අත් බෙහෙත් - කවියෙන්

ඔක්තෝබර් 16, 2020

එදිනෙදා අපට මුහුණ පෑමට සිදුවන සුළු රෝගාබාධයකදී වෛද්‍ය උපදෙස්වලින් තොරව පහසුවෙන් හා ඉක්මනින් සකස් කර ගත හැකි ඖෂධ හෙවත් අත් බෙහෙත් මනා ලෙස සිත් ගන්නා අයුරින් කවියෙන් කියැවුණු අවස්ථා බොහෝ ය.

බොහෝදෙනා අත් බෙහෙත් කිරීම ගොඩ වෙදකමක් යැයි උපහාසට ලක් කළත්, එය ඇත්ත වශයෙන්ම ප්‍රථමාධාරයක් බව කිව යුතු ය. අජීර්ණය, උණ, වැටීම් තැලීම්, උළුක්කු, කැපුම් කෙටුම් වැනි සුළු ආබාධවලදී වෛද්‍යවරයෙකු වෙත නොගොස් තමාම සුළු බෙහෙතක් කර ගැනීමට හෙළ සමාජය පුරුදු වී සිටිති. මෙය අදට වඩා එදා ජන ජීවිතයෙහි කැපීපෙනෙන ලක්ෂණයක් වීම සුවිශේෂීය.

බහු මුත්‍රයට හා විසි වැදෑරුම් ප්‍රමේහයට

රණවරා පසඟ වෙනිවැල් කලාඳු රු

තිපල් කුඹුක පොතු සහ අල සමග කි රු

පිටියේ මංඩියේ මී දෙමින් ඇඟ ද දි රු

තදින් මුත්‍ර යාමද විසි මේහ වෙයි දු රු

රණවරා පංචාංගය, වෙනිවැල් ගැට, කලාඳුරු අල, අරළු, බුළු, නෙල්ලි, කුඹුක් පොතු, වියළි කහ යන මේවා කලඳ බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා පත භාගය බැගින් සීනි, මී පැණි දමා උදේ සවස බීමෙන් පසු මුත්‍රා මෙන්ම විසි වැදෑරුම් ප්‍රමේහයට ශ්‍රේෂ්ඨ වේ.

 

නිතර බඩ බුරුල් වී යනවාට

කෙසෙල් තුළ ලා පෙරුම් කාය න්

සයාක් නොකරම ගිල්ල වා පන්

බුරුළු කර බඩ එළිය යා න න්

උතුළු බෙහෙතකි කී වෙදා ණ න්

පෙරුම්කායම් ස්වල්පයක් ඉදුණු කෙසෙල් ගෙඩියකට මැදි කර ගිලීමෙන් බඩඑළිය යාම නවතී.

 

විෂ කටු, යකඩ ඇණ ඇනුණාට

කෝමාරිකා පතක් ගන් න

උණු අළුවේ ලා තවන් න

දෙකට පලා කහත් ලන් න

ඇනුන කැපුන තැන බඳින් න

කෝමාරිකා පිත්තක් උණු අව්වේ තවා දෙකට පලා කහ දමා බැඳීමෙන් විෂ අදී

 

මළ බද්ධයට

වැල්මී අරළු සහ සූකිරි කුඩු හලලා

හිවලට කන්න බැරිවුණු දේ උඩ පැනලා

ගෙන මේ සියල්ලම අඹරා ගුලි කරලා

දින දෙක තුනක් බොනු ඇල් දිය රත් කරලා

වැල්මී, අරළු, සූකිරි කුඩු, වියළි මුද්දරප්පලම් යන මේවා අඹරා ගුලි කොට උණු දියෙන් දෙතුන් දිනක් බීමෙන් මළ බද්ධය දුරු වේ.

 

දෙබර විෂට

මිණිය මරා කැලයේ සැඟ වුවෙ කවුරූ

තනිය කියා උගුලා ගහ කොටි ඇඹරූ

ඇතිය මුකේ දෙබරා ගව එළි වෙඬරූ

පිණිය නැසේ රිවි දුට විෂ යති නපුරූ

 

එරමිනියා වැලේ මුල්, දිවි කදුරු ගසේ මුල් සමව ගෙන ඇල් දියෙන් අඹරා එළගව වෙඬුරෙන් අනා දෙබරා දෂ්ට කළ මුඛයේ ගානු. හිරු දුටු පිණි මෙන් දෙබර විෂ නැසේ.

 

අට වැදෑරුම් උණට

කූට මුත නාගරා අඹු සොඳ කට කාරී

අට අඹු ගෙනා සිටි අඹු එකකට බේරී

එම අඹු කනා සුක්‍රලා සතියක් නෑරි

අට එන ජොරා බැට කාගෙන යයි ෙ බ්රී

 

සුවඳ කොට්ටන්, රසකිඳ, වියළි ඉඟුරු, කටුවැල් බටු, කලාඳුරු අල යන මේවා දමා පත අට එකට සිඳගත් කෂායට තිප්පිලි කුඩු දමා පත දෙවරට බීමෙන් අට වැදෑරුම් උණ සුවවේ.

 

දණහිස් වේදනාවට

පොඟවා ගෙන කුරහන් ඇට

බිත්තර සුදු මද එක් කොට

සිනිදුව අඹරා කදිමෙට

ගාන්න දණ හිස් කෙවුමට

කුරහන් ඇට අඹරා බිත්තර සුදු මද සමඟ මිශ්‍ර කර දණහිසේ ආලේප කිරීමෙන් වේදනාව සමනය වේ.

 

ඇදුම රෝගයට

පාවට්ටා මුල්, කීකිරිඳිය ගන්න

පොල් සුණු පලා තිකටුනි කිඳි ගන්න

කැප්පෙටියා තිබ්බටු යන මුල් ගන්න

අටපතකට සිඳ දෙනු ඇදුම දුර ලන්න

 

පාවට්ටා මුල්, කීකිරිඳිය, පොල්පලා, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, රසකිඳ වැල්, කැප්පෙටියා මුල්, තිබ්බටු මුල් යන මේවා කෂාය කර සීනි, මී පැණි දමා බීමෙන් ඇදුම සුවවේ.

 

ලේ ගලන තුවාලයට

ලැජ්ජාවතී නින්දට හරි සූරි

කපා කොටා අඹරා ගනු අත නෑරි

කැපී කෙටී වැගිරෙන මුත් ලේ සාරී

බැඳි පමණින්ම සුව වේ දින සැක නෑරී

නිදිකුම්බා සහමුලින් ගෙන සෝදා පිරිසුදු කොට සියුම් ලෙස අඹරා තුවාලයට බැඳීමෙන් සුවවේ.

නාග විෂට නස්නය සඳහා

මඟුලේ යන අය දැක ලා

කුඹුරේ මඩ කලල් ක ලා

වැස්සට පැල යට ඉඳ ලා

නාග විෂට නස්න ක ලා

 

මඟුල් කරඳ, කුඹුරු ඇට මෑ, නර මුත්‍රයෙන් අඹරා නාග විෂට නස්න කිරීමෙන් විෂ බහී.

සර්ප විෂට

දොරකඩ මිදුලේ තැනූ ගසේ යා

පිං පොට ගසමින් නැග මුදුනේ යා

මිට මිට දෙමිටක් පත් සම ගේ යා

කැඳ පිස ගිතෙලින් දෙන් සතොසේ යා

 

කරපිංචා කොළ, පොතු කොටා මිරිකා ගිතෙල් දමා බීමෙන් සර්ප විෂ දුරු වේ.

 

වමනයට

දෙහි කොළ පොතුද අමු ඉඟුරු ද සුදු ලූනු

එක් කර කොටා මිරිකා ඉස්මද ගේනු

මී පැණි ටිකක් මුසු කර බඳුනට දානු

බොනු මැන සුව වේවි වමනය සුව නූනු

 

දෙහි කොළ, පොතු, අමු ඉඟුරු, සුදුලූනු යන මේවා කොටා ගත් ඉස්මට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීමෙන් වමනය සුව වේ.

 

බිම්මල් විෂ නැසීමට

කූර තම්පලා ඉඟුරු ද ගන් නේ

කොටලා මිරිකා පොල් කිරි ගන්නේ

දෙහි ඇඹුලුත් සහ පැසවා ගන්නේ

සියලුම බිම් මල් විෂ දුරු වෙන් නේ

 

කූර තම්පලා සහ මුල, ඉඟුරු යන මේවායේ ඉස්මට පොල් කිරි දමා කැඳ පිස, දෙහි ඇඹුල් මිශ්‍ර කර පානය කිරීමෙන් බිම්මල් විෂ නැසේ.

 

මී විෂට

සුළු කූරය මුල් ගන් නේ

මී පැණියෙන් අඹරන් නේ

ඒ සමඟම පොවමින් නේ

මූෂික විෂ නොතිබෙන් නේ

 

කූර මුල් මී පැණියෙන් අඹරා මී පැණි සමඟ බීමෙන් මී විෂ දුරු වේ.

කැස්සට

ශුණ්ඨි කකා සහිඳ ලුණු

මිරිස් නෙල්ලි විළඳ සුණු

සීනි ගිතෙල් මී යොදනු

කැසි මුස නම් ලේහ දෙනු

වියළි ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස්, සහිඳ ලුණු, නෙල්ලි, ඔළිඳ යන මේවායේ චූර්ණයට සීනි, ගිතෙල්, මී පැණි මිශ්‍ර කොට ලේහ කිරීමෙන් කාෂය දුරුවේ.

හිසරදයට

සහමුලයෙන් උඳු පියළී

පොල් සමඟින් කොටා නොමැලී

පොට්ටනි උදුනේ තැම්බිලි

තද ඉරසද යයි ඉගිලී

උඳුපියළි සහ මුල පොල් සමඟ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා හිසට තෙල් ගා නළල හා දෙපස තැවීමෙන් හිසරදය සුව වේ.

 

අර්ශස් ගෙඩිවලට

සාරණ සමගින් කූර මුලේ යා

ඉඟුරු සමග රතුලූනු අලේ යා

අරළුත් එකතුව කකාරවා යා

අර්ශස් ගෙවී පැන යාවි කැලේ යා

 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments