අතීතයේ සිට මාරාන්තික රෝගයක් ලෙස නම් කර ඇති සෙංගමාලය හෙවත් කහ උණ “කාමලාව” ලෙස ද හඳුන්වයි.
මෙම රෝගය ඉතා සුලබ රෝගයක් වන අතර, රෝගියාට උපද්‍රව රාශියක් ඇති කිරීමේ හැකියාවක් ඇති රෝග තත්ත්වයකි. වර්තමාන සමාජය තුළ ද බහුලව දැකිය හැකි මෙම රෝගී තත්ත්වය ඇතැම් අවස්ථාවලදී හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගීන් මිය යයි.
මෙම රෝගයේදී ප්‍රධාන වශයෙන්ම බලපෑම් ඇති කරනු ලබන ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. මිනිස් ශරීරයේ විශාලතම හා වැදගත්ම ඉන්ද්‍රියයක් ලෙස අක්මාව හඳුන්වාදිය හැකිය. අක්මාවේ නිපදවෙන පිත නාළ මඟින් ග්‍රහණියට
පැමිණීම නිසා ආහාර හොඳීන් දිරවීම සිදු කරයි. එහෙත් පිත ආහාර මාර්ගයට නොගොස් රුධිරය සමඟ මිශ්‍ර වීමෙන් සෙංගමාල තත්ත්වය හට ගනී. ආහාර දිරවීමට අවශ්‍ය පිත ආහාර මාර්ගයේ නොමැති වීම නිසා ආහාර දිරවීමේ ක්‍රියාවලිය සිදු නොවේ. එම නිසා ශරීර ශක්තිය හීන වීම, උදාසීන බව, ආහාර අරුචිය යන තත්ත්වයන් ද ඇති විය හැකියි. සෙංගමාලය ඇති වීමට
ත්‍රිදෝෂ අතරින් පිත ප්‍රධාන වශයෙන් බලපාන අතර, එම නිසා පිත කිපෙන ක්‍රියාවන් සහ ආහාර ගැනීමෙන් වැළකී සිටීම සුදුසු වන්නේය.
රෝග ලක්ෂණ හඳුනා ගන්න.
ආහාර අරුචිය සමඟ හිසේ බර ගතිය, දහවල් කාලයේදී පවා අධික නිදිමතක් පැවතීම, හිස කරකැවිල්ල, සුළු දෙයකට පවා දැඩි ලෙස කේන්ති යෑම, සම හෝ ඇස්වල සුදු ඉංගිරියාව කහ පැහැති වීම මෙන්ම නිය සහ මුත්‍රා කහ පැහැති වීම සමඟ කට තිත්ත රසයෙන් යුක්ත වීම රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකිය. කෙසේ නමුත් ඉහත රෝග ලක්ෂණ පිළිබඳව වර්තමාන
සමාජය නිසි ලෙස දැනුවත් නොවීම හේතුවෙන් රෝගය හඳුනා ගැනීමට නොහැකි වීමෙන් රෝගී ජීවිත හානි වීම බහුලව සිදුවෙයි.
බොහෝ අය අතීතයේ ජීවත් වූ දේශීය වෙදැදුරන් “සෙංගමාල” රෝගය හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණයක් භාවිත කර ඇත. රෝගියාගේ මුත්‍රා භාජනයකට එකතු කර සුදු පැහැති කපු රෙදි කැබැල්ලක් එම භාජනයට දමා ටික වේලාවකින් ඉවත් කර බැලූ විට රෙදි කැබැල්ල කහ පැහැති වී ඇත්නම් ඔහුට/ ඇයට සෙංගමාලය වැලඳී ඇති බව හඳුනාගෙන ඇත. ඇතැම් අය
රෝගියාට දෙහි ඇට කීපයක් හපන්නටදී එම අවස්ථාවේ රෝගියාට දැනෙන රසය පිළිබඳව විමසා එමඟින් ද සෙංගමාලය හඳුනා ගැනීමට සමත් විය.
දෙහි ඇට සපන විට තිත්ත රස වෙනුවට කිරි රසට ද පැණි රසට ද සමාන
රසයක් ඇති වූයේ නම් රෝගියාට සෙංගමාලය වැල¼දී ඇති බව හඳුනාගෙන
ඇත. කෙසේ නමුත් ඉහත පරීක්ෂණ දෙකටම හසු නොවී සෙංගමාලය ඇති විය හැකි අතර, දිව, ඇස, නිය සහ නාඩි පරීක්ෂාව තුළින් සාර්ථකව රෝගය හඳුනා ගැනීමට පැරැණි දේශීය වෛද්‍යවරයා සමත් විය.
රෝගය හටගැනීමට බලපාන හේතු
අධික ලෙස පිත වැඩෙන හෝ පිත කෝප කරවන උෂ්ණ අධික ආහාර පමණ ඉක්මවා ගැනීම. (අන්නාසි, අච්චාරු, තක්කාලි, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ, දෙල්, මඤ්ඤොක්කා, සෝස් වර්ග, අධිකව ලුණු යෙදූ ආහාර)
අපිරිසිදු ආහාර පාන වර්ග ගැනීම. (පිටතින් ගෙන එන සකස් කළ ආහාර)
ශරීරය දුර්වල අවස්ථාවක වුවද කය වෙහෙසවා වැඩ කිරීම.
මත්පැන් පානය, දුම් පානය මෙන්ම දුම්කොළ සමඟ බුලත් විට සැපීම ද සඳහන් කළ හැකි අතර, එහිදී බුලත් විට සපා කෙළ ගිලීමත් හේතුවෙන් ඉතා වේගයෙන් රෝගය ඇති වී රෝගියා ජීවිතක්ෂයට පත්වීම ද සිදු විය හැකිය.
බොහෝ වේලාවක් ආහාර නොගෙන කුස ගින්නේ සිටීම.
අධික ලෙස රාත්‍රී නිදි වැරීම, තරහ, වෛරය, ක්‍රෝධය මෙන්ම දැඩි මානසික පීඩනයෙන් ජීවත් වීම.
වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් දීර්ඝ කාලීනව ඖෂධ ගැනීමෙන් මෙන්ම වකුගඩු, මුත්‍රා ගල්, පිළිකා වැනි රෝගී තත්ත්ව හේතුවෙන් ද සෙංගමාල තත්ත්වය ඇති විය හැකිය.
බෝවීම වළක්වා ගන්නේ කොහොමද?
වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම.
සෙංගමාල රෝගියෙකුට ලුණු, කහ, අහිතකර බැවින් ඒවායින් තොරව මෙන්ම තුනපහ අධික ලෙස භාවිතයෙන් තොරව හා රසකාරක යෙදීමෙන් තොරව ආහාර පාන දිය යුතුය.
නිවසේ සෙංගමාල රෝගියෙකු සිටින විට නිවසේ පිරිසිදු බව, ඇඳුම් පැළඳුම් වල පිරිසිදුතාව මෙන්ම වැසිකිළියේ පිරිසුදුතාව පිළිබඳව විශේෂ සැළකිල්ලක් යොදා කටයුතු කිරීම.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment