නිසි නින්දක් ලැබීම අප හැමෝටම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත් නින්දට ගත කරන කාලයත් අතර පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. අලුත උපන් දරුවෙක් දවසේ පැය 18ක් පමණ නිදාගනිද්දි වැඩුණු මිනිසෙකු පැය 6 -8 ක් අතර කාලයක් නින්දට වෙන් කළ යුතුයි.
අපි වයස්ගත වෙන්න වෙන්න නිදාගන්නා කාලය තරමක් කෙටි වෙනවා. කෙටි නින්දක් ලබමින් රැය පහන් කරන අය බොහෝ කායික හා මානසික පීඩාවන්ට ලක්වෙනවා. හදිසි අනතුරකින් බරපතල ලෙස තුවාල වු රෝගියෙකු වේදනාවෙන් මුදවන්න වෛද්‍යවරු රෝගියාට අවම බලයේ නිදි පෙත්තක් හෝ එන්නතක් ලබාදෙනවා. බරපතළ ශල්‍ය කර්මයක් සඳහා රෝගියෙකු ශල්‍යාගාරයට ඇතුළු කළ පසුව රෝගියාට නිර්වින්දන එන්නතක් ලබා දෙනවා. එහිදී රෝගියා තාවකාලික (නියමිත කාල සීමාවකට) නින්දකට වැටෙනවා. නින්ද මොනතරම් වටිනවාද කියලා ඔබට දැනෙන්න නම් ඔබ සම්පූර්ණ මුළු රැයක් පුරා නිදි වර්ජිතව සිටිය යුතුමයි. එවන් අත්දැකීමක් ලැබුණොත් ඉන් ශරීරයට දැනෙන වෙහෙස හා අපහසුවත් මනසට දැනෙන විඩාවත් ඔබට බරපතල ලෙස දැනෙනු ඇත. නින්ද මිනිසෙකුට මොනතරම් වටිනා දෙයක්ද කියලා එවිට ඔබට ඉතාම හොදින් පැහැදිලි වෙනවා නිසැකයි. සුවපත් නින්දකට සුදානම් වෙන්නේ කොහොමද? සුවපත් නින්දක් නොලැබුවිට පසුදා දිනය ඉතාම අසුබ ලෙස ගෙවා දමන්නට සිදුවන බව අමුතුවෙන් කියන්න ඕන දෙයක් නොවෙයි. එහෙම වුණාම එදා දවසම මූසලයි. දවසේ කාර්යක්ෂමතාවය බිංදුවයි. මොනවා කරන්න ගියත් නිදි කිරා වැටෙනවා. ශරිරයට විශාල අප්‍රාණික බවක් දැනෙනවා. වටපිටාවේ අය රුස්සන්නෙත් නැතිව යනවා. නිදි වැරීම ඉතාම වැරැදි දෙයක්. නරක දෙයක්. එහෙම හැම රාත්‍රීයකම උවමනාවට වඩා නිදි නොමරා වේලාවට කලාවට නිදාගන්න එකයි යහපත්. සුවපත් නින්දක් ලබන්නට.මේ පිළිවෙත් අනුගමනය කරන්න.
නින්දට පෙර මද රස්නය සහිත ජලයෙන් ඇඟ සෝදන්න.
ඇඟපත පිරිසුදු කරගත් පසු නින්දට සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න.
නිරාහාරව නින්දට යන්න එපා. (සැහැල්ලු ආහාරයකින් සප්පායම් වන්න.)
හැකිනම් පලතුරු යුෂ වීදුරුවක් පානය කරන්න. (රාත්‍රී ආහාරයෙන් පසු)
රාත්‍රී කෑමෙන් පසු තේ, කෝපි වැනි පානවලින් සහමුලින්ම වළකින්න.
නිදන ස්ථානයේ සැර ආලෝකය සහිත විදුලි බුබුළු දල්වා තැබීමෙන් වළකින්න.
නිදන යහන, කොට්ට, ඇඳ ඇතිරිලි, පොරවන රෙද්ද ආදී හැම දෙයක්ම ඉතා පිරිසුදුව තබන්න.
නිදන යහනේ සිට පොත් හෝ පත්තර කීයවීම නොකරන්න.
නිදන යහනට ගුවන් විදුලි යන්ත්‍ර හෝ ජංගම දුරකථන ගෙන නොයන්න.
නින්දේදි අවදිවීමට අවශ්‍ය වේලාව ඇඟවීමට ජංගම දුරකථන හෝ එලාම් ඔරලෝසු වැනි කිසිම බාහිර දෙයක් භාවිතා නොකර මනස හා ශරීරය තමාට අවදිවීමට අවශ්‍ය වේලාවට අවදි කරවීමට ශරීරය ප්‍රගුණ කරන්න.
අන් අයට උවමනා ලෙස සුපුරුදු නින්දට යාමට ප්‍රමාද නොවන්න.
තමා අදහන ආගමට අනුව සරල ආගමික පිළිවෙතක නිරත වන අතරම මනස සන්සුන් කර ගන්න. මතක ඇතුව නිදාගන්න කලින් බහිස්ස්රාවීය කටයුතුවල යෙදෙන්න.
නින්ද ලැබිය යුත්තේ වයස අනුවයි. බිළිදු, බාල, තරුණ, වැඩිහිටි, මහලු, ආදි වශයෙන් පුද්ගල ජීවිතය අවධි කීපයකට වෙන් කළ හැකි බව ඔබට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒ ඒ වයස් මට්ටම් අනුව නින්ද ලැබිය යුතු ප්‍රමාණයන් පිළිබඳ මෙහි සඳහන් තොරතුරුවලින් දැනුම්වත් වෙන්න.
අලුත උපන් දරුවන් හා මාස දෙකක් පමණ වයස වු දරුවෙක් නම් පැය 12-18 පමණ පමණ නින්දක් ලැබිය යුතුයි.
මාස 3 සිට අවුරුද්ද දක්වා පැය 14-15 පමණ නින්දක්
අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වා පැය 12-14 පමණ
අවුරුදු 3-5 අතර පැය 11-13 පමණ
අවුරුදු 5-12 අතර පැය 10-11 පමණ
අවුරුදු 12-18 අතර පැය 8.5 -10 පමණ
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment