බොහෝ දෙනා පීඩා විඳීන අධි ස්ථුලතාවයට පිළියම්

අගෝස්තු 21, 2020

නගර් නගර ස්යොව රථස්යොව රථර්‍ යථා

ස්ව ශ‍රිරස්ය මෙධාවී කෘතෙෂ්ව වාහිතෝ භවෙත්” 

නගරාධිපති ස්වකීය නගරයේ රකින්නා සේ ද රථාචාර්ය තම රථය රැක ගන්නා සේ ද බුද්ධිමත් තැනැත්තා සිය සිරුර රැකගන්නට වෙහෙසෙන්නේය.

ආයුර්වේදයේ ප්‍රධාන ආචාර්යවරයෙකු වන චරක ආචාර්යතුමා මෙසේ පවසා ඇත. අපගේ සිරුර රැක ගැනීමට ආයුර්වේද අනුකූලව විවිධාකාර චර්යා රටාවන් ආහාර විහරණ විධි, විවිධ ඖෂධ වර්ග හා පංචකර්ම විධි මෙන්ම රූපලාවන්‍ය විදි ද දක්වා ඇත. මෙහිදී ආයුර්වේදීය රූපලාවන්‍ය යනු බොහෝ කාන්තාවන්ගේ අවධානය යොමුවන ප්‍රතිකාර ක්‍රමයකි. ලාවන්‍ය යනු ආයුර්වේදයට අනුකූල ව හුදෙක් කාන්තාවට පමණක් සීමා නොවූ මෙන්ම හිසකෙස් හා මූණට පමණක් සීමා වූ කාර්යයක් ද නොවේ.

ආයුර්වේදීය රූපලාවන්‍ය

ආයුර්වේද ඉගැන්වීමට අනුව රූපලාවන්‍ය නිර්මාණය වී ඇත්තේ කාය සම්පත්ති හතරකිනි. එනම් රූප, ලාවන්‍ය, බලය, වජ්‍ර සංහණන. රූප යනු උසට සරිලන ශරීර ස්කන්ධය පවත්වා ගැනීම. එනම් නියමිත ශරීර ස්කන්ධ ර්ශක අගයක සිටීමයි. ලාවන්‍ය යනු සමයෙහි පැහැයයි.

වජ්‍ර සංහණන යනු ශරීර අවයව සමබරතාවයයි. රූප සම්පත්තිය අද විවිධ රූපලාවන්‍යාගාර තුළ මූලිකත්වය ලබා දෙනුයේ මුහුණ හිසකෙස් හා සමේ පැහැපත් බව පවත්වා ගැනීම සඳහාය. නමුත් වර්තමානයේ කාන්තාව මෙන්ම පුරුෂයන්ට ද පවතින ප්‍රධානම ගැටලුව රූප යන කාය සම්පත්තියයි. තම ශරීරයේ උසට සරිලන ශරීර ස්කන්ධය පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඉතාම සීමිත පිරිසකට පමණි. ඕර්ධ් අගය ශරීර ස්කන්ධ දර්ශකය ලෙස ද මෙය නවීන වෛද්‍ය විද්‍යාත්මක ව හඳුන්වා දෙයි. වර්තමානයේ 80 % පමණ මුහුණ දෙන තරබාරුව ස්ථුලතාවය මීට මූලික වන ප්‍රධානම කරුණකි. ස්ථුලතාවය සඳහා ප්‍රතිකාර කිරීමට වඩා වළක්වා ගැනීම ඉතා ම සුදුසු ය. මූලිකවම ඔබට ශරීර ස්කන්ධ දර්ශකය මෙන්ම ස්ථුලතාවය පිළිබඳ මූලික අවබෝධය පැවතිය යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය = ස්කන්ධය (kg)

(BMI)         උස (m 2 )

18.5

18.5 -24.9

25-29.9

30

ඉහත ගණනය අනුව ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය ඔබටම ගණනය කළ හැක. එහි අගය 25 වැඩි වුවහොත් ඔබ ඔබගේ රූපය ස්ථුලතාවය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුය.

රූපය හා මානසික ශක්තිය

රූපය නිසි ලෙස පවත්වා ගැනීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විවිධ ආහාර රටාවන්, චර්යා රටාවන්, ප්‍රතිකාර ක්‍රම හා උපදෙස් මෙන්ම උපවාස ක්‍රම ද පැහැදිලි කර තිබේ. ස්ථූලතාවයෙන් මිදීමට ඔබගේ මානසික ශක්තිය ඉතා විශාල පිටිවහලක් වන බව ඔබ නොදන්නා කරුණුකි.

ඔබගේ උත්සාහය දැඩි අධිෂ්ඨානය මගින් ඔබගේ ස්ථූලතාවය මඟහරවා ඔබට අගනා රූ සපුවක් ලබාගත හැකිය.

ප්‍රවේශමෙන් පරිභෝජනය කළ යුතු කැලරි

කැලරි යනු ඔබ අප කවුරුත් දන්නා ඉතා ප්‍රවේශමෙන් අවබෝධයෙන් අප සිරුරට ලබාදිය යුතු ශක්ති ප්‍රමාණයයි. කැලරි ප්‍රමාණය අධිකව පරිභෝජනය ස්ථුලතාවයට බලපාන ප්‍රධානතම හා මූලිකම හේතුව වේ. මෙය මනා ලෙස පාලනයකින් ශරීරයට ලබා දීමට ඔබට හැකි වේ නම් ඔබ ඔබගේ රූපයේ ජයග්‍රාහකයා වීම නොඅනුමානය. මූලිකවම ඔබ විසින් දෛනිකව ලබා ගත යුතු කැලරි ප්‍රමාණය පිළිබදව ඔබ හොඳීන් දැනුවත් වන්න. මේ සඳහා ඔබට සුදුසු නියමිත  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැක. 

ඔබගේ ශරීර ස්කන්ධයට වයසට හා පවතින රෝගී තත්ත්ව සඳහා සුදුසු වන ලෙස ඔබ ඔබගේ ආහාර රටාව සකසා ගත යුතුව ඇත.

තවත් ස්ථුලතාවයෙන් පෙළෙන අයෙකුගේ ආහාර රටාව ඔබට නුසුදුසු විය හැකිය . ඔබට දෛනිකව අවශ්‍ය‍ කැලරි ප්‍රමාණය සලකා බලා ඊට සුදුසු ආහාර සුදුසු ප්‍රමාණවලින් ලබා ගන්න. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අධික මේදය හා කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර හැකි තරම් අවම කරමින් දිනකට ලබා ගන්නා ජල ප්‍රමාණය හා එළවළු පලතුරු වර්ග වැඩි කරගනිමින් ඔබගේ ආහාර රටාව මනාව සකසා ගන්න.

තරබාරුව මට්ටු කරන උපවාස ක්‍රම

( Fasting)

ඔබ නිරෝගි පුද්ගලයකු නම් උපවාස ක්‍රම පවා නියමිත ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක කළ හැකිය. මෙය ආයුර්වේදය ලංගන ලෙස හඳුන්වා දී ඇත. මෙය ඉතා සරල මෙන්ම ලාභදායී ප්‍රතිකාර ක්‍රමයකි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments