ගිලිහෙන පුරුෂ ශක්තිය

අගෝස්තු 28, 2020

වර්තමාන කාලයේ ජීවත්වන පුරුෂයන්ගේ කායික ශක්තිය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට ලක් වෙමින් පවතී. විශේෂයෙන් දැක්වුවහොත් ඔවුන් බෙලහීනතාවයට ගොදුරු වෙමින් නොයෙක් ලිංගික රෝගවලට ගොදුරු වී සිටිති. මේ සඳහා මූලිකව බලපාන කරුණු නම් ඔවුන් මත්විතට, මත් කුඩු, දුම්වැටි ආදියට ඇබ්බැහි වී සිටීමයැ. එවැනි දේට හුරුවන පුරුෂයින්ගේ ලිංගික ශක්තිය හීන වීමට පුළුවන. සමහර කාන්තාවෝද මත්පැන් ගැනීමට පුරුදු වී සිටිති. 

දැනට වෙළඳ පළෙහි තිබෙන ආහාරපානද විෂ බවින් යුක්ත වේ. එනිසා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කායික ශක්තිය දුර්වල වී ඔවුනගේ ප්‍රජනන භාවයට බාධාවන් පැමිණෙනු ඇත. එනම් දාරක පේ‍්‍රමය ලබන්නට තරම් හැකියාවක් නොමැති වේ. සප්ත ධාතු ලෙස ගැනෙන රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යනුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන මෙම ධාතු එකින් එක පරිණත වීම, එනම් රස ධාතුවෙන් රක්ත ධාතුවට ජීවයක් ලබාදී රක්ත ධාතුවෙන් මාංශ ධාතුව පෝෂණය වී මාංශධාතුවෙන් මේදස් ධාතුව නිර්මාණය වේ. මේදස් ධාතුවෙන් වැඩෙන්නේ අස්ථි ධාතුව බව ඔබට වැටහිය යුතුයැ. මජ්ජා ධාතුව පෝෂණය වන්නේ එම අස්ථි ධාතුවෙන් බවත්, එම අස්ථි ධාතුව තුළ තිබෙන මජ්ජා ධාතුවෙන් ශරීරයේ පවතින ඉස්තරම්ම ධාතුවෙන් ශුක්‍ර ධාතුව නිර්මාණය වේ. මෙම ශුක්‍ර ධාතුව පිහිට වන්නේ වර්ගයා බෝකිරීම සඳහා යැ. එනම් ශුක්‍ර ශෝණිත සබඳතාවයෙන් දරුවන් බිහිකිරීමක් සිදුවන බැවිනි. 

ශුක්‍රධාතුව හීනවීම, ශුක්‍රධාතුව නිසරුවීම එනම් සරුබවක් නොතිබීම, ශුක්‍ර මේහය, ශිෂ්ණය හෙවත් ලිඟුව ප්‍රාණවත් නොවීම, මෞත්‍ර ලිංගික පද්ධතිය දුර්වල වීම ආදී නොයෙක් කරුණුද අණ්ඩ කෝෂ ඉදිමුමද නිසාවෙන් දරුවන් හැදීමේ ප්‍රවණතාවය දුබල හෝ නිසරු ශුක්‍රයෙන් සෑදෙන දරුවන් කායික, මානසික විකෘතිතා ඇති දුබල දරුවන් ඇතිවීමට හේතු වේ. එවිට ඔවුනගේ විවාහ ජීවිතයට කණ කොකා හඬලනු ඇත. සමහර පුරුෂයන් බහු භාර්යා සේවනය කරන අතර තවත් සමහර කාන්තාවන්ද බහුපුරුෂ සේවනයේ යෙදෙති. එසේ හැසිරෙන උදවියට සමාජ රෝග පහසුවෙන්ම ඇතිවීමට පුළුවන. සමාජ රෝගයකින් පෙලෙන ස්ත්‍රියෙකු හට දරු සම්පතක් ඇතිවී එම දරුවා බිහිකරන විට මවගේ යෝනියේ පවතින සමාජරෝග වල ශ්‍රාවය දරුවාගේ දෑසෙහි තැවරුණ හොත් එම දෑස් අන්ධවීමට පුළුවන. 

 විවාහයකදී නෑනා හා මස්සිනාගේ සබැඳියාවෙන්ද අංග විකල මනස දුර්වල දරුවන් බිහි වීමේ ප්‍රවණතාවය වැඩිය. 

එවැනි අය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නම් වාජීකරණ ඔසු වර්ග භාවිතා කිරීමෙන් යථා තත්ත්වයට පත්වීමට පුළුවන. යමෙකු මෙලොවට බිහිවීමට කරුණු කිහිපයක් බලපානු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments