තරුණ ශක්තිය වඩවන සමෙහි පෙනුම ගෙන දෙන රටඉඳි

අගෝස්තු 28, 2020

ශක්තිය හීනවූ වයෝවෘද්ධයන් පවා පුදුමයට පත්කිරීමේ මහඟු ගුණයක් ඇති රටඉඳි භාවිත කිරීමෙන් වැහැරී ගිය ධාතු ශක්තිය ලබාදී තරුණයකු මෙන් ක්‍රියාකිරීමේ හැකියාවක් ලබාදෙයි. ප්‍රභේද හතරකින් යුත් රට ඉඳි පෝෂණය ගෙන දෙන මහඟු ඖෂධයක් ද වෙයි. මිහිරි රසය නිසාත් පැණි රසය නිසාත් කෑමට පි‍්‍රය කරන රටඉඳි වල තරුණ ජවය වර්ධනය කිරීමේ බලයක්ද පවතී.

 සමහර රටවැසියන් රටඉඳි කිරි සමඟ කෑමට පුරුදුව සිටිති. ඒ තරුණ ශක්තිය මෙන්ම ධාතු පෝෂණය වන බැවිනි. රට ඉඳි වලට රාජබ රජු, පිණ්ඩ බර්ජුර (දීප්‍යා) මධු බර්ජුර, භුම්බර්ජුර, (ක්ෂුද්‍රබර්ජු, පිණ්ඩබර්ජුර, ජුපින්ඩබර්ජුර හා පිංඩබර්ජුරියාම යන නම් ද යෙදේ. රටඉඳි වලට කියනු ලබන සිංහල නම ද රටඉඳිය. සංස්කෘත බසින් බාර්පුර හා බර්ජුරිකා ආදී නම් යෙදී ඇත. හින්දි භාෂාවෙන් බාජුර් යන සෙද්ධිය නාමයන් යෙදෙන අතර ඉංගී‍්‍රසියෙන් (ඹඪතඤ ච්චබඥ ර්‍ථචතථ සහ ඒපඡඪචද   ර්‍ථචතථ)  දෙමළ බසින් රටඉඳි හඳුන්වා ඇත්තේ ඉඩම්නාර් යනුවෙනි. 

මස් රහිත කුඩා ගෙඩි ඇති රටඉඳි ක්ෂුද්‍ර බර්ජුර නමින්ද තද මසින් පිරුණූ ලොකු රවුම් රටඉඳි පිණ්ඩ බර්ජුර නමින්ද හැඳින්වේ.  පිණ්ඩ බර්ජුර සහ රාජ බර්ජුර යන දෙවර්ගයේම රටඉඳි ශීතලය. බරෙන් වැඩිය. මධුරරසයකින් යුක්තය .පිත දාහය ශ්වාසය සහ කැරකිල්ල නැතිකිරීමේ බලයක් පවතී. මධුබර්ජුර ධාතු පෝෂණය කරන අතර මධුරරසයෙන් යුක්තය. දාහය පිත සමනය කිරීමේ ගුණයක් ඇති අතර වීර්යය ඇති කරවයි. භූමිබර්ජූර භූමිබර්ජුර ශීත ගුණයෙන් යුත් මෙය මධුර රසයෙන්ද යුක්තය. පිත සමනය කරනු ලබන අතර මුත්‍රා ආසාදනයට ද හිත වේ. කැඩුම් බිඳුම් වලදී වෙදකමට ඉඳිගසේ බොඩ යොදා ගනිති. සර්ප විෂ වෙදකමටද ගනු ලබන ඖෂධයකි. 

බොහෝ ඖෂධලට යොදා ගනු ලබන රටඉඳි ලංකාවේ දේශීය ශාකයකි. පහතරට තෙත් ප්‍රදේශයන්හි සහ දකුණේ මුහුදුබඩ ප්‍රදේශවල සාර්ථකව වැඩේ. ඉන්දියාවේ රටඉඳි වර්ග සත් වර්ගයක් ලෙස වෙන් වෙන්ව වැවේ. මෙහිදී සැම්බර්ජුර යනුවෙන් හඳුන්වන රට ඉඳිගස වඩා උසට නොවැඩී කෙටි උසකින් පවතී. මස් රහිත කුඩා ගෙඩි පිරි රටඉඳි ක්ෂුද්‍ර බර්ජුර නමින්ද තද මසින් යුත් ලොකු රවුම් රටඉඳි පිණ්ඩ බර්ජුර නමින්ද හැඳින්වේ. ගවදෙනකගේ තනපුඩු මෙන් දිගැටිවූ රටඉදි ගෙඩි ඇත්තේ වියළි පිණ්ඩ බර්ජුර්වලය. ඉඳිවගාකරුවන් ඉඳි භාගෙට ඉදුණු පසු දෙකට පළා  වියළා ගනී. රටඉඳි ගස් වැවෙන්නේ තල්ගසක හෝ පොල්ගසක හැඩරුවට වුවද ඉඳිගස එතරම් උසට නොවැඩේ. එහෙත් සැම්බර්ජූර් හැරෙන්නට අනෙකුත් ඉඳිගස් තරමක් උසට වැඩේ. ඉඳිගසේ අඩියක් පමණ උස ශුකී නමින් හැඳින්වෙන පුෂ්පමංජරීවල කහපාටට පූදින මල්වලින් රටඉඳි පොකුරක් ලෙස සෑදේ. මුලින් කොළපාටට පෙනෙන රටඉඳි ඉදී ගෙන එන විට රතුපැහැයට පත්වේ. එහෙත් දම්පැහැයට පත්වෙන්නේ හොඳින් ඉදුණු පසුවය. 

රටඉඳිවල ගොබය (බොඩය) මුල්, ඇට ගොබයක සෑම කොටසක්ම ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගනිති. රටඉඳිවල බෙහෙවින් ඛනිජ ලවණ, යකඩ සහ පෝෂණ ද්‍රව්‍ය ගණනාවක් අඩංගුව පවතී. රටඉඳි ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන ඖෂධ සඳහා එක්කර ගනී. සියලු ප්‍රමේහ රෝග වලට වා, පිත් ,සෙම් ආශ්මරී ග්‍රහණි පාණ්ඩු රෝග ආදී රෝග රැසකට දෙනු ලබන කස්තුරි මෝදකයට ද රටඉඳි එක්කර ගනී. රටඉඳි කස්තුරි කටුවැල්බටු, අරළු, බුළු ,නෙල්ලි, කළු දුරු, සූදුරු , හීන්එන්සාල්, කුරුඳු පොතු, වැල්මී ශතපුෂ්ප, බාලක, මානෙල් අල, නෙල්ලි, භද්‍රමුස්තක,අළුකෙසෙල් ගෙඩි , කළු තල , ඉකිරිඇට, පි‍්‍රයංගු , සුදුසීනි , එළකිරි, ඇතුළු ඖෂධ රැසක්ම කස්තුරි මෝදකයට යොදා ගනිති. ශ්වාසාරි ලේහය ශ්වාසකාස ආදි රෝගයන්ට දෙනු ලබන මෙම ලේහයට රටඉඳි  ඇට ඉවත්කොට වැල්මී චූර්ණය, කළු උක් පැණි , මී පැණි ආදී ඖෂධ මිශ්‍රකර ගනියි. අර්ශස් ග්‍රහණි, පාණ්ඩු, ප්‍රමේහ ආදී රෝග සඳහා දෙනු ලබන බර්ජුරාසවය ඇට ඉවත් කළ රට ඉඳි, මුඩමහන  ධාතකී හා සීනි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments