මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය සම්පූර්ණය . එහි මල කහපාටට හුරු සුදු වර්ණවත්ය. දළ පාදයෙහි ඇතුල් පැත්ත බූව සහිතය. ශාකය බොහෝ අලංකාරය.
දේශීය වෛද්‍ය ක්‍රමයේ කැඩුම් බිඳුම් ගෙඩි , වණ වෛද්‍ය ප්‍රතිකාරවලට යොදා ගන්නා ප්‍රබල ඖෂධයක් වන අංකෙන්ද ඖෂධයට ව්‍යවහාර කෙරෙන නම් බොහොමයකි.
අංකෙන්ද නගුගෙදි, අඹගෙදි, ලුනං ගෙදි යනුවෙන් සිංහලෙන්ද සංස්කෘත භාෂාවෙන් ආමුගන්ධක අපකෝටගම්බාධක් බෙන්තුවා ද ද්‍රවිඩ භාෂාවෙන් මුත්තයිනාරී, කුට්ටුකන්ති ඉංගී‍්‍රසියෙන් ඛ්තචඹ ටතධඹඥපඥඤ තචභපඥත තචභපඥත තචඬඥ ඹධධඤ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. අංකෙන්ද ශාකයේ පංචාංගයම ඖෂධ සඳහා යොදා ගනී.
මෙම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය සම්පූර්ණය . එහි මල කහපාටට හුරු සුදු වර්ණවත්ය. දළ පාදයෙහි ඇතුල් පැත්ත බූව සහිතය. ශාකය බොහෝ අලංකාරය. පිරමිඩයක ආකාරයට අතු ඉති විහිදිමින් වැඩෙන නිසා ගසයට සිසිල් බවක් ගෙන දේ මේ නිසා අඳුරු ගතියක් පවතී.
සමහර පත්‍ර බෝඹු කොළ හා සමානය. කොළ පේර කොළමෙන් බොකටු කොළ පවතී. මෙළොක් ගතියෙන් යුත් පොත්තක් සහිතය. කුඩා ශාක සිනිදුය. එහි බූව ගතියක් පවතී. අංකෙන්ද පත්‍ර තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන ගතියක් පවතී. මලද වතු සුද්ධ මලක් මෙන් හැඩයක් ගනී. ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරි, මාර්තු,අපේ‍්‍රල් යන මාස අතරතුරදීය. මල් එකට එකතුව පොකුරු මෙන් හටගනී. අංකෙන්ද පත්‍ර පොඩි කරන විට මිහිරි අබ සුවඳකට සමාන සුවඳක් වහනය වේ.
අංකෙන්ද ප්‍රභේද දෙකක් ඇත. අංකෙන්ද, ලුණු අංකෙන්ද යනුවෙනි. එහෙත් ලුණු අංකෙන්දත් අංකෙන්දත් දෙකෙහිම ස්වරූපයෙන්ද ගුණයෙන්ද එක හා සමානය. අංකෙන්ද ගෙඩි ඉදුණු විට කළුපාටය.
ලුණු අංකෙන්ද ගෙඩි දුඹරුවූ සුදු පැහැයක් ගනී. මේ අතර තුන්පත් අංකෙන්ද නමින්ද ශාකයක් ගැන සඳහනි. එය බෙහෙවින් දුර්ලභවූ ශාකයකි. මෙම අංකෙන්ද ශාක ශ්‍රීලංකාව ඉන්දියාව, නැගෙනහිර බෙංගාලය, තායිවානය, චීනය, මලයාව , පැපුවා,නිව්ගිනියාව ආදි රටවල ව්‍යාප්තව පවතී. ඒ ඒ රටවල දේශගුණික තත්ත්වය මත ශාකයේ වර්ධනය බෙහෙවින් සිදුවේ.
ශාකයේ ළා රිකිලිවල කොළ කැටී කුඩා පුෂ්පමංජරි හටගනී. ඒවායෙහි මල් හට ගනු ලබන්නේ එකටය. මලෙහි රේණු අටක් පමණ වන අතර පෙති හා කේෂර මැද කුඩා ගැටයක් මෙන් දිස්වේ.
අංකෙන්ද ගෙඩි පැඟිරි සුවඳින් යුක්ත වේ. ආයුර්වේදයට අනුව අංකෙන්ද ගුණාකර්ම වශයෙන් තික්ත කෂාය අම්ල රසය උෂ්ණ රූක්ෂ ගුණය. උෂ්ණ වීර්ය කටු හෝ අම්ල විපාකය, දෝෂකර්ම වශයෙන් වාත කඵ (සෙම) හරයි. රක්තදෝෂ නාශක වේ.
බොහෝ විට අංකෙන්ද චූර්ණ තෛල මැල්ලුම් පත්තු ආදී ශරීරය පිටත ප්‍රතිකාර සඳහා උපයෝගි කරගනිති.
ගඩුවනයට
අංකෙන්දය මුල් යුෂ ගෙන එක ලා
දුම්මල කුඩු හීනි පිටිසරි ලා
කබලුද පිසමින් ගෙඩි වන දැක ලා
එතුවොත් ගුණවෙයි සැමවන එක ලා
තරණය අංකෙන්දය කොළ පොතු ගෙන
ගොන් කැකිරිද කුඩු මිරිස දකිතු ලෙන
මෙකි මෙ ඔසු කොටමින් කහ ලුණු ගෙන
සෑම ගඩුවලට මලවා බඳි මින
සියලු ගඩුවලට
රුක්අත්තන වැල්කොළ මුල් ගෙන පො තු
රත්මල් අංකෙන්දය තිමිරිය පො තු
බක්මී මඩිතය වෙල්ලංගිරි පො තු
කරන දෙබට එරමිනි එරබදු පො තු
ඇම්බරංගා ලුණුවරණය පොතු මා
ගොඩ කිලිලිය කරදර පොතු සැවො මා
කුඩු වෙලා මදුරුද අත්තන මා
කුප්පමේනිය මුරුවා ගෙන සැවො මා
මෙකී කොළද මුල් මැඩ යුෂ ගන්නේ
තෙල් පස්වගයද තලතා ගන් නේ
ඉඟුරු මිරිස් කුළුපස සමඟින් නේ
ලසුනුද තිපලුත් සමකට ගන් නේ
අංකෙන්ද ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ අමුවෙන්ය. එහෙත් බොහෝ විට අන්කෙන්දවල හිඟකම නිසා සොයා ගැනීමට අපහසු වේ. දරුණු කැඩුම් බිඳුම් තැළීම්වලට ලක් වූ රෝගීන්ට අංකෙන්ද කොළ පොතු කැඳ පවාදීමට සුදුසු බව පොත්පත්වල ද සඳහන් වේ. සෙම්ගෙඩි , මස්දලු ඇතුළු උගුරේ හටගනු ලබන සියලුම රෝගවලට ගඩු, කුද්දැටි, වලිප්පු, රතගාය, මීවිෂ , සර්පවිෂ ආදී රෝග රැසකටම ගුණ ලබාදෙන සර්වවිෂාදි තෛලයට ද අංකෙන්ද ප්‍රධාන කොට ගනී. අංකෙන්ද පොතු, මුරුංගා කොළ, පොතු, මල් ගස්කැප්පිටියා පොතු, එරබදු පොතු, සියඹලා පොතු අමුක්කරා කොළ, පොතු, මී කොළ පොතු, නා පොතු සපු පොතු, දිවුල් පොතු, ආඩතෝඩා කොළ, පොතු නිකකොළ පොතු හාතාවාරිය අල, කොළ, වැල්, එරඬු කොළ පොතු මගුල්කරඳ කොළ, පොතු, වල්කැප්පිටියා කොළ, මදටිය කොළ, පොතු කොහොඹකොළ පොතු කුරුඳු කොළ පොතු ඇතුළු තවත් ඖෂධ තිහකට වඩා වැඩි ප්‍රමාණයක් සර්වවිෂාදි තෛලයට ගනු ලැබේ. හදිසියේ ඇද වැටීමෙන් හෝ පොරබැදීමකින් හෝ අස්ථිවලට සිදු වන හානියකදී එය යථාතත්ත්වයට පත්කර ලීම සඳහා විශේෂිත ප්‍රතිකාරයකි. අංකෙන්ද අඩංගු පත්තු හා මැල්ලුම ලබාදීම. අංකෙන්ද දේශිය වෛද්‍ය ප්‍රතිකාරයේදි බෙහෙවින් උපයෝගි කරගන්නා ඖෂධයකි.
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ වෛද්‍ය
එම්. වසන්ත පද්මකුමාර
සටහන
බී.ඇල්. පේ‍්‍රමරත්න
subasetha
Comments
Post a Comment