වල් අලියාගේ කකුලේ ආබාධයට ප්‍රතිකාර කළ හේන් ගොවි වෙද මහතා

අගෝස්තු 14, 2020

අප වෙතින් මෙතෙක් කල් ලියැවුණේ රටේ ලෝකයේ වෙසෙන මහ ප්‍රකට වෛද්‍යවරුන් පිළිබඳව ය. අපේ මේ සාමාන්‍ය මිනිස් ජනතාවගේ විවිධ රෝගාබාධ පිළිබඳව ප්‍රතිකාර කරන - ඒ මගින් තම දස්කම් විස්කම් දක්වන මහා වෛද්‍යවරුන් පිළිබඳව ය. එහෙත් අද අප මේ ලිපියෙන් හෙළි කරන්නේ එයට හාත්පසින් ම විරුද්ධ වූ තිරිසනුන් සම්බන්ධ ව කියැවුණු සත්‍ය පුවතක් දක්වන්නට ය. 

තමනට කැලයේ දී ඇති වූ යම් යම් රෝගාබාධයන්ට ප්‍රතිකාර කරගැනීම පිළිබඳ ව සතුන්ට ද කිසියම් ආකාරයක ඉවක් තිබෙන බව ද කැලය පිළිබඳ ගවේෂණයේ යෙදුණ පුද්ගලයන්ගෙන් වාර්තා වී තිබේ. දඩයම් පිණිසත්, තමනගේ පර්යේෂණ කටයුතුවලටත් වන රජ දහනේ හක්කලන් කෙරූ සුදු ජාතිකයන් කිහිප දෙනෙකුම එසේ කැලයේ දී  තමන් සතුන් පිළිබඳ ලත් අත්දැකීම් ග්‍රන්ථවල ලියා පල කර තිබේ. ඒවායින් සමහර කොටස් කියවන විට අපේ සිතට ඇතිවන්නේ විශ්මිත බව කි. එයට ප්‍රධාන හේතුව වශයෙන් ‘නයි මුගටි’ සටන් ගෙනහැර දැක්විය හැකි ය. නයා හමුවන මුගටියා පොරට වැටෙන්නේ තමන්ගේ ශරීරයේ තිබෙන සියලුම මයිල් පුම්බාගෙන ය. නයා ද ප්‍රතිවාදියාට විෂ දළ පහර ගසමින් තම රුදුරු ප්‍රතිවාදියාගෙන් බේරෙන්නට ප්‍රහාර එල්ල කරයි. එහෙත් මෙහිදී වැඩිපුරම සිදු කෙරෙන්නේ නයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වුව ද මුගටියාගේ ප්‍රහාර ඔස්සේ නයා බෙලහීන ව මැරී වැටීම ය. එය වරදින්නේ ඉතා කලාතුරකිනි. එක්කෝ එය සිදු වන්නේ මුගටියාගෙන් බේරී නයා පළා යාමේ ප්‍රවනතාවෙනි. එහෙත්, නයි විෂ තමන්ගේ ශරීරයට කවරාකාරයෙන් හෝ වැදෙන නිසා නයාව පරාජයය කර මරා දමා කැබලි කැබලි කිරීමෙන් අනතුරුව මුගටියා කරන්නේ නයි  විෂෙන් බේරීම පිණිස කැලයේ තිබෙන එයට අදාළ වූ බෙහෙත් ගසක මුල සපා එහි යුෂය උරා ගැනීම ය. විශේෂයෙන් ම දැක්විය හැක්කේ ගම්බද ව ද විශේෂයෙන් වැවෙන මුරුංගා ශාකයට නෑකම් කියන කැලේ තිබෙන එම ගස්වල මුලෙන් ලැබෙන සාරය නයි විසට ඔරොත්තු දෙන බව ය. එසේ එම ගසේ මුල සපා ගනිමින් එයින් ලැබෙන බෙහෙතින් සුවපත් වන්නට මුගටියාට අදහස ලැබී ඇත්තේ එම තිරිසන් සත්ත්ව ප්‍රණාමය අනුව ය. නයි විෂට මුරුංගා ශාකය බෙහෙතක් වශයෙන් ගම්බද ප්‍රදේශවල ප්‍රකටව ඇත්තේ ද එහෙයිනි. 

වනගත සමහර සතුන් ද මෙසේ තම තිරිසන් ඥානය උපයෝගි කරගනිමින් තමන්ට සිදු වූ ව්‍යාධීන්ට ප්‍රතිකාර කරගන්නට පෙළඹෙති. එවැනි එක් සිද්ධියක් වනයේ දී අත්දකින්නට ලැබුණු සුදු ජාතික මහතකු විසින් පොතක ලියා තිබී කලකට ඉහත දී කියෙවුවා අපට මතක ය. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පස්ස පැත්තේ වූ තුවාලයකට හෝ ගෙඩියකට හෝ බෙහෙත් පිණිස වලසකු විසින් සිදු කරන ලද ප්‍රතිකාර ක්‍රියාදාමයක් එම සුදු මහතා විසින් දෑසින් ම දැක තිබේ. එය නම් වනයේ ගල්තලාවක් උඩ කිසියම් බෙහෙත් කොළ වර්ගයක් ගලකින් කෙටු එම වලසා එසේ කොටන ලද බෙහෙත් ප්‍රමාණය ගල උඩ දෙපොලක තබා තම පස්සා පැත්ත එහි තබමින් කරගන්නා ලද ප්‍රතිකාරය එම සුදු මහතා හොර රහසේ සැඟ වී සිට බලා සිටියා යැයි කියන්නේ පුදුමයෙන් යුතුව ය. කවර ආකාරයෙන් වුවද එම බෙහෙත් පැළෑටිය තමන්ගේ මෙම රෝගාබාධයට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් වන බව එම වලසාගේ තිරිසන් නුවණ අනුව දැනගෙන තිබිණ. 

එය එසේම ය. තමන්ට ඇති වූ බඩේ රෝගාබාධයන්ට බළලුන් කුප්පමේණිය ශාකය අනුභව කරනු අප නිතරෝම දැක ඇත්තෙමු. බල්ලන් ද එසේම තම බඩේ අමාරු යම් යම් පැළෑටි සපා කා සාරය උරාගෙන බඩේ ලෙඩේ සුවකර ගනිති. 

මේ කියන්නට යන්නේ ඒ වන රජදහනේ සිටි වන අලියකු තමන්ගේ කකුළේ අආබාධයකට ප්‍රතිකාර ගත් අවස්ථා පිළිබඳ සත්‍ය කතාවකි. එය ද සුදු මහතකු විසින් ලියන ලද ග්‍රන්ථයක පළ වී තිබූ කතාවක් බවයි. උමා ඔය අසබඩ හේන් ගොවිතැන් කළ සියාතු නම් මැදිවියේ ගැමියකු එම හේන රකින්නට කටයුතු කළේ වල් අලින්, ඌරන් වැනි වනසතුන් විසින් නිතරම හේන ආලපාළු කරන නිසා ය. මේ අතර එක් දිනක දී සවස් යාමයක සියාතුට දක්නට ලැබුණේ හේන දඬුවැට අද්දර අලියකු සිටින බව ය. ඔහු කලබල වී ‘ෂෝයි අලියා ෂෝයි’ කියා කෑ ගැසීය. එහෙත් අලියා එයින් කලබල වූයේ නැත. ඉන්පසු සියාතු කළේ අලි මන්තර කිහිපයක් කියා කෑ ගැසීම ය. එහෙත් එවිට ද අලියා එතැනින් සෙළවුණේ නැත. ‘හප්පච්චියේ මේ අර හොර අලියා නේද?’ යැයි කියැවිණ. මේ අලියා පසුගිය දින කිහිපයක ම හේන්වලට පැන අලාභහානි කළ බව ආරංචිව තිබිණ. තමන් විසින් කියා කෑ ගසන ලද අලි මන්තරවලට ද මේ අලියා එතැනින් හෙළවුණේ නැති නිසා ම ඔහුගේ සිතේ යම්කිසි සැකයක් ද ඇති විය. 

එහෙයින් සියාතු කළේ දඬු වැට කෙළවර පැත්තට ගොස් ඒ අයිනෙන් අලියාගේ සම්පූර්ණ ශරීරය පෙනෙන ලෙස පිටුපසින් බැලීම ය. එම අවස්ථාවේ දි ඔහුට දක්නට ලැබුණේ අලියා සිය වම් කකුළ ඔසවාගෙන සිටින බව ය. ‘හප්පච්චියේ මේකා මෙහෙම කකුළ උස්සාගෙන ඉන්නේ මොකක් හරි තුවාලයක් වෙලා ද දන්නෑ’ යනුවෙන් තමන්ට ම කියා ගත් සියාතු කළේ දඬුවැටෙන් පැන බයෙන් බයෙන් වුව ද අලියා අසලට යාම ය. 

එහිදී ඔහුට දක්නට ලැබුණේ එම වම් කකුලේ උලක් ඇනී ඇති බව ය. තමන් මෙසේ අලි මන්තර කියද්දීත් අලියා එතැනින් හෙළවුණේ නැත්තේ තමන් මේ පැමිණියේ මෙම ආබාධයට හේන් ගොවි වෙදමහත්තයාගෙන් ප්‍රතිකාරයක් ගන්නට අවශ්‍ය නිසා ය. 

සියාතුට ඇති වුණේ අපූරු අනුකම්පාවකි. ඔහු අලියාගේ කකුළ ළඟට ගොස් උල ඇද දැම්මේ ය. මෙහිදී මෙතෙක් හොඬ සොලවා සොලවා, කන් සොලව සොලවා සිටි අලියා තරමක් හිස ආපසු හරවා සියාතු වෙත තම කෘතඥතාව පළ කළා වැනි දෙයකි. ඉන් පසු අලියා කොර ගසමින් වන රේඛාව අසලට ගියේ ය. ගොස් ආපසු හැරී හොඬ උඩට හරවා කුංචනාදයක් පෑවේ ආචාර කරන්නාක් වැනිව ය. 

ඉන්පසුව ගත වූ දවස් දෙක තුනේ ම හේන්වලට හොර අලියාගෙන් කරදරයක් වූ බව ආරංචි වූයේ නැත. සතරවැනි දවසේ සවස එදා මෙන් ම සියාතුට දක්නට ලැබුණේ අලියා තම දඬුවැට ළඟ සිටින බව ය. එහි සිට කන් සොලවමින්, හොඬ සොලවමින් සියාතු සමඟ කතාබහ කරනවා වැනි හැඟීමකි. දැන් සියාතුට බයක් නැත. තමන්ගෙන් ප්‍රතිකාර ලත් අලියා දැන් මගේ යාළුවා නොවැ වැනි හැඟීමක් ඇති විය. මෙසේ දවස් හතරක් පහක් ම මේ අලි මිනිස් සංගමය සිදු විය. ඒ දඬුවැටෙන් එහා මෙහා ය. 

එහෙත් ඉන් පසු දවසේ අලියා වෙන කිසි දවසකවත් නැති කලබලයකින් සියාතුගේ පැළ ළඟටම ආවේ ය. එහෙත් සියාතුට බයක් ඇති නොවූයේ අලියා දැන් තමායේ යාළුවා නිසා ය. 

එහෙත් සුළු වේලාවකින් පසුව අලියා කළේ සියාතුව තම හොඬට පටලවා ගැනීම ය. එවේලේ නම් ඔහුට හොඳටම බය සිතුණි. ඒ එක්කම අලියා කළේ සියාතුව තම පිට උඩ තබා ගැනීම ය. සියාතු පිට උඩ සිටියදී අලියා කළේ කැලය ප්‍රදේශයට යාම ය. ‘අලියෝ, උඹ මාව කොහේද  ගෙනියන්නේ? කියලා අහන්නයැ. 

මෙහෙම ගිහින් අලියා කැලේ මැද වූ ගල් තලාවක මත සියාතුව පිටෙන් ගෙන තැබුවේ ය. මේ වන විට දස අත අඳුර ගලාගෙන එන නමුත් කැලයේ වනත් සතුන්ගේ හඬ ඇසෙන්නට වෙද්දී සියාතුට සිතට බයක් ඇති නොවුණේ තමන් ළඟ ම තම හිතවත් අලියා සිටින හෙයිනි. 

සියාතු ගල් තලාව උඩ ය. අලියා තරමක් මෑතින් තවත් ගල් තලාවක් සේ කන් සොලවා සොලවා ඔළුව වන වනා සිටින්නේ සියාතුට තනියටම මෙන් ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments