නොව චීනය, ඉන්දියාව හා යුනිනි වෙදකමද ශ්‍රී ලංකාව ද ඖෂධයක් ලෙස භාවිතයට ගනී.
අස්වැන්න ගසේ ප්‍රමාණය හා වයස මත බලපායි. අවුරුදු 25 ක් වන විට උපරිමයෙන් අස්වනු නෙළා දෙන සාදික්කා වයස 35-40 වන අතර, ක්‍රමයෙන් අස්වැන්න හීනවීගිය ද, නමුත් වසර 100 ක් ගතවුව ද අස්වැන්න ලබාදේ. ගෙඩිය අතින් දෙකට කිරීම හෝ ස්වභාවිකව විවෘතවීම සඳහා එකට ගොඩගසා තැබීම ද විශේෂයක් වේ. තවද ක්‍රම රාශියක් වගාකරුවන් අනුගමනය කෙරේ.
සාදික්කා ග්‍රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ
තෙතමනය - ග්‍රෑම් 14.3
ශක්තිය - කැලරි 472
ප්‍රෝටීන් - ග්‍රෑම් 7.5
මේදය - ග්‍රෑම් 36.4
කාබෝහයිඩ්‍රේට් - ග්‍රෑම් 28.05
කැල්සියම් - මිලිග්‍රෑම් 120
පොස්පරස් - මිලිග්‍රෑම් 240
යකඩ - මිලිග්‍රෑම් 4.6
තයමින් - මයික්‍රොග්‍රෑම් 330
රයිබෝප්ලේවින්-මයික්‍රොග්‍රෑම් 10
නියැසින් - මිලිග්‍රෑම් 1.4
රසායනික ගුණ
වාෂ්පශීලී තෛලයෙහි අඩංගු මිරිස්ටීන් ර්රපඪඵබඪදඥ හා මිරිස්ටිකෝල් ර්රපඪඵබඪජචත මඟින් ඉමිහිරි සුගන්ධය ලබාදේ. මෙම වාෂ්පශීලී තෛලය ජලයේ දියවේ.
සාදික්කා ගස්වල ස්ථීර කොළ විශාල ප්‍රමාණයක් අඩංගු වේ. බටර් ඔප් නටිමෙග් යනුවෙන් හඳුන්වන මෙම ස්ථීර තෛලය සාදික්කා ගෙඩියේ චූර්ණය මඳ වේලාවක් හුමාලයෙන් තම්බා මිරිකා හැරීමෙන්ය.
වසාවාසි ග්‍රෑම් 100 ක
පෝෂණ ගුණය
තෙතමනය - ග්‍රෑම් 15.09
ශක්තිය - කැලරි 437
ප්‍රෝටීන් - ග්‍රෑම් 6.5
මේදය - ග්‍රෑම් 24.4
කාබෝහයිඩ්‍රේට් - ග්‍රෑම් 47.8
කැල්සියම් - මිලිග්‍රෑම් 180
පොස්පරස් - මිලිග්‍රෑම් 100
යකඩ - මිලිග්‍රෑම් 12.6
කැරොටින් - මයික්‍රොග්‍රෑම් 3027
තයමින් - මයික්‍රොග්‍රෑම් 250
රයිබෝප්ලේවින් -මයික්‍රොග්‍රෑම් 420
නියැසින් - මිලිග්‍රෑම් 8.4 අන්තර්ගත වේ.
වසාවාසිය සාදික්කා බීජයට සවි වූ දෙකින් සෙමෙන් කපා ඉවත් කර ගනී.
ආයුර්වේද ගුණයන්
සාදික්කා සෙම හා වාතය නසයි.
සන්ධි ඉදිමුම්වලට හා වෙනත් ඉදිමුම් අවස්ථාවලදී බාහිරව මතුපිට ඖෂධ සංයෝගව යෙදූ කල ඉදිමුම අඩුවේ.
ආමාශගත රෝග සඳහා ගුණදායක වේ. පණු රෝග සඳහා ගනී. ආහාර දිරවීම පහසු කරයි. චර්ම රෝග සඳහා යෙදේ. වාජිකරණ ගුණයක් මෙන්ම කොළරා , අතීසාරය සඳහා යොදාගන්නේ සාදික්කා තැම්බූ වතුර ඉක්කාව, පිපාසය සංසිඳවීම සඳහාය. මුඛ රෝගයන් සඳහා ද යොදා ගනී. දත් රෝග , දත් දිරායාම වළකයි.
වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක
subasetha
Comments
Post a Comment