පරිසරය දූෂණය බොහෝ රෝග සඳහා හේතුවෙනවා. එසේම පරිසරය දූෂණයට හේතුකාරක වන ප්‍රධාන බලපෑම් ස්වභාවිකව මෙන්ම මානව අපගේ බලපැම් හේතුකොට ගෙන විශේෂයෙන් ඇතිවේ.
මානව හේතුකාරක ලෙස
කාර්මීකරණය
කාර්මික ඉදිකිරීම්
කෘෂිකාර්මික කටයුතු
සත්ව පාලනය
පරිවහණ මාධ්‍යයන්
වනාන්තර පිලිස්සීම, විනාශ කිරීම
කාන්තාරිකරණය
න්‍යෂ්ටික බලාගාර
යුද්ධ න්‍යෂ්ටික අවිගැටුම්
ස්වභාවික හේතුකාරක ලෙස
යමහල් විද්‍රාකරණය
විභේදකරණය / භූචලන
ගිනිකඳු පිපිරීම
වැලි කුණාටු
ලැව්ගිනි
වායුගෝලයට මුදාහැරෙන විවිධ රසායනික අපද්‍රව්‍ය ගිම්හල්වල කි‍්‍රයාවලිය ට්පඥඥදඩධභඵඥ ර්‍ථපධජඥඵඵ ඕසෝන් ර්‍ණලධදඥ ඤඥනතඥබඪධද අම්ල වැසි ඇතිවීම ඒජඪඤ පචඪද ආදි කි‍්‍රයාවලියන් හරහාද මානව සෞඛ්‍ය මෙන්ම පෘථිවිගෝලීය ජීවලෝකය කෙරේ අහිතකර ලෙස බලපෑම් ඇතිකරනු ලැබේ.
වායුගෝලීය මෙහෙවරේ අගය මැණිය හැකි නොවන්නේ මිනිසාට සිය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අංග 05 ක් වන වායුව , ජලය, ආහාර, තාපය හා ආලෝකය යන මේවා ගෙන බැලූවිට ආහාර, ජලය නොමැති වුවද ජීවත් වියහැකි නමුත් වායුව නොමැතිව විනාඩි 05 ක් වුවද සිටිය හැකි නොවේ. මිනිසාගේ ස්වසන වාර දිනකට 220000 වාරයක් කරන අතර, දිනකට වායුව ගිලෝග්රෑම් 15 ක් සමඟ ආශ්වාස කරනු ලැබේ. එය අපගේ වායුවේ අවශ්‍යතාවයයි. නමුත් අපට මේ පිරිසිදු වායුව ලබාගැනීමේ අවශ්‍යතාවය අද තරමක ගිලිහීයාමක් සිදුව ඇත්තේ මේ පරිසර දූෂණය වන නිසාමය.
ලෝක ජනගහනය වර්ධනය වීමත් , තාක්ෂණ මට්ටම ඉහළ යාමත් වැනි කරුණු සමඟ මානව කි‍්‍රයාකාරිත්වය පරිසරය කෙරේ ස්ථීර බලපෑමක් කළහැකි විය. විශේෂයෙන් ලෝක දේශගුණයට මානව කි‍්‍රයාකාරකම්හි බලපෑම ඇත. එහි ගුණාත්මකභාවය රැකීමට මානවයා සතු යුතුකම අපමණ වේ. වනාන්තර පිලිස්සීම , පොසිල ඉන්ධන දහනය, කාර්මික පතල් කර්මාන්තය, නාගරීකරණය ආදි සියළු සංවර්ධන කි‍්‍රයාවලියන් හරහා දේශගුණයටද බලපෑම් කොට ඇත. මෙම කි‍්‍රයාවලියන් හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගත වීමත් ඒ සමඟම මීතේන් ක්ලෝරෝප්ලෝරෝකාබන් , නයිට්‍රස් ඩයොක්සයිඩ් වායු වර්ග ප්‍රමාණාත්මකව වායුගෝලයේ වැඩිවීමත් වායුගත දූවිලි වැඩිවීමත් සිදුවේ. මේ නිසා පෘථීවි ගෝලයේ ඇල්බීඩෝව හෙවත් පරාවර්තන සංගුණකය වෙනස්වීම් සිදුවේ.
ගිම්හල්ඵල කි‍්‍රයාවලිය ආශි‍්‍රතව සිදුවන හා සිදුවිය හැකි මානව සෞඛ්‍යමය ප්‍රතිඵල බලන විට ඒවා සංෂිප්ත කොට කිරීමේදී ඒ මඟින් වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීමත් සිදුවේ. මෙසේ උෂ්ණත්වය වැඩිවීමේදී කෘමි වර්ධනය වීමත්, බැක්ටීරියා වර්ධනය වීමත් සිදුවේ. විශේෂයෙන් කෘමි වර්ධනයේදී විශේෂයෙන් මදුරු වර්ධනය වේ. ඒ මඟින් අපට සෑදෙන ලෙඩ රෝග රාශියකි. මැලේරියාව, බරවා, කහ උණ, ඩෙංගු උණ , රක්තපාත උණ, එන්සිපලයිටිස් ආදි රෝග රාශියක් වන අතර, වායුගත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමත් ජලාශ වලට අපවිත්‍ර ද්‍රව්‍ය එකතුවීමත් නිසා ජලාශ ආශි‍්‍රත උෂ්ණත්වය වැඩිවේ. මේ නිසා ජලාශ ආශි‍්‍රත ජනනය වන බැක්ටීරියා හා කෘමි වර්ධනය වීම සිදුවේ. එහි ප්‍රතිඵලය විශේෂයෙන් පාචනය, කොලරා , බෝවන සෙංගමාලය වැනි රෝගාබාධ ඉක්මනින් ව්‍යාප්ත විය හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment