බහු මුත්‍රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික වේ. මධුමේහය (දියවැඩියාවේදී) මුත්‍රා සමඟ ශර්කරා පිටවේ. එවැනි අවස්ථාවලදී අධිකව මුත්‍රා පිටවේ. එවිට පිපාසය හටගනී.
ඔබ ආහාරයක් ගැනීමට ප්‍රමාද වන්නේ නම් එම අඩුව පුරවාලීමට වතුර ටිකක් පානය කරනවා නේද? ඔබ පානය කරන වතුර අමෘතයක් බව ඔබ දන්නවාද? එමෙන්ම බොහෝ පිපාසා ඇති වීම රෝගයක් බවද ඔබ දැනගත යුතුය.
දිය පිපාසාව සෑදීමට ජාති, කුල භේද හෝ උගත් නූගත්, උස්,මිටි භේද පක්ෂපාට, සුදු කළු, භේද ආදි දේ නොසලකයි. මෙකී තරාතිරම්හි සියලු දෙනාටමද ජලය අවශ්‍ය කාරණයකි. ප්‍රධාන වශයෙන් ජලය ඔසුවක් වන අතර පිපාසය සංසිඳේ. ස්නානය, ශරීර දෝවනය නිසා ශරීරයට නව පණක් ලැබෙනු ඇත. ජලය පානය අඩුවෙන් ගන්නා විටදී ශරීරය අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද වියළි තත්වයක් උදාවේ. පිපාසය අඩු වීමෙන් ශරීරයේ දාහය , නින්ද නොයාම, මුත්‍රා පිටවීම, අවම වීම, මුත්‍රා පෙරීම අඩු නිසා වකුගඩුවල ක්‍රියාකාරිත්වය මන්දවීම, විශේෂයෙන් මුත්‍රාගල් ඇතිවීම ශුක්‍ර ඉපදවීම අඩුවීම, යන රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම හිස රුදාව දෑසේ දැවිල්ල ඇතිවේ.
ඔබ දුර ගමනක් යන විටදී වතුර බෝතලයක් රැගෙන යාම නුවණට හුරු කරුණකි. මන්ද ශරීරයෙන් ඩහදිය පිටවෙන විට දිය පිපාසා ඇති වේ. එවිට දෙතොලට දිය පහස ඕනෑවේ. දින පතා වතුර බීමෙන් ශරීරය සමබරව පවත්වා ගෙන ගිය හැකිය.
අමතර ආහාර ගත් විටදී තේ හෝ කෝපි, කිරි ආදිය වෙනුවට උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසු වේ. උදෑසන අවදි වීමෙන් පසු මුව පිරිසුදු කර ඇල්වතුර වීදුරුවක් පානය කිරීමෙන් ශාරීරික ශ්‍රෝතස් මාර්ගයන් පිරිසුදුව ක්‍රියාත්මක වේ. හොඳින් මළ පහවේ. මුත්‍ර පිටවේ. සිරුරෙහි තුලනාත්මකභාවය රැකේ. වකුගඩු රෝග වලදීමෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි අවස්ථාවලදී ජලය පත හතරක් ගෙන උණුකර එක පතකට සිඳවා ගත් ජලය පානය කිරීම සුදුසු වනු ඇත. උෂ්ණාධික ආහාරපාන ගත් විට ශරීරයෙන් දුගඳ වහනය වේ. එවිට ඩහදිය ද දුර්ගන්ධ වනු ඇත. එවිට ශීතල ජලය ස්නානයෙන් ශරීරය උෂ්ණාධික බවෙන් මිදෙනු ඇත. උණුපැන් පානය සෑම වේලාවෙහිම හිතයි. උණුකර නිවාගත් ජලය පානයෙන් විෂ ද්‍රව්‍ය විනාශ වී යනු ඇත. එවිට වා, සෙම්, ආම දෝෂ නසයි. කුසගිනි උපදවයි. ආහාර නොදිරවූ කළ උණු ජලය ගැනීමෙන් වහා ආහාර ජීර්ණය වේ. පානය සඳහා උල්පත් හෝ ළිං, ජලය සුදුසු වේ. සුප් වර්ග , කිරි වර්ග, බීමෙන් ශරීරයට ස්වල්ප වශයෙන් ජලය ලැබේ.
වැසි ජලය පිරිසුදු ස්ථානයක බඳුනක් තබා ගැනීමෙන් ශරීරය ස්නානයට ද පානයට ද සුදුසු වේ. පිරිසුදු ජලය වීදුරු අටක් දිනකට පානය කළ යුතු බව සම්මතයේ පවතින අදහසකි. පිපාසය සංසිඳීමට නම්, ජල පානය පමණක් නියමිතය. අවස්ථා නෝචිතව වතුර නොමැති කල්හි වෑවර හෝ තැඹිලි වතුර යෝග්‍ය වේ.
දිය පිපාසාවෙන් පෙළෙන දරුවෙකුට පැණි බීම බෝතලයක් ගෙන දීමට වඩා වතුර බෝතලයක් හෝ සුදුසු නම් තැඹිලි වතුර ටිකක් ගෙනදීම නුවණැති කාරණයකි.
පිපාසය එක්තරා රෝගයකි. අප ශරීරයේ පවතින වාත, පිත්ත, කඵ එසේත් නොමැතිනම් වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ වාදයට අනුව වාත කුපිතයෙන් හටගන්නා පිපාසයේදී මුහුණ වියළි තත්ත්වයෙන් පවතිනු ඇත. පිපාසය වැඩිවේ. මුඛය වියළේ. එහි අනින්නාක් බඳු වේදනා ඇතිවේ.
පිත ප්‍රධාන කරගත් පිපාසයේදි නේත්‍ර රත් පැහැ ගනු ලබයි. කෑම අරුචිය පවතී. ක්ලාන්තය පවතින අතර මුඛයේ තිත්ත බව ඇතිවිය හැකියැ.
කඵ වෘද්ධියේදී නිදිබර ගතිය, මුඛයේ මධුර ගතිය, පැණි රස, ඇඹුල් රසයට පි‍්‍රය වීම, ලවණ රසයට ඇල්මක් දැරීම ආදිය වේ.
බහු මුත්‍රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික වේ. මධුමේහය (දියවැඩියාවේදී) මුත්‍රා සමඟ ශර්කරා පිටවේ. එවැනි අවස්ථාවලදී අධිකව මුත්‍රා පිටවේ. එවිට පිපාසය හටගනී.
ජලය ප්‍රභේද කිහිපයකින් දැක්විය හැකිය. එනම් සුවඳ ජලය, මේවා අතිශයින් ශීතය. පිපාසය නසනු ඇත.
ජලය අට වැදෑරුම් වේ. ගංගාපැන්, විල් පැන්, තඩාග පැන්, කෙම්පැන්, හුල්පැන්, බුබුල් පැන්, වැව් පැන්, ළිං පැන්, යනුවෙන් අට වැදෑරුම් ය.
කිළුටු ජලය – කුණු රසවේ. කිළුටු වන ලද මඩ.කොළ සෙවල ආදියෙන් යුක්තය. පණුවන් සහිත වේ.
අහස් ජලය බිමට පතිත නොවූ මෙම ජලය පානයෙන් තුන්දොස් නසයි. රසායනය බලය නුවණ වඩයි.
දේශවල ජලය ගංගා පර්වත ගස් වැල් ආදී ස්ථානවල ජලය ගන ද, බරද, බෙලෙසුල් ද වේ. මිහිරිද ගිනි නැසීමද, සෙම ඉපදවීමද වේ. ප්‍රමේහ බරවා, වමන උගුරේ ගෙඩි සෑදීම කරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment