නිවසට අවශ්‍ය කුළුබඩු ටික ඔබටම හදාගන්න පුළුවන්

අගෝස්තු 7, 2020

වංගෙඩිය මිරිස්ගල, කුරහන්ගල නවීන නිවාසවලින් අතුරුදහන්වෙලා ගොඩක් කල්. අද ඒ තැන ගන්නේ ග්‍රයින්ඩරයක් නැත්නම් බ්ලෙන්ඩරයක්. 

කුළුබඩු බෝතල් ටික මුළුතැන්ගෙයි රාක්කයේ ලේබල්ද සහිතව පිළිවෙලට තිබුණත් ඒ හැම එකක්ම මුළුතැන්ගෙට එන්නේ වෙළඳපොළෙන්. කටට රහට පොල් සම්බෝලයක්, ලුණු මිරිසක් වත් හදාගන්න මිරිස්ගලක් පවා නිවසක තියෙන්නේ අද ඉතාම කලාතුරකින්. ඉස්සර අපේ අම්මලා වෙළඳපොළෙන් ගෙනාව මිරිස්කරල් ටික කොත්තමල්ලි , සූදුරු, උළුහාල් හොඳීන් සෝදලා අව්වේ වේලලා ගෙදරදීම වංගෙඩියේ කොටාගෙන උයන පිහින මාළුපිනි සුවඳට රසට රසේ උයන හැටි අපිට තාමත් මතකයි. ඒත් නවීන ගෘහණිය කාර්ය බහුලවීම රැකියා සඳහා යොමුවීම අතේ ඇඟිල්ලත් නියපොත්තක් ගැන පවා උවමනාවටත් වඩා ලෙන්ගතුවීම ආදී තවත් විශේෂ හේතු කීපයක්ම නිසා වෙළඳපළේ තියෙන පෙර සැකසූ කුළුබඩුවලින් කෑම උයන්න පුරුදු වෙලා. ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට මේ කුළුබඩුවල බහුලවම අඩංගු වෙන්නේ බඩඉරිගු පිටි. සමහර කුළුබඩු නිෂ්පාදනවලට එවැනි දේ මිශ්‍ර නොවුණත් ඒවායේ පිරිසිදුකම පිළිබඳවත් හිතන්න කාලය ඇවිත්. හැම දෙයක්ම වාණිජකරණය වෙලා වතුර ටිකත් බෝතල් විදියට විකිණෙන කාලේ නරකද නිවසට අවශ්‍ය කුලුබඩු ටික හෝ කීපයක්වත් නිවසේදීම හදාගන්න ඔබ උනන්දු වුණොත්. මේ සඳහා කාලය සොයා ගන්න තරම් අපේ ගෘහණියන් බුද්ධිමත් බවත් අපි දන්නා නිසාම පිරිසිදුවට කෘත්‍රිම රසකාරක ,වර්ණකාරක මිශ්‍ර නොකළ ගුණත්වයෙන් හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුළුබඩු කීපයක් ගැනත් ඒවා අවශ්‍ය ලෙස නිවසේදීම සකස් කරගන්නා පිළිවෙළත් ගැනයි මේ තොරතුරු.

ස්වාභාවික කුළුබඩුවල ගුණවත්කම්

රම්පේ

රසකාරකයක් ලෙස බහුලව භාවිතා කරයි. ආහාර සුවඳවත් කිරීමටද අනගියි. ආහාර ජීර්ණය පහසු කරයි. උදර වේදනා අඩු කරයි. ආහාර රුචිය ඇති කරයි. කුසගින්න ඇති කිරීමට සුදුසුයි. විෂබීජ නාශකයක්. ප්‍රති ඔක්සිකාරක ගුණ සහිතයි. ඇස් පෙනීමට හිත කරයි. බඩේ අමාරුවට ගුණදෙයි. බඩේ අජීර්ණය සඳහා යෝග්‍යයි.

කුරුඳු

වාතය හා සෙම් දෝෂ නසයි. ආහාර සුවඳවත් කිරීම සඳහා මෙන්ම රසවත්භාවයට පත් කරයි. සමහර ආහාරවල පවතින අමිහිරි රසය නැති කරයි. ආහාර මාර්ගයේ විෂ වායු ශෝධනය කරයි. එනම් රෝග කාරක විෂබිජ නැති කරයි. කුසගින්න ඇති කරයි. ආහාර රුචිය ඇති කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අජීර්ණය සඳහා යෝග්‍යයි.

කුරුඳු

වාතය හා සෙම් දෝෂ නසයි. ආහාර සුවඳවත් කිරීම සඳහා මෙන්ම රසවත්භාවයට පත් කරයි. සමහර ආහාරවල පවතින අමිහිරි රසය නැති කරයි. ආහාර මාර්ගයේ විෂ වායු ශෝධනය කරයි. එනම් රෝග කාරක විෂබීජ නැති කරයි. කුසගින්න ඇති කරයි. ආහාර රුචිය ඇති කරයි. ආහාර ජීර්ණය පහසු කරයි.මහාන්ත්‍ර පිළිකා ඇති වීම වළක්වයි. රුධිරගත සීනි හා අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. අධික තරබාරුව අඩු කරයි. හෘදරෝග, ම්‍රත්‍රා මාර්ගගත රෝග ශුක්‍ර දෝෂ අර්ශස් සහ රුචිය පණු රෝග සුව කරයි. සෙම්ප්‍රතිශයාව ඇති විටදී කුරුඳු කොළ තම්බා එම වාෂ්පය මුහුණට ඇල්ලීම සුදුසුයි. සුගන්ධවත් තෛලයක් ලෙස කුරුදු තෙල් විවිධ වර්ගයේ නිෂ්පාදනවලට එකතු කරයි.

සූදුරු

වාතය හා සෙම් දෝෂ නසන සූදුරු ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීම සිදු කරයි. ආහාර නරක් වීම වළකාලන අතර ආහාර කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරයි. ආහාර මාර්ගයේ විෂ වායු ශෝධනය සිදු කරයි. එනම් රෝග කාරක විෂබීජ විනාශ කරයි. කුසගින්න ඇති කරයි. ආහාර රුචිය වැඩි කරයි. සමේ රෝගවලට හිතකරයි. වාත රෝග දුරු කරයි. බඩ පිපුම නැති කරයි. යහපත් කටහඬක් ඇති කරයි. මුත්‍රා කාරකයි. වමනය නැති කරයි. මුත්‍රා අඩස්සිය නැති කරයි. රක්ත ශෝධක ගුණය ඇත. පණුරෝග හා ග්‍රහණි රෝග නැති කරයි. අම්ල පිත්ත රෝග අවස්ථා සඳහා ගුණදායකයි. මව්කිරි වඩවයි. අක්මාවේ රෝග හා වකුගඩු රෝගවලට සුදුසුයි.

කොත්තමල්ලී

සෙම් පිත් නාශකයි. ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීම ඇති කරයි. ආහාර නරක් වීම වළකාලන අතර ආහාර කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරයි. ආහාර මාර්ගයේ විෂ වායු ශෝධනය කරයි. විෂබීජ විනාෂ වීම සිදු කරයි. කුසගින්න වඩවයි. ආහාර රුචිය වැඩි කරයි. උණ, පිපාසය, ශරීරයේ දාහය, ශරීරයේ දුඟද, ඉදිමුම නැති කරයි. වමනය බඩපිපුම පණුවන් නසයි. මුත්‍රා කාරකයි. මුත්‍රා පද්ධතිය පිරිසිදු කරයි. මල කැටි කරයි. ඉන්සියුලින් ස්‍රාවය වීම ක්‍රමවත් කරයි. රුධිරගත සීනී ප්‍රමාණය පාලනය කරයි. අක්මාවේ ක්‍රියාවන් ක්‍රමවත් කරයි. රුධිරගත අහිතකර කොලෙස්ටරෝල්

(ට්‍රයිග්ලිසරයිඩ) අඩු කරයි. හිතකර කොලෙස්ටරෝල් (ඩ්ච්ඹ්) වැඩි කරයි. ශරීරයේ රසායනික

ක්‍රියාවලියේදී නිපදවන හානිදායක රසායනික විනාශ කරයි. එනම් ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි

කරවයි. වේදනා නාශකයි. මාස් ශුද්ධියේ වේදනා අඩු කරයි. අමු කොත්තමල්ලි හෘදයට ගුණයි.

කරපිංචා

ආහාර රසවත් කිරීමට හා සුවඳවත් කිරීමට භාවිතා කරයි. රුධිරයේ ඇති විෂ කොටස් මෙන්ම ආහාරවල පවතින විෂ කොටස් ද පිරිසිදු කරයි. මල බුරුල් කරයි. විරේචන ගුණය ඇත. අකලට හිසකෙස් පැසීම හාවැටීම අඩු කරයි. කේශ වර්ධනයට උදව් කරයි. අජීර්ණ රෝග පණු රෝග සමේ රෝග දුරලයි. අක්මා රෝග හා අක්මා සෛලවල පිළිකා වළකයි. අර්ශස් රෝගය සුව කරයි. සිරුර පැහැපත් කරයි. රුධිර ගත කොලෙස්ටරෝල් හා ශරීරයේ මේද අඩු කරයි. අධික තරබාරුව නැති කරයි. රුධිරගත සීනි මට්ටම අඩු කරයි. අධික රුධිර පීඩනය අඩු කරයි. ශරීරයේ රසායනික ක්‍රියාවලියේදී නිපදවෙන හානිදායක රසායනික විනාශ කරයි. එනම් ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති කරවයි.

උළුහාල්

වාත සමන ගුණය ඇත. ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීම සිදුකරයි. ශරීරයේ වේදනා නැති කරයි. විශේෂයෙන් සන්ධි වේදනා, අන්ත්‍ර වෘද්ධි වේදනා අඩු කරයි. කිරිදෙන මවුවරුන්ගේ කිරි වැඩි කරයි. ගර්භණින්ට යෝග්‍යයි. අධික තරබාරුව අඩු කරයි. අධික රුධිර පීඩනය පාලනය කරයි. උළුහාල් වතුරේ තිබුණු පසු ඇලෙන ගුණය පවතිනුයේ මෙහි පවතින විශේෂ වු නානුමය ස්වභාවය නිසයි. මෙ මඟින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන අතර අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අඩු කරයි.

මේ විදියට කුළුබඩු නිවසේදීම හදාගන්න

ඖෂධීය ගුණ රාශියකින් පිරුනු බැදපු තුනපහ කුඩු 

අවශ්‍ය ද්‍රව්‍ය 

සූදුරු 100 ඨ

මාදුරු 25  ඨ

කොත්තමල්ලි 50  ඨ

සාදික්කා ගෙඩි 1/2 යි 

වසාවාසි අවශ්‍ය තරමට 

(පොතු ඉවත්කල) කරඳමුංගු කරල් 10 ක ඇට 

සුදුළූනු ගෙඩි 1 යි (සිහින්ව ලියාගත්) 

සිහින්ව ලියාගත් ඉඟුරු කැබැල්ලක් 

රතුහාල් මේස හැඳි 2 ක් 

කරපිංචා කොළ 

රම්පේ.

කුරුඳු පොතු 

ගම්මිරිස් ඇට තේ හැන්දක් 

කරාබු නැටි 

අබ තේ හැඳි 1 ක් 

සාදන ක්‍රමය 

සූදුරු, මාදුරු,කොත්තමල්ලි ගරා සෝදා මඳක් වේලෙන්නට තබා හොඳින් බැඳගන්න.පසෙකින් තබා රතුහාල්, ඉඟුරු, සහ සුදුළූනු කබලේ බැදගන්න. එය බැදෙන අතරට අබ ටිකද එකතු කරන්න. ඉන්පසු එයටම කරපිංචා , රම්පේ, කුරුඳුපොතු. ගම්මිරිස් , කරාබු නැටි, එනසාල්. වසාවාසි, සාදික්කා, ගෙඩි 1/2 බැදෙන්නට දමන්න. පසුව මේ සියල්ල සමඟ කබලේ බැඳගත් මාදුරු, සූදුරු,කොත්තමල්ලි, ද්‍රව්‍ය මිශ්‍රණය ද එකතු කර මද රස්නයෙන්ම කොටා වීදුරු බෝතලයක අසුරා ගන්න. මෙම බැදපු කුඩු ආහාර රසවත් කිරීමට වඩාත් යෝග්‍ය වන අතර ආහාර පිළියෙළ කිරීමේදී ප්‍රමාණය අනුව යොදා ගන්න. 

පෝෂණ ගුණයෙන් පිරුණු අමු තුනපහ කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය සුදූරු 100  ඨ,  කොත්තමල්ලී 50 ඨ,  මාදුරු මේස හැඳී 2ක්, වසාවාසි ස්වල්පයක්,  කුරුදු පොතු ස්වල්පයක්  සිහින්ව ලියාගත් කරපිංචා (අවශ්‍ය පමණට)

සකසන ක්‍රමය

පළමුව සූදුරු /කොත්තමල්ලි වෙන වෙනම හොඳීන් ගරා සෝදා තද හිරු එළියෙන් වියළා ගන්න.

කරපිංචා, මාදුරු, වසාවාසි, කුරුඳු පොතු ද තද හිරු එළියෙන් වියළා ගන්න. (කල් අරින්නේ නැතිව) ඒ මොහොතේම මේ සියලු ද්‍රව්‍ය එකතු කර හොඳීන් ඕතඥදඤ කර වීදුරු බෝතලයක අසුරා ගන්න. කෑම පිසීමේදී අමු තුනපහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට එක් කරගන්න. රසය මෙන්ම පෝෂණ ගුණය ඔබට මෙයින් ලබාගත හැක.

රසයත් ගුණයත් එක්තැන්කළ උළුහාල් කුඩු

අවශ්‍ය ද්‍රව්‍ය

උලුහාල් 100ඨ,  කරපිංචා කොළ කිහිපයක්,  රම්පේ කොළයක්, කුරුදු පොතු කැබැල්ලක්

උලුහාල් හොඳීන් ගරා සෝදා තද අව්වේ වියලා ගන්න. කරපිංචා කොළ අතින් පොඩි කර ගන්න. රම්පේ කොළයේ මැද නාරටිය ඉවත් කර එයත් අතින් පොඩි කරගන්න. කුරුදු පොතු කැබැල්ල ද  අව්වේ වියලා කුඩු කරගන්න. මේ සියල්ල එකට එකතු කර රන්වන් පාට වනතුරු කබලේ බැඳගන්න. පසුව ලිපෙන් බා ඕතඥදඤ කර වීදුරු බෝතලයකට අසුරා ගන්න. මෙම මිශ්‍රණයෙන් හැදි කීපයක් ආහාර වර්ග තෙම්පරාදු කරන විට තෙලට දමා ගැනීමෙන් ආහාරය රසවත් වේ. ඒ   සමඟම පෝෂණිය ගුණයක් ආහාරයට ලැබේවී.

මේ ආකාරයටම සුදුරු, අබ, කුරුදු, ගම්මිරිස්, කරපිංචා, රම්පේ, එනසාල් වැනි කුළුබඩු සෝදා වේලා එලෙස ම හෝ කුඩු වශයෙන් හෝ කුඩා වීදුරු බෝතල්වල අසුරා තබා අවශ්‍ය වු විට ඔබට

ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ “උවමනාව” පමණයි.



subasetha

Comments