දිවි ඇති තුරා ආබාධිතව සිටීමට හෝ නැතහොත් මරණයට පත්වීමට ඉඩ ඇති. ලෝක ආඝාත දිනය ඔක්තෝබර් 29 දිනට යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඇස් නොපෙනී යාම, කන් නෑසීම, සමෙහි ඇතිවන අසාමාන්‍ය වේදනාව, හිරිවැටීම, ඇවිදීමේදී පාදගත අප්‍රාණිකත්වයක් මුහුණ හෝ කට පැත්තකට ඇදවී යාම, කට හඬ දුර්වල වීම, හෘදයාබාධ හෝ ශරීරයේ ඉන්ද්‍රියන් අඩපණ වීම, ශ්වසන අපහසුතා ද වෙයි. ආඝාතය යනු අංශභාගයේ රෝග ලක්ෂණයක් පෙන්නුම් කිරීමය.අධික රුධිර පීඩනය පාලනය නොකිරීමත් ආඝාතයට බලපාන තවත් හේතුවකි.
වැඩිහිටි වියේදී ඇතිවන රෝගයක් වන ආඝාතය මාරාන්තික වුවත් එය වළක්වාගත හැකි රෝගයකි. මෙය හදිසි යේ ඇතිවන රෝග තත්ත්වයකි. මොළයේ එක් කොටසකට හදිසියේ රුධිර සැපයුම අඩාළ වීමෙන් මෙය ඇති වේ.
මෙසේ රුධිර සැපයුම නතර වීමෙන් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි. ඉන් එහි ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ. මොළයේ වම් කොටසට යන රුධිර නාලයක් අවහිර වීම නිසා හෝ පුපුරා යාමකින් රුධිරය ඉන් එහාට ගලා නොයෑමෙන් මොළයට සිදුවන හානිය නිසා ඇතිවන රෝග ලක්ෂණයයි ආඝාතය. මොළයට ලේ සපයන රුධිරවාහිනීවල අවහිරතාව හෝ බාධාවක් ඇති වීමෙන් නැතහොත් ලේ සැපයීම නතර වුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ බෙහෙවින්ම ආඝාත තත්ත්වයකට පත් වීමයි. මෙහිදී මොළයට රුධිරය සැපයීම බාධාකාරි වීම හෝ රුධිරය සැපයෙන ස්වභාවය වෙනස්වීමක් ඇතිවුවහොත් ශරීරයේ අවයවවල දුර්වලතා හා වෙනස්වීම් සිදු වෙමින් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.
මොළයේ එක කොටසකට යන රුධිර නාලයක් අවහිර වීම මගින් හෝ පුපුරා යාමකින් සිදුවන හානිය බොහෝය . රුධිර නාල ගණ වීමෙන්ද රුධිර පීඩනය වැඩි වේ. එසේ වීමෙන්ද යම් හෙයකින් පුපුරා යෑමක් සිදු විය හැකිය. මෙහිදීද මොළයට රුධිරය කන්දරාවක් ගලා ඒම නිසාත් ආඝාතය ඇති වීමට හේතුවකි. තවද රුධිර කැටියක් සිර වීමෙන්ද මේ තත්වයට පත්වේ. මේ නිසා මොළයෙහි අදාළ ප්‍රදේශයේ ස්නායු සෛල මිය යාමකට ලක් වෙන අතර ඉන් සිදු වන්නේ ශරීරයේ පේශි ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ශරීරයේ එක් අතක එක් පාදයක ඇතැම් විට මුහුණේ කොටසක නැතහොත් ශරීරයේ එක් පසෙක ක්‍රියාකාරීත්වය අඩුවීමක් හෝ නැතිව යාමකි. මෙම රෝග අවස්ථා පිළිවෙළින් ඒකාංග ඝාත අර්දිත හෝ පක්ෂාඝාත ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. මෙම රෝගය ඇති වීමට භාවිත කරන වැරදි ආහාර රටාවන් මෙන්ම වැරදි ලෙස ආහාර ගැනීමත්ය. මේද අධික ආහාර ගැනීම, ආහාර නොගෙන සිටීම, අධික ව්‍යායාමය නැතහොත් අධික ලෙස ශරීරය වෙහෙසට පත්කිරීම, වැටීම්, තැලීම්, නිදිවැරීම් අධික ශීතලට නිරාවරණය වීම, තරහව අධික කෝපය යනාදී මානසික හේතුන්ද බලපායි.
ඊට අමතරව අධික රුධිර පීඩනය මොළයට සිදුවන හානි පහරදීම් ද මූලික වේ. ආයුර්වේදානුකූලව වාතය දෝෂ මුල්කරගෙන ඇතිවන පක්ෂාඝාතාදී රෝග නිසාත් රෝගියාගේ ක්‍රියා අඩපණ වේ. පක්ෂාඝාත රෝගයේදි ශරීරයේ එක් පසක සිදුවන අප්‍රාණිකත්වය හෝ දුර්වලකම මූලික ලක්ෂණය වේ. සුළු ආඝාත තත්වයකදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ ක්ෂණයකින් අතක පයක නැතහොත් මුහුණේ හිරිවැටීමක් සේ දැනීම, කතා කරන්න හදන විට ගොතයක් ඒම නැතහොත් කථාවේ පැහැදිලිකමක් නොමැතිවීම, පෙනීමේ දුර්වලතාවයක් තද කැරකැවිල්ල සමඟ එක දෙක වී පෙනීම, ඇවිද යාමට නොහැකිවීම, ශරීරයට පණ නැති ගතියක් දැනීම, ආදීන් සිදු වී ඒ ගතිය නැතිව යාමටද හැකිය. එසේ වුවද කල්පනාකාරීවිය යුතුය. වහා වෛද්‍යවරයෙකු වෙත ගොස් ඒ සිදුවීම පවා ප්රතිකාරගත යුතුය. නමුත් ක්ෂණිකව හෝ පසුවී හෝ මෙම රෝග ලක්ෂණ ඇතිවීම තත්වයේ බරපතලකම පෙන්වීමයි. එනම් ශරීරයේ එක් පැත්තක් පණ නැති වීම හෝ අංශභාගයේ ලක්ෂණයයි.
ඇස් නොපෙනී යාම, කන් නෑසීම, සමෙහි ඇතිවන අසාමාන්‍ය වේදනාව, හිරිවැටීම, ඇවිදීමේදී පාදගත අප්‍රාණිකත්වයක් මුහුණ හෝ කට පැත්තකට ඇදවී යාම, කට හඬ දුර්වල වීම, හෘදයාබාධ හෝ ශරීරයේ ඉන්ද්‍රියන් අඩපණ වීම, ශ්වසන අපහසුතා ද වෙයි. ආඝාතය යනු අංශභාගයේ රෝග ලක්ෂණයක් පෙන්නුම් කිරීමය.අධික රුධිර පීඩනය පාලනය නොකිරීමත් ආඝාතයට බලපාන තවත් හේතුවකි. රුධිර පීඩන මට්ටම 120/80 සිට 130/80 මට්ටමට පවත්වා ගැනීම හැමවිටම වැදගත් වේ. ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය උපදෙස් මත නොකඩවා ප්‍රතිකාර ලබා ගත යුතුය. එමෙනම රුධිර පීඩනය පාලනය සඳහා ලුණු ආහාරයට එක්කිරීම හැකිතාක් ප්‍රමාණයෙන් අඩු කළ යුතුය. තෙල් සහ මේද බහුල ආහාරද අඩු කළ යුතුය. තෙල් සහ පිෂ්ට අඩංගු ආහාර පාලනය කළ යුතු අතර කෙඳි සහ නිවුඩ්ඩ සහිත සහල් ධාන්‍ය වර්ග ,පලතුරු හා එළවළු වැඩි පුර ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුය. දිනපතා විනාඩි තිහක්වත් ඇවිද යා යුතුය. විනාඩි දහය බැගින් දෙවරක්වත් ඇවිද යාමට පියවර ගත යුතුය. පුද්ගලයකු පක්ෂාඝාතයෙන් පෙලෙන්නේ නම් එම රෝගියාට පමණක් නොදී පවුලේ අයටද ඇතිවන්නේ මහත් මානසික පීඩාවකි. වෙනත් රෝග මෙන් නොව පක්ෂඝාතයේදී ප්රකුපිතු වාතය ශරීරයේ අඩක් පුරා ආක්‍රමණය කර එම කොටසේ ධමනි. ශිරා ස්නායු ද අඩපණ කිරීමයි. පක්ෂාඝාත රෝගය කොටස් හතරකට වෙන්කර පෙන්වා දී තිබේ.
මස්තිෂ්කයේ ඇතිවන විකෘති නිසා ඒකාංග ඝාතය ඇතිවිය හැකිය. මෙහි නාඩි තන්තු පිහිටා තිබෙන්නේ දුරස්වයි.මේ නිසා බලපෑම් බොහෝ විට සිදුවන්නේ කුඩා ස්නායු ආශි‍්‍රතවයි. එක් අංශයක ඝාතය සිදුවන්නේ මේ නිසාය. මේ නිසා එම අංශයට සම්බන්ධ පේශි ලිහිල් වේ . එමෙන්ම අඩපණ වේ. අර්ධාංග ඝාතය බෙල්ලෙන් උඩ වම් කොටස අත්රාන්ත වුවහොත් ගෙලෙන් යට කොටස අත්රාන්ත වන්නේ දකුණූු අන්ත්‍ර යයි. හිසේ වම් පැත්තේ ස්නායු තන්ත්රිකා මස්තිෂ්කයේ වම් පැත්තද බෙල්ලෙන් වම් කොටසද අප්‍රාණිකත්වයට පත් කරයි. මේ තත්වය වැඩි වශයෙන් ඇතිවන්නේ වයසින් වැඩි පුද්ගලයන් අතරය. අධර අංශඝාතය මෙය කොඳු නාරටිය ඇසුරු කළ විකෘතිතාවක් හේතු වෙනි. නාඩි නහරවල මුල් කොටස අඝාත වීමෙන් ඉහත ආඝාතය ඇති වේ. එම ආඝාතය සිදුවන්නේ එක් පැත්තක පමණකි. නමුත් අනෙක් කකුලට ද පසුව එයට මුහුණ දීමට සිදුවේ. මේ තත්වය ළදරුවන් කෙරෙහි බලපායි. මස්තිෂ්ක ශෝථ මස්තිෂ්ක නාල ආවරණ ශෝථ අර්බුත ආදී උපතින් ලද විකෘතිතා අවස්ථා නිසා වෙනි. සර්වාංග ඝාතය මෙයින් සිදුවන්නේ මුළු ශරීරයම අඩපණ වීමයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment