වෘක්ෂ වන්දනය බුදුදහම හා තදින් බැඳී පවතී. වෘක්ෂ දේවතාවන්ට ද බුදුදහමින් විශේෂ තැනක් ලැබී ඇත. ඒ අනුව බුදු දහම අනුව වෘක්ෂ දේවතාවෝ සදෙනෙක් සිටිති.
ලෝක ශිවංකර දසබලධාරි ශාක්‍යසිංහ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරු ලෙස කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේදී උපත ලබන විට එහි පැවතුනේ ගහ කොළ වලින් සෙවණ දෙන රමණීය පරිසරයකි. එමෙන්ම නේරංජනා නදීතෙර ඇසතු රුක් මුලදී බුද්ධත්වයට පත්වන මොහොතේදී මුළු මහත් පරිසරයම ඒකාලෝක කරමින් අමුතුම ආලෝකයක් පැතිරෙමින් තිබුණි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට මහෝපකාරි වූ එමෙන්ම එම උපකාරයට ප්‍රතිඋපකාර වශයෙන් පළමුවෙන්ම බුදුන් වහන්සේගෙන් පවා ගෞරවයට පාත්‍රවූ සතියක් අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලද බෝරජාණන් ඒ හේතුවෙන්ම තුන් ලොවටම පූජනීය වස්තුවක් ලෙස බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පවා පුද ලදහ.
එමෙන්ම කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදී සල්ගස් දෙකක් අතර රුක් සෙවණේ පැනවූ යහනක සැතපී පිරිනිවන් පෑහ. බුදුරජුන් පිරිනිවන් පෑමෙන් පසුව ද බුදුසසුන පවතින තාක්ම බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේගේ තත්වයෙන්ම පුද පූජා ලබති. බුදුදහමේ ඓතිහාසික කරුණුවලට අනුව බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී තුරුලතාවන්ගේ සෙවණ ලබාගෙන ඇත. ඒ අනුව බුදුන් වහන්සේලා විසි අට නමක් බුද්ධත්වයට පත්වීමේදී සෙවණ ලබාදුන් බෝධිවෘක්ෂ අටවිසි බෝධිවෘක්ෂ නමින් හැඳින්වේ. විශේෂයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බෝධින් වහන්සේලා හා විවිධ වෘක්ෂ පූජනීයත්වයෙන් සළකා වැඳුම් පිදුම් කරති. ප්‍රධාන වශයෙන් පුද පූජා පවත්වන්නේ බෝධින් වහන්සේටයි. එනම් මල් පහන් ගිලන්පස හා සුවඳ දුම් දී දෝවනය කිරීමත් සිදුකරන්නේ මහත් භක්තියෙනි.
ඖෂධීය ශාක විශේෂ වශයෙන් සැලකීමේදී අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් වෘක්ෂ විසි දෙකක් උපයෝගී කරගෙන ඇත. බුදුන් වහන්සේලා කීප නමක්ම එකම ශාකවලින් සෙවණ ලබාගෙන ඇත. ඒ අනුව තණ්හංකර බුදුහිමි රුක් අත්තන (සත්පත්තිනි බෝධිය) මේධංකර බුදුහිමි ගස්කදල බෝධිය (කිංසුක බෝධිය) සරණංකර බුදුහිමි පාඨලී බෝධිය (පළොල් වෘක්ෂය) විපස්සී බුදුහිමි පාඨලී බෝධිය දීපංකර බුදු හිමි කප්පිත්ත බෝධිය (පිප්ඵලී බෝධිය) කොණ්ඩඤ්ඤ බුදු හිමි සාලකල්‍යාණ බෝධිය වෙස්සභූ බුදු හිමි සාලකල්‍යාණ බෝධිය (ඉන්දියානුසල්) සුමන බුදුහිමි රේවත බුදුහිමි සුමන බුදු හිමි සෝභිත බුදු හිමි නාග බෝධිය නා (නාගරුක්ක බෝධිය, අනෝමදස්සී බුදුහිමි අර්ජුන බෝධිය (කුඹුක්) නාගරුක්ක බෝධිය අනෝමදස්සී බුදු හිමි අර්ජුන බෝධිය (නාගරුක්ක බෝධිය පදුම බුදු හිමි නාරද බුදු හිමි, (මහාසෝන බෝධිය) මුරුත (කේනරුක්ක බෝධිය)
පදුමුත්තර බුදුහිමි සරල බෝධිය (හොර) සලල බෝධිය සුමේධ බුදුහිමි නීඝ බෝධිය (බක්මී) නීපරුක්ක බෝධිය සුජාත බුදුහිමි වේළුබෝධිය (කොළ උණ) මහාවෙනු බෝධිය පියදස්සී බුදු හිමි කුකුඹ බෝධිය (රුක්) පියංගුබෝදිය අත්ථදස්සී බුදු හිමි චම්පික බෝධිය (සපු) ධම්මදස්සි බුදු හිමි (කුරාවක) බිම්බජාල බෝධිය සිදත්ථ බුදු හිමි කනිකාර බෝධිය (කිනිහිරියා) කරණකාර බෝධිය, තිස්ස බුදුහිමි ආසන බෝධිය ඵුස්ස බුදුහිමි ආඛිල බෝධිය සිඛී බුදු හිමි පුන්ඩරික බෝධිය (ඇටබ) කකුසද බුදුහිමි සිරිසි බෝධිය (මාර සංඝ්‍ය බෝධිය) සෙබු බුදු හිමි සාල බෝධිය කෝණාගම බුදුහිමි උදුම්බර බෝධිය (අට්ටික්කා) කාෂ්‍යප බුදුහිමි නිග්‍රෝධ බෝධිය (නුග) මහනුග ගෞතම බුදුහිමි (අසත්ත බෝධිය (ඇසතුබෝ) නුගගස්වලත් රුක් ගස්වලත් දෙවිවරුන් අරක් ගෙන සිටින බව විශ්වාස කරමින් එම වෘක්ෂවලටත් සහන් ආලෝකය ලබාදෙමින් පුද පූජා පවත්වති.
වෘක්ෂ වන්දනය බුදුදහම හා තදින් බැඳී පවතී. වෘක්ෂ දේවතාවන්ට ද බුදුදහමින් විශේෂතැනක් ලැබී ඇත. ඒ අනුව බුදු දහම අනුව වෘක්ෂ දේවතාවෝ සදෙනෙක් සිටිති. එනම් ආරාම අධිගෘහිත වන අධිගෘහිත, වෘක්ෂ අධිගෘහිත, ඖෂධී අධිගෘහිත, තෘණ අධිගෘහිත හා වනස්පති අධිගෘහිත වශයෙනි. මින් පුෂ්පාරාම අධිගෘහිතවූවෝ නම් ආරාම දේවතාවෝය. වෘක්ෂයන්ට අධිගෘහිත වූවෝ වෘක්ෂ දේවතාවෝය.
මලින් තොර ඵල හටගන්නා වෘක්ෂයන්ට අගෘත වූවෝ වනස්පති දේවතාවෝය. බෙලිගස ද හින්දු භක්තිකයින්ගේ මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේ පූජනීය වෘක්ෂයකි. නාගස ද දේවතාවන්ගේ අගෘහිත වෘක්ෂයකි. බොහෝ වෘක්ෂයන්ට මෙන්ම නුගගස්වලට හා නාගස්වලටත් රුක්ගස්වලටත් වගේම අටවිසි බෝධීන් වහන්සේලාට අයත් පූජනීය වෘක්ෂයන්ටත් පුද පූජා පවත්වති. කොසඹ ගසත් හින්දු බැතිමතුන්ගේ ගෞරවාචාරයට ලක්වන වෘක්ෂයකි. රෝගීවූ භික්ෂූන්ට වෘක්ෂයන්ගේ කොළ, දලු, මුල්, මල්, පොතු මැලියම් ආදී ශාක ඖෂධයන් බෙහෙත් සඳහා යොදා ගැනීමටත් ශාකපත්‍ර තැම්බූ ජලයෙන් වන තුවාල පවිත්‍ර කිරීමටත් ගන්නා ලෙසත් බුදුන් වහන්සේ අනුදැන වදාළහ.
සටහන –
එස්.එස්.එස් ප්‍රනාන්දු
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,
මැණික් නේරංජනා
හෙට්ටිආරච්චි
subasetha
Comments
Post a Comment