ජීවිත කාලයේ වසර 60 ඉක්මවන විට තමාගේ මහලු විය එළඹෙන බව සමාජයේ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය. මේ වයසට පා තබන්නේ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. සමාජය තුළ මහලු වියට පත්වූ පිරිසට ලැබෙන පිළි ගැනීම අඩුවීම නිසා මේ ජ්‍යෙෂ්ඨයන් සමාජයට බරක් ලෙස සියල්ලන්ම සලකයි. මේ තත්වය නිවැරදි කර ගැනීමට නම් තමා මෙන්ම සමාජයද දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.
මහලු වූයේ කවුද?
සමාජය තුළ වයස අවුරුදු හැට ඉක්ම වූ ජන කොටස් මහලු පිරිසක් ලෙස සැලකුවද ඔවුන් විසින් මේ රට සංවර්ධනයට ඉදිරි ගමනට තමාගේ ඩහදිය ශ්‍රමය හෙළූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වේ. ඔවුන් ඉතාමත් අභිමානයෙන් තමාගේ පවුල ගම හා රට වෙනුවෙන් තම ශ්‍රමය කැප කළ උදාර පිරිසකි.
මහලු වියේ ඔබේ මගේ ආදරණීය මව හා පියා මෙන්ම තවත් වසර ගණනකින් පසුව ඔබද මමද මෙම තත්ත්වයට පත් වනු ඇත. එසේ නම් ඔබද මමද ඔබ මගේ දෙමාපියන් මෙන් මහලු වියට එළඹෙන බව අමතක කළ යුතුද?
මහලු වීම යනු
උපතේ සිට වයස අවු.60 ක් ජීවත්වූ ජන කොට්ඨාසය මේ යටතේ සලකනු ලබයි. මේ වනවිට ශී‍්‍ර ලංකාව තුළ ද ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනගහනයේ ප්‍රමාණය වැඩි වෙමින් පවතී. මෙම පුරවැසියන්ගෙන් බොහොමයක් කායික හා මානසික සෞඛ්‍ය දුර්වල වී අසරණ වන අතර තමාගේ කටයුතු සඳහා අන්‍යයන්ගේ උපකාර අවශ්‍ය වන කාලයකි. ඔවුන් අන්‍යයන්ගේ ආදරය කරුණාව හා දයාවට භාජනය විය යුතු පිරිසකි.
නිරෝගී මහලු වියට සූදානම් වන්නේ කෙසේද?
පළමුව තමන් විසින්ම මහලු වියට පත්වීම පිළිබඳව තේරුම් ගෙන ඒ සඳහා සූදානම් විය යුතු අතර මේ සඳහා කායික හා මානසික සමබරතාවය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.
මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් නිරෝගීව හා ශක්තිමත්ව මහලු වියට මුහුණ දීමට හැකියාව සපයා ගත හැකිය.
ආයුර්වේද ජීවන දර්ශනය
ධාර්මික ලෙස ධනය රැස් කිරීම
අනාගතය සඳහා යමක් ඉතිරිකර තැබීම
උපයාගත් ධනයෙන් කොටසක් අනුන්ගේ යහපත සඳහා යෙදවීම අදහන ආගමට අනුව යහපත් පරලොවක් ප්‍රාර්ථනා කිරීම, ලෙඩදුක් ඇති නොවන ආකාරයෙන් ජීවන කටයුතු කිරීම, උපයාගත් ධනයෙන් දරුමල්ලන් පෝෂණය කිරීම
සිත සතුටින් ජීවත් වීම ආයුර්වේදයට අනුව දක්වා ඇති දින චර්යාවන් අනුගමනය කිරීම
යහපත් දින චර්යාව බ්‍රහ්ම මුහුර්තයෙන් (උතුම් වේලාව) අවදි වීම විශේෂිත රෝගාබාධ නැති අය පෙරවරු 4.29 ත් 5.12 ත් අතර අවදි වීම පවිත්‍ර වීම ( මල මුත්‍රා පහ කිරීම)
දත් මැදීම
මුහුණ අත් පා සේදීම
ආගමික වතාවත්වල නිරත වීම
ව්‍යායාම කිරීම
ස්නානය කිරීම
ආහාර ගැනීම
සුදුසු කාලයේදී සුදුසු ප්‍රමාණයට සුදුසු ආහාර ගැනීම එයින් ආයු, වර්ණ, සැප බල, ප්‍රඥා යන පංච බල ලැබේ.
ඍතු වර්ෂා
ඍතු චර්යා
ඒ ඍතුන්ට අනුව සුදුසු වත් පිළිවෙත් අනුගමනය කිරීම නිශා චර්යා රාත්‍රී ගතකිරීම මින් අදහස් කෙරේ. මෙහිදී නින්ද ප්‍රධානයි.
යහපත් නින්දක් ලැබීමෙන් ශාරීරික විවේකය, මානසික විවේකය, ක්ෂය වූ ශාරිරික කොටස් වර්ධනය වීම සිදුවේ, නිදා ගැනීම සඳහා
සුදුසු පරිසරය, සුදුසු කාලය හා සුදුසු සයනය ඉතා වැදගත්ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment