අප සිටින පරිසරයේ දක්නට ලැබෙන ඖෂධ පැළෑටි අතුරින් ඔබ, අප දන්නා හඳුනන ඖෂධීය පැළෑටි ප්‍රමාණය ඉතාමත් අල්පය. අප අවට ඇති ගස් වැල් පිළිබඳව හොඳීන් පරික්‍ෂා කර බැලුවහොත් පෙනී යන්නේ ඖෂධ පැළෑටියක් නොවන ගසක් හෝ වැලක් නොපවතින බවයි.
ඖෂධ පැළෑටියක් යනු මිනිසාගේ, සතුන්ගේ සහ ශාකවල සුවසෙත සඳහා යොදා ගන්නා ශාකයන් ය. මේවායේ ඇති කොළ, මල්, පොතු, මුල් සහ ගෙඩි යන පංචාංගයන්ගෙන් එක් කොටසක් හෝ යොදා ගන්නා ශාක “ඖෂධ පැළෑටි” වේ. නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීමටත් රෝගි අවස්ථාවේදී එම රෝගයන් සුවපත් කිරීම සඳහාත් ඖෂධ පැළෑටි ප්‍රයෝජනවත් වේ. එයිනුත් රෝග සුවපත් කිරීමට වඩා රෝග සෑදීම වැළැක්වීම සඳහා ඖෂධ ශාක භාවිත කිරීම වඩා වැදගත් වේ.
ඖෂධ පැළෑටි අතුරින් වඩාත් වැදගත් ඖෂධ පැළෑටියක් ලෙස ‘වේලා’ හැඳීන්විය හැකි ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉතා ප්‍රයෝජන ලබාදෙන ශාකයක් ලෙස ‘වේලා’ හැඳීන්විය හැක.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවල වැවෙන අතර විශේෂයෙන් කුණු රොඩු දිරිපත් වූ බිම් ප්‍රදේශවල හොඳීන් වැවේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකවේ අධික ශීත නොවූ සියලුම ප්‍රදේශවල දක්නට ලැබෙන අතර විශේෂයෙන් තෙත් පහත් බිම්වල දක්නට ඇත.
පැළෑටියේ ස්වරූපය
කෙළින් ඉහළට වැවෙන අතු බෙදෙන වාර්ෂික ශාකයකි. සෙ.මි. 60 - 120 පමණ උසට වැවෙන අතර මෙහි කඳ දම් පැහැයට හුරු ය. එසේම මෙම කඳේ දළ රෝම සහිත ගොරෝසු බවක් ඇති අතර පැතිරෙන රෝම පවතී. මෙහි පත්‍ර වල ස්වරූපය සැලකීමේ දී හස්තාකාර සංයුක්ත පත්‍ර පවතින අතර පත්‍රිකා සයකින් යුක්ත වේ. එසේම පත්‍රිකා තුනක් ද තිබිය හැකි ය. නැට්ටක් නැති
පත්‍රිකා රළු සහ අණ්ඩාකාරය. සෙ.මී. 3.7 - 5 දක්වා දිගින් යුතු ය. කෙඳී සහිත සියුම් කටු සහිත වේ.
සුදු හෝ ලා රෝස මල් කිනිත්තක් ලෙස පවතී. මලේ පෙති 4 ක් පවතියි. එසේම මෙහි දිගැටි සිහින් කරල් පවතින අතර එම කරල් සෙ.මී. 5 - 7 දක්වා දිගින් යුතු ය. මේවා තුළ පවතින බීජ අඳුරු දුඹුරු පැහැයක් ගනී. වසරක් තුළ ගසෙහි බීජ ඇති වී ගස මැරී යන අතර නැවත බීජ වැටීමෙන් පැළ හටගනී. සෑම වසරකම මැයි සහ ජූනි මාස වල මල් හටගනු ලබයි.
විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාමයන්
පොදු සිංහල නාමය - වේලා වන අතර
සංස්කෘතික බසින්
සූර්යා වර්ත, සූවර්චලා, ආදිත්‍ය භක්තා, සූර්යභක්ත, අජගන්ධා, අර්ක පුෂ්පිකා, අවිගන්ධා,බර්බරගන්ධා, බ්‍රහ්ම සුදුර්ලභා, කපොත වංකා, කවරී, කවරිඥන, බර පුෂ්පා, පශූ ගන්ධා, සූගන්ධිකා, සූරජවර්තා, බ්‍රහ්මගර්භ, බ්‍රාහ්මීචෝරක ආදී නාම රාශියකි. මේ අතුරින්
සූර්යකාන්තා
සූර්ය කාන්තා - සූර්යයාට ප්‍රතිචාරයක් දක්වන බැවින් ද සූර්යා භක්තා
කපොතවකො - මල නැවී ඇති බැවින් ද
අජගන්ධා - ගන්ධයක් සහිත බැවින් ද
පශූගන්ධා ඛර පුෂ්ප - මල් රළු බැවින්ද යෙදේ
හින්දි බසින් - හුල හුල්, චුරෝටා, හුර්හුර්, කරලියා, ලාල් හුල්හුල් යන නාම ද,
දෙමළ බසින් - වේලායි, නායිවේලායි සහ නායිවේලා යන නාම ද
වංග බසින් - ශ්වේත හූර්හුරියා යන නම ද යෙදේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment