දෙවිවරු විවිධ ගස් අරක්ගෙන ඇත. ඒ අතරින් නෙල්ලි ගසට අරක් ගත් දෙවි කෙනෙක් සිටිති. විෂ්ණු දෙවියන් මෙම ගසේ වාසය කරන්නේ යැයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකිකයන් සහ භාරත වැසියන් මෙම ගසට පූජනීයත්වයෙන් සලකති. විටමින් අඩංගු ගුණදායක පලතුරක් ලෙසින් සලකන නෙල්ලි ‘පංචාරසා’ යන නම ද පටබැඳී තිබේ. මෙහි ලවණ රස නෙල්ලිවල නැත. ධෘත්‍රි අමලා නෙල්ලිවලට වෙනත් ඕෂධීය නම් ය. ශ්‍රී ලංකාව පුරා ස්වභාව ධර්මයෙන් වැවුණත් ඉන්දියාව වාණිජ වගාවක් ලෙසින් රට පුරා බහුලව වගා කරනු ලබයි. මීට අමතරව බංග්ලාදේශය, පකිස්ථානය, මැලේසියාව, නේපාලය, චීනය, භූතානය, සියමය, ජපානය, දකුණු අපි‍්‍රකානු රටවල හා ඕස්ට්‍රේලියාවේ බහුල ලෙස වැවේ.
නෙල්ලි ගස පොළොවට ඍජුව නැත. කඳෙන් පැන නඟින ශාක රාශියක් වේ. කඳේ හා ශාකවල පිට පොත්ත තුනීය. කඳ ලා පැහැයට හුරුය. පත්‍ර සිහින්ය. දිගටිය. ළා කොළ පාටින් දිස්වේ. මෙම ගසේ ගෙඩි, කොළ, මල්, ඇට, මුල් ඖෂධ සඳහා භාවිතයට ගනී. මිනිසාට හිතකර හා සුවදායක පරිසරයක් නෙල්ලි පරිභෝජනය මඟින් ඉටුකර ගත හැකි වේ.
උද්භිද විද්‍යාත්මක නාමය ර්‍ථඩරතතචදබඩභඵ ඥථඡතඪජච වේ.
සිංහල – නෙල්ලි
දෙමළ – අද,කොරම්, ඉන්දුල්, කමිටු, නෙල්ලි, කත්තිරි, සිරොටම්, පේරු, නෙල්ලි
හින්දි – අම්ල, අනෝලා, අන්වුරා
සංස්කෘත – අමලකි, අදීපාල, අම්රිටා, ධාත්‍රිකා , ජාටිපාල ,තත්තිරි, පංචරස, රෝචනී, කායස්ත
පර්යාය නම් – ඛ්ඪජඥච ඥදඡතඪජච ඬභපර
කුලය – ඡ්භනඩධපඡඪචජඥචඥ
නෙල්ලි ශාකය මධ්‍යම ප්‍රමාණයේ ගසකි. ගසේ උස මීටර් 10-16 ක් පමණ උසය. ඊට වඩා උස ගස් ද දැක ගත හැක. නෙල්ලි ගසේ මල් ඒක ලිංගිකය. මල් කොළ පාටට හුරු කහ පාටය. නෙල්ලි ගෙඩි ගෝලාකාරය. ගෙඩියක් විෂ්කම්භය සෙ.මී. 4 ක් පමණ වේ. ගෙඩි මත සිරස්ව පිහිටි ඉරි 8 ක් දැකිය හැකිය. ඒවා මෘදු ස්වරූපයකින් යුක්තය.
නෙල්ලි ශාකය බීජ මඟින් බෝකරගත හැකිය. මෙසේ බෝකර ගැනීම එතරම් පහසු නොවේ. වසර දෙකකට වරක් නෙල්ලි ශාකය කප්පාදු කළ යුතුය. මෙසේ කප්පාදු කිරීමේදී රෝගී අතු, දූවිලි, අතු, මැරුණූ අතු, නොකඩවා ඉවත් කළ යුතුය. ඉන්දියාවේ මෙය වාණිජ වගාවක් ලෙස නෙල්ලි ගස් වවති. නෙල්ලි ගස්වල වර්ධනයට පොහොර යෙදිය යුතුය. මේ සඳහා තෙත කොළ රොඩු, පිදුරු , විවිධ ගස්වල අපද්‍රව්‍ය දැමීමෙන් නෙල්ලි ශාක වවා ගැනීමට පුළුවන.
පැළ සිටුවීමෙන් වසර 10-12 කින් ද ගස් පීදේ. නෙල්ලි ගෙඩි සාමාන්‍ය තත්ත්වය යටතේ දින 6-10 ත් අතර කාලයක් තබා ගැනීමට පුළුවන් වේ. හොඳ හැටි ලුණු යෙදීමෙන් දින 120ක පමණ කාලයක් ගබඩා කර ගැනීමට පුළුවන් වේ. ශීතකරණ ගබඩාවක නෙල්ලි මාස තුනක කාලයක් තබා ගත හැකිය.
මේ වන විට ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල නෙල්ලි ශාරය මඟින් ෂැම්පො, ජෙල් වර්ග, හිස්කෙස්වල පෝෂණය සඳහා තෙල් වර්ග නිපදවති. මේ වන විට බටහිර රටවලද හොඳ ඉල්ලුමක් පවතී.
නෙල්ලි වූ කලි ආයුර්වේදයේ ප්‍රකට හා ජනපි‍්‍රය ඖෂධයක් වූ ත්‍රිපලාවලට එන සංඝටකයකි. අනෙක් ඖෂධ දෙක වන්නේ අරලු සහ බුලුය.ආයුර්වේදයේ ත්‍රිපලා දෙනු ලබන්නේ රුධිරයේ සීනි මට්ටම පැහැදිලි ලෙස අඩුවන බව ඉන්දියාවේ චෙන්නායි මධ්‍යම පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් පෙන්වාදී තිබේ.
දියවැඩියාවට ඇහැල මුලේ පොතු, නෙල්ලි, රසකිඳ කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා, මී පැණි දමා උදේ සවස බීම ට දීමෙන් සීනි සාන්ද්‍රණය අඩුවේ.
අරලු, බුලු, නෙල්ලි කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ සවස පානය කිරීම
අමු නෙල්ලි තම්බා ගත් වතුර දිනකට වාර දෙකක් පමණ බීමෙන් දියවැඩියාව නිට්ටාවටම සුවවන බව වෙද පොත්වල සඳහන් වේ.
නෙල්ලි කොළ තැම්බූ වතුරෙන් මුඛය සේදීමෙන් කටේ තුවාල සුවවේ. මීට අමතරව නෙල්ලි, දෙහි ඇට සමඟ රේණු ගෙන මේ තුන් වර්ගයම මිශ්‍රකර උළුහාල් ස්වල්පයක් හා ගොඩපර එකට දමා තම්බාගත් ජලයෙන් යොවුන් කාන්තාවන්ගේ හිස සේදීමෙන් හිස්හොරි නැතිකරගත හැක. මෙය සතියකට වරක් හිස සේදීමෙන් හිසේ බර ගතිය ද නැතිකර ගත හැක.
ඇස් පෙනීම දියුණුවීම, වාත ශක්තිය, දියුණු වීම, මූත්‍ර රෝග, මූත්‍ර අඩස්සිය ඇතිවීම, මූත්‍ර දැවිල්ල ඇතිවීම නෙල්ලි උණුවතුරෙන් අඹරා ගෑමෙන් ඉක්මනින් සුවවේ. ස්ත්‍රින්ගේ බඩ කොරවීම, ආහාර අරුචිය ඇතිවීම වැනි මිනිසාට හිතකර රැසක් නෙල්ලි පරිභෝජනය මගින් ඉටුකර ගත හැකිවේ.
දොස්තර ආර්.ඩී. ලෙනෝරා
ඔසුතුරු පදනමේ
සනත් ලෙනෝරා
subasetha
Comments
Post a Comment