සංස්කෘත භාෂාවෙන් “භාර්ංගී” යනුවෙන් හඳුන්වන ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සිරිතේක්කු නමින් හඳුන්වයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන සිරිතේක්කු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් චිරාත් කාලයක් “භාර්ගී” සඳහා භාවිත කර ඇත. එසේම ද්‍රව්‍ය ගුණ ශාස්ත්‍රයේ සඳහන් “භාර්ංගී” වල ගුණ සිරිතේක්කුවල දක්නට ලැබේ. කාස, ශ්වාස, පීනස(උණ) සහ වාත නසන ගුණ “භාර්ගී” වල දක්නට ලැබෙන අතර, එම ගුණ එලෙසින්ම සිරිතේක්කු වල ද විද්‍යමාන වේ. මේ අතර, භාර්ගී ලෙස භාවිතයට ගැනෙන ද්‍රව්‍යයන් 4 ක් වේ.
1.බෙංගාල ප්‍රදේශයේ බෘමුත් හාට් (බ්‍රහ්ම යෂ්ටි, බ්‍රහ්ම යෂ්ටිකා) හෙවත් Clerodendrum siphonanthus R.Br. (Siphonanthus indica) නමැති පැළෑටිය “භාර්ගී”ලෙස භාවිත කරන අතර, මෙය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන පින්න උපකුලයට අයත් වන අඩි 4 -8 දක්වා උසැති පින්න මල්වලට සමාන සුදුමල් සහිත කඳක් සිව් දිගට විහිදුණු අඟල් 6-9 දිගින් සහ අඟල් 1 -1 1/2 පළලින් යුතු පත්‍ර 3 -5 දක්වා පන්ති සහිත ශාඛා රහිත පැළෑටියකි .බංගලි පින්න ලෙස ද හඳුන්වන මෙය සැරයටියක් හා සමාන වන අතර, මල් පිපුණු වහාම සුදු පැහැයෙන් ද පසුව බටර්, පැහැයෙන් ද යුතු වේ.
2.Cerodendrum Seratum Linn Moon යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කෙන්හිඳ භාර්ංගී යනුවෙන් ආචාර්ය පි‍්‍රයව්‍රත ශර්මා සහ ඨාකූර් බලවන්ත සිංහ යන සුප්‍රසිද්ධ ද්‍රව්‍ය ගුණ විද්‍යාඥයන් විසින් පිළිගනු ලබන අතර, මෙම ශාකය උඩරට කඳුකර ප්‍රදේශවල ද සුබලව ඇත. මෙම කෙන්හිඳ ශාකයේ මල් ලා නිල් පාට වන අතර, මඳක් සුවඳ ඇත. මෙහි මල් සහ මුල් බුලත් විට අයත් උපාදානයක් වන අතර, මෙම මුල් සමඟ බුලත් සැපීමෙන් දත් රෝග අඩු වී සවිමත් වීම ද සිදු වේ. ව්‍රණ ශෝධන (තුවාල පිරිසුදු කරන) සහ චර්ම රෝග නාශක ගුණ මෙහි පවතින අතර කොළ තැම්බූ ජලය දියමිටියන් කෑ වණ වලට අගනා ඖෂධයකි. කෙන්හිඳ සඳහා දෙමළ, බසින් සිරැඩේක්කු සහ සිරිතේක්කු යන නාම යෙදෙන අතර, ආචාර්ය ට්‍රයිමක් ද මෙය භාර්ගී ලෙස හඳුන්වනු ලබයි.
3.සමහර අය ශ්‍රී ලංකාවේ වැවෙන ගස් පින්න හෙවත් පින්න නාමයෙන් හඳුන්වනු ලබන lerodendru minfortunatum (Linn) Gearth යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකය භාර්ගී ලෙස ගනු ලබයි. ප්‍රකට චර්ම රෝග නාශකයන් වන මෙහි කොළ තම්බා ගත් වතුර කුෂ්ඨ ආදියට අගනා ශෝධකයකි. එසේම දලු සහ හුණු අඹරා ගත් ප්‍රලේපය හදිසි කැපුම් තුවාල වහා සුව කරයි. තව ද මෙය රක්ත ශෝධනයකි.
4.ඇතැම් දෙනා Prernnaher bacea නම් පැළෑටිය භාර්ගී ලෙස යොදයි. මෙය කෙන්හිඳ ගසට බෙහෙවින් සමාන වෙයි.
ඉහත දක්වන ලද 1,2,3,4 යන ශාකයන් හතර එකම කුලයට එනම් VERBENACEAE හෙවත් නුර්ගුණ්ඩි කුලයට අයත් වන අතර, එයින්ද 1,2,3 යන ශාකයේ පින්න උප කුලයට අයත්ය.
ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන සිරිතේක්කු මෙම ශාක වර්ග හතරෙන් එකක් ලෙස සැලකිය හැකිය. මේ අතර, නිර්ගුණ්ඩී කුලයට අයත් ද්‍රව්‍ය භාර්ගී සඳහා වඩාත් යෝග්‍ය වන අතර, එයින් ද කෙන්හිඳ මුල් යෙදීම ප්‍රතිනිධියක් ලෙස වුව ද යෝග්‍ය වේ. සම්පූර්ණ විනිශ්චයක් ලැබෙන තෙක් ව්‍යවහාරයේ ඇති සිරිතේක්කු සෑම අතින්ම සුදුසු යැයි නිගමනය කළ හැකි වේ.
වැවෙන ප්‍රදේශ
* විදේශීය වශයෙන්
හිමාලයෙහි නිම්න භූමි විශේෂයෙන් නේපාලය, බෙංගාල්, බිහාර් සහ දකුණු ඉන්දියාවේ වැවෙන ශාකයකි.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ උඩරට කඳුකර ප්‍රදේශවල සුලභ ලෙස දක්නට ලැබේ.
සිරිතේක්කු පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම
* සිංහල නාම
සිංහල බසින් – දම්දෙව් සුදු වන අතර
සංස්කෘත බසින් – භෘර්ංගී, භාර්ගී, පද්මා, බ්‍රාහ්මණ, යෂ්ටිකා, කවරශාක, ශක්‍රමාතා, ගඳිභශාක, අංගාරවල්ලී, ඵඤ්ජිබ්‍රහ්ම සුවර්ණ වසා, කෘසඝ්නී, භාංගජා, භාගිවා, වර්ෂා, යෂ්ටි, වාතාරි, සුරුපා, භ්‍රමරේෂ්ටා, භෘගුභවා, බ්‍රාහ්මණී සහ භඤ්ජිකා යන නාමයන් යෙදේ. මේ අතුරින්
* තවර ශාක – බූව ඇති බැවින් ද
* කාසඝ්නී – කැස්ස නසන බැවින් ද
* වාතාරි – වාතය නසන බැවින් ද
භෘගුභවා – සිකුරු ගෙන් උපන් බැවින් ද යෙදෙයි.
* හින්දි බසින් – සිරිතේක්කු සඳහා
භාර්ංගී බහනෛට් සහ බ්‍රහ්මනේට් යනුවෙන් ද
* වංග බසින්
බාමුන් හාට් යනුවෙන් ද
* දෙමළ බසින්
චිරුටේකු සහ සිරුඩේක්කු යනුවෙන් ද යෙදේ.
සිරිතේක්කු වල උද්භිත විද්‍යාත්මක නාමය
Clerodendrum Seratum (Linn) Moon
වන අතර
කුලය :– VERBENACEAE හෙවත් නිර්ගුණ්ඩී කුලය වේ
මෙම කුලයට අයත් අයෙකුගෙන් ශාකයක් වනුයේ ඊල්ල, දෙමට, ඇත්දෙමට, හීන්මිදි, තේක්ක සහ නික ආදියයි.
සිරිතේක්කු වල ස්වභාවය
මුල් පැළවීමෙන් විශාල වශයෙන් බෝවී යන “භාර්ගී” ආදී නම රාශියකින් හඳුන්වන සිරිතේක්කු ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා මැනවින් වැඩේ. ගස මේරුව විට මුදුනෙහි රතු, සුදු පැහැයෙන් යුතු මල් පොකුරු පිපෙන මෙම ගසේ ඖෂධ සඳහා ගනු ලබන්නේ ගැට සහිත මුල් ය. මෙම මුල් උණ , කැස්ස, ශ්වාස, ජලෝදර සහ වාතාබාධ සඳහා ගනු ලබන ඖෂධ යෝග සඳහා ප්‍රයෝග කරනු ලබන ඉතා අගනා ඔසුවකි.
ඖෂධීය අංග –
මුල්, මුලේ පොතු සහ කොළ ද මෙහිදී ගනු ලබයි
සිරිතේක්කු වල අඩංගු රසායනික උපාදාන
පිෂ්ඨ, තෙලෙ තක්ත, වීය¸ය ද්‍රව්‍ය සහ දුම්මල ආදිය අන්තර්ගත වේ.
ඖෂධීය ගුණ කර්ම පිළිබඳ සැලකීමේදී
රසයෙන් කටුක තික්ත කෂාය වන අතර, ගුණයෙන් ලඝු හා රූක්ෂ වේ.
* වීය¡¡්‍යයන්
උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේදී
උෂ්ණ නිසා සෙම්, වාත, ශාමක ගුණ යුතු අතර, සෙම් වාතජ රෝගයෙන් සඳහා ප්‍රශස්ත වේ. මෙහිදී කාස, කඵජ රෝග, ශ්වාස, පීනස්, ජ්වර රක්තජ රෝග, ගුල්ම ඉදිමුම් ආදි රෝග සඳහා විශිෂ්ඨ ගුණ දෙන, අතර ලේ පිරිසුදු කරන ගුණය ද ඇත. ආහාර රුචිය ද ඇති කරයි.
ශාරීරික ව්‍යුහා ගත ක්‍රියා
* බාහිර වශයෙන්
රක්තෝත්ක්ලේශක, ශෝථහර (ඉදිමුම් නසන) සහ ව්‍රණ පාචක ගුණ යුතුය. මෙහිදී ව්‍රණ පැසවීම සඳහා සිරිතේක්කු කොළ අඹරා ලේප කරයි. එසේම ගණ්ඩමාල ආදි රෝග සඳහා ලේප ලෙස යොදනු ලබයි.
* අභ්‍යන්තර වශයෙන්
ආහාර පරිපචන ව්‍යුහාවේදී
උෂ්ණ, කටුක සහ තික්ත නිසා දීපන, පාචන සහ අනුලෝමන ගුණ ඇත.
රුධිර සංසරණ ව්‍යුහායේදී
රක්ත ශෝධක (ලේ පිරිසුදු කරන)
සහ ශෝථහර (ඉදිමුම් නසන) ගුණ යුතු වේ. මෙනිසා ලේ දූෂිත රෝග සහ ඉදිමුම් සඳහා අතිශයින් යෝග්‍ය වේ.
ශ්වසන ව්‍යුහාවේදී
කළුස්න (සෙම් නසන) කාසහර( කැස්ස නසන) සහ ස්වාස හර වන අතර, ප්‍රතිශ්‍යාය, කාස, ශ්වාස සහ ක්ෂය රෝගයන්හිදී ප්‍රයෝග කරනු ලබයි. තව ද සිරිතේක්කු මුල් ස්වරසය ඉඟුරු යුෂ සමඟ මිශ්‍රව යෙදීමෙන් ශ්වාස වේගය සමනය කරනු ලබන අතර, ස්වරසය ඉඟුරු යුෂ සමඟ මිශ්‍රව යෙදීමෙන් ශ්වාස වේගය සමනය කරනු ලබන අතර, සිරිතේක්කු මුලේ පොතු චූර්ණය මී පැණි සහ ගිතෙල් සමඟ ලේහ කිරීමෙන් ශ්වාස වේගය මර්දනය කරයි.
* චර්ම ව්‍යුහාවේදී
ස්වේද ජනන (දහඩිය ඇතිකරන) ගුණ යුතු වන අතර, හොඳින් දහඩිය පිටකරනු ලබයි. තව ද ජ්වර (උණ) සඳහා යෝග්‍ය වන අතර, බලකාරක සහ රසායනික ගුණ යුතුය. තව ද සිපිලිස් නිසා හටගත් වාතරෝග, ආමවාත, ගණ්ඩමාල රෝගය සුවකරයි. අණ්ඩවාත රෝග අවස්ථාවලදී භාර්ංගී මුලේ පොතු බාර්ලි තැම්බූ වතුරෙන් අඹරා ආලේපයෙන් සුවය ලබා දේ.
ඖෂධීය මාත්‍රාව
මූල චූර්ණය රක්තිකා 6-24
ක්වාථය – කර්ෂ 5-10 වශයෙන්
සිරිතේක්කු අඩංගු ඖෂධ යෝග :–
ඇදුම ඇති විට –
සිරිතේක්කු චූර්ණ කර මී පැණියෙන් දෙනු ලබයි
ගණ්ඩමාලයට
සිරිතේක්කු හාල්පානු වතුරෙන් අඹරා ගනු ලබයි
මේ අතර සිරිතේක්කු අඩංගු ප්‍රකට කෂාය යෝගයන් අතර
පර්ණාස පංචක කෂාය
කණ්ඨකාය¸ාදී කෂාය
කාරව්‍යාදී කෂාය
ග්‍රන්ථින්ද්‍රවාදී කෂාය
කාමලක්‍යාදී කෂාය
දාරුපර්‍ප¡ටාදී කෂාය
රාෂ්ණා සිග්‍රැ
ආදි කෂාය යෝග ප්‍රධාන වේ.
මේ අනුව පැහැදිලි වන්නේ සිරිතේක්කු යනු අතිශයින් වැදගත් ඖෂධ යෝගයක් බවයි.
subasetha
Comments
Post a Comment