වැසි සමයේ පැතිරී යන මදුරු උවදුර

අගෝස්තු 7, 2020

ලොව පුරා මදුරු වර්ග තුන්දාහකට අධික බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මදුරු වර්ග එකසිය පනහක් පමණ සිටින බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වාදී තිබේ. මෙම මදුරු විශේෂඅතර දෂ්ට කර රෝග දෙක තුනක් පවා බෝ කළ හැකි මදුරුවන් සිටියි. ඇනෝෆිලස් කියුලෙක්ස් හා ඊඩිස් යන මදුරුවන් විවිධ වර්ගයේ රෝග බෝ කරති. මැලේරියාව, ජැපනීස් එන්සපලයිටීස් බරවා සහ චිකුන්ගුන්යා යන රෝගද බෝ කරනු ලබන්නේ ද මදුරුවන්ය. මදුරුවන් දෂ්ට කිරීමෙන් රෝග වෛරසය මනුෂ්‍ය ශරීරයට ඇතුළුවීමෙන් රෝගී ලක්ෂණ මතුවේ. මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරනු ලබන්නේ ඊඩිෂ් මදුරු විශේෂය වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිෆ් ඇල්බොපික්ටස් මදුරුවන්ය. ඩෙංගු මදුරුවා කළු පැහැතිය. පාදවල සහ දේහයේ සුදුලප පිහිටා ඇත. මෙම ලප නිසා මෙම මදුරුවා ටයිගර් මොස්කිටෝ යනුවෙන් ද නම් කර ඇත. ඩෙංගු මදුරුවාගෙන්ම බෝවන තවත් රෝගයක් වන්නේ චිකුන් ගුන්යා රෝගයයි. ඩෙංගු වෛරසයේදී ඩෙංගු උණේදී වඩාත්ම භයානක තත්වයට පත්වනන්නේ ගර්භණී මවුවරු, කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ය. 

 

අප රටේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ මැලේරියා උණ රෝගය වැළඳීමෙනි. බරවා රෝගයට මූලිකවන ඇනෝෆිලස් මදුරුවග් දහසයක් පමණ සිටින බවද සොයාගෙන ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ මැලේරියාව බෝ කිරීමේ මදුරුවා ලෙස සඳහන් කොට ඇත්තේ ඇනෝෆිලස් කියුලිසියේසීස් මදුරුවන්ය. එමෙන්ම ජැපනීස් එන්සපලයිටීස් වෛරසය නිසා ඇතිවන එම රෝගය පතුරවනු ලබන්නේ කියුලෙක්ස් වර්ගයේ කියුලෙක්ස් ජෙල්මස් යන මදුරුවන් විසිනි. කියුලෙක්ස් ට්‍රයිටි නියෝරින්ක්ස වර්ගයේ මදුරුවන්ගේ උරහිසේ සුදුපැහැපති ලපයක් පිහිටා ඇති බැවින් පහසුවෙන්ම හඳුනාගත හැකි වේ. ඩෙංගු හා චිකුන්ගුන්යා බෝ කරනු ලබන ඊඩිස් වර්ගයට අයත් මදුරුවන් ලේ පිපාසාව සංසිඳුවාගනු ලබන්නේ දිවාකාලයේදීය. උදේ කාලයේ පාන්දර පහත් හතයි තිහත් අතර ඩෙංගු මදුරුවා පරිසරයේ ගැවසේ. වැසි තතත්වය පවතින විට අප රටේ වසංගත රෝග පැතිර යාමේ අවදානමක් පවතී. 

මැලේරියා මාරාන්තික රෝගය පතුරවන ඇනෝපිලස් වර්ගයේ මදුරුවන් රාත්‍රිකාලයේදී ලේ උරා බොන අතර නිවෙස් බිත්තිවල සිටීමට පි‍්‍රයමනාපයක් දක්වති. ජැපනීස් එන්සපලයිටීස් බෝකරන කියුලෙක්ස් වර්ගයට අයත් මදුරුවන් සවස හතයි තිහත් රාත්‍රී දහයයි තිහක් අතර කාලයේදී සහ උදෑසන හතරත්, හයත් අතර කාලයේදි මිනිසුන්ට දෂ්ට කොට ලේ උරාබොයි. ඇනෝෆිලස් මදුරුවන් ජලය එකතු වී ඇති දියකිඩිතිවල බෝවේ. පාවිච්චි නොකරන ළිං පතල් කොන්ක්‍රීට් තහඩු වැනි ස්ථානවල බෙහෙවින් ගැවසේ. බරවා රෝගය බෝ කිරීමට හේතුවන කියුලෙක්ස් මදුරු විශේෂය බෝවෙන්නේ කොළ රොඩු , පොල්ලෙලි, ශාක කොටස් හා සත්ව කොටස් ඇති පල්වෙමින් පවතින ජලයෙහිය. ඒ අනුව බරවා මදුරුවා බෙහෙවින් ගැවසෙන්නේ අපවිත්‍ර ජලය රැඳෙන වළවල්, කානු, වැසිකිලි වළවල් ආදි ස්ථානයන්වලය. 

සෑම වසරකම ආරම්භවන වැසි සමයේදී ඩෙංගු වසංගතය අප රටේ පැතිරේ. නිරිත දිග මෝසම් වර්ෂාවත් වැසි අධික වන කාලයකි. එමෙන්ම ඊසාන දිග මෝසම් වර්ෂාවත් වැසි අධික කාලසීමාවන්ය. මේ කාලය ඩෙංගු බෙහෙවින් පැතිරිය හැකි කාලසීමාවන්ය. එය තේරුම් ගෙන ජලය රැඳෙන ස්ථාන වසා දමා නිවෙස් මෙන්ම අවට පරිසරය ද පිරිසිදුව තබාගත යුතුය. ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ නියමිත කාලසීමාවක් තුළදීය. එනම් පාන්දර පහත්, හතයි තිහත් අතරවන අතරත් සවස පහත් , හතයි තිහත් අතරය. ඩෙංගු රෝගයේ ලක්ෂණය වන්නේ හිසරදය, නළලත ඇස් යට වේදනාව, මස්පිඩුවල වේදනාව, සන්ධිවේදනාව, වමනය හා අප්‍රාණික ගතිය, සමෙහි රතුලප හෝ කුෂ්ට මතුවී ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ඇතිවන ඩෙංගු රක්තපාත ලක්ෂණ සම මතුපිට රතු පැහැ ලප මතුවීම, අධික වමනය, තද උණ ගතිය හා අධික නිදිමත, නොසන්සුන්තාවය හා අප්‍රාණිකත්වය, නාසය හා විදුරුමස්වලින් රුධිරය වහන වීම දුඹුරු පැහැ වමනය හා මළපහ පිටවීමයි. 

ඇනෝපිලිස් කියුලියේසීස් මදුරුවා විසින් ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතය ඇති කළේ එකදාස් නමසිය තිස් හතරේ සහ එකදාස් නමසිය තිස්පහේදීය. ඒ කාලයේ රටේ ජනගහණය ලක්ෂ හැටක් බවක් ඉන් ලක්ෂ පහකට පමණ මැලේරියාව වැළඳුණූ බවත් ඉන් අසූදාහක් පමණ මැලේරියාවෙන් මිය ගිය බවත් වාර්තාවලින් පෙන්වාදී තිබුණි. ඇනෝපිලිස් මදුරුවාගේ ගැහැනු සතා බිත්තර දැමීමට තෝරාගනු ලබන්නේ නොගැඹුරු ළිං, වැසි ජලය එක්වන දිය කඩිති, ජලය සෙමින් ගලා යන ඇළවේලී, කුඹුරු ඉවුරු නියං කාලයේදි සිඳී ගිය ඇළ හා ගංගා, ගල් අසල එකතුවන දියකඩිති, හිරුඑළිය වැටෙන ජලය රඳාපවතින හා නොගැඹුරු ජලාශ හා සෙමින් ගලායන පිරිසුදු ජලාශවලත්, ඇනෝපිලිස් ගැහැනු මදුරුවා බිත්තර දමයි. ඇනොපිලිස් කියුලිසියෙසීස් ගැහැනු මදුරුවා දෂ්ට කරන්නේ සවස හයේ සිටය. එසේ දෂ්ට කිරීම අරඹන මදුරුවා රාත්‍රි දහය පමණ වනතුරුත් නැවත අලුයම හතරේ පමණ සිට උදෑසන හය පමණ තෙක් බවත් පරීක්ෂණවලින් සොයාගෙන ඇත. 

මැලේරියා වැළඳී තිබේද යන්න සොයා බැලීමේ පහත සඳහන් රෝග ලක්ෂණ ගැන දැඩි අවධානයක් යොමු කරයි. උණ ගැනීමට, දින දෙක තුනකට කලින් කොන්දේ වේදනාව, කෑම අරුචිය, වමනය, පාචනය ,බෙල්ලේ වේදනාව ආදි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ශරීරය ශීතල වී වෙව්ලන්නට පටන් ගනී. ටික වේලාවකින් වෙව්ලීම නැතිවි ශරීර උෂ්ණත්වය ඉහළයයි.අධික ලෙස දහඩිය දැමීම ආදි තවත් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. එකදාස් නමසිය තිස්තුනේදී හා එකදාස් නමසිය තිස්හතර කාලයේදි මැලේරියාවෙන් එක්ලස්ෂ විසිපන්දහසක් පමණ මිය ගිය බව වාර්තා විය. පසුව දිගෙන් දිගටම මැලේරියා රෝගීන් වාර්තාවීම නිසා මැලේරියාව මැඬීමේ වැඩසටහන් දිගටම පවත්වාගෙන යෑම නිසා සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම නිසා ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දෙදහස් පහළෙවේදී සහතික කරමින් පිළිගන්නා ලදී.



subasetha

Comments