ඔසු ගුණයෙන් පිරිපුන් නස්නාරං

ජූලි 17, 2020

ඖෂධීය ශාක යොදා ගැනීමේ දී අප විසින් බොහෝ සෙයින් යොදා ගනු ලබන ශාක කාණ්ඩයක් වනුයේ දොඩම් කුලයට අයත් ශාකයක් ය. උද්භිද විද්‍යාත්මකව ගත්කළ අභබචජඥචඥ හෙවත් ජම්බීර කුලයට අයත් ශාක කොටසක් වන මේවා ඖෂධ සදහා බෙහෙවින් යොදාගනු ලබයි. 
ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබන ශාකයක් වනුයේ ‘නස්නරං’ ය දොඩම් කුලයට අයත් ඇඹුල් දොඩම්, හීංනාරං යනු ද අතිශයින් ගුණදායක එමෙන් ම ඖෂධ සදහා බෙහෙවින් යොදාගනු ලබන ශාකයන් ය.
නස්නාරං යන ශාකය පිළිබඳව විවිධ මත ගැටුම් ද දක්නට ලැබෙන අර එම නාමය කෙසේ පැමිණියේ දැයි විවිධ මත පවතියි. සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙන බීජ පුර යනු ලප්නීරං ලෙස දක්වා එම නාමයේ ගැනෙනුයේ නස්නාරං ය. ආධුනික ද්‍රව්‍ය ගුන විඥාණ ග්‍රන්ථවල දක්නට ලැබෙන බීජ පුරවල ලක්ෂණ නස්නාරංවල ද දක්නට ලැබේ. තවද ලබු නාරං යන්නට ලප්, කප්, කත්, තස් යන ක්‍රමයෙන් පැමිණි තස් යන පදය විශේෂණ කර ගැනීමෙන් නස්නාරං යනුවෙන් සැකසුනේ යැයි කියනු ලැබේ.
වැවෙන ප්‍රදේශ .
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පාහේ හොඳීන් වැවෙන ශාකයක් ලෙස නස්නාරං හැඳීන්විය හැකිය.

නස්නාරං ශාකයේ ස්වරූපය .
සාමාන්‍ය ප්‍රමාණයේ ශාකයක් වන අතර ම ශාකයේ කඳේ ද දොඩම් ශාකයන් මෙන් කටු දක්නට ඇත. මෙම ගසේ ද පොත්තේ ද පැඟිරි සුගන්ධය පවතින අතර දෙහි කොළවලට වඩා තරමක් කුඩාය. මෙම ශාකයේ හටගනු ලබන ගෙඩි කුඩා වන අතර ඉදුණු විට ලෙල්ල කහ පැහැ වේ. මෙම ගෙඩි වලද අභ්‍යන්තරයේ යුෂ පවතින අතර බීජ ද පවතී. මෙහි යුෂය ආහාර රස කිරීමට ද ඖෂධ යෝග සඳහා ද යොදාගනු ලබ යි.

විවිධ ශාකවලින් හඳුන්වන නාමයන්.
පොදු සිංහල නාමය . නස්නාරං වන අතර
සංස්කෘත බසින් . මාතුලුංග, බීජපුර, බීජපූරක, බීජාහ්ව ගන්ධ කුපුම, වරාම්ල, දන්කූරන්වච, ඵලපූරක, කේශරාම්ල, කෘමිඝක, රෝචනඵල සහ රුවක ආදී නාමයන් රාශියක් වේ. මේ අතුරින්
බීජ පූරක . ඇට බහුල හෙයින් ද, රුචක . රුචිය වඩන හෙයින් ද, දන්තූරත්වච . දත් බොල්ලෑවූවන් මෙන් ලෙල්ල සහිත හෙයින් ද, කේශාරාම්ල . ඇඹුල් රස රේණු සහිත හෙයින් ද, යෙදෙයි
හින්දි බසින් . බිජෞරා යනුවෙන් ද,
වංග බසින් . ටාබා ලේබු යනුවෙන් ද,
දෙමළ බසින් . මාදලම් යනුවෙන් ද,
ඉංගීසි බසින් . ඛ්ඪබපධද යනුවෙන් ද යෙදේ.
උද්භිද විද්‍යාත්මක නාමය ඛ්ඪබපභඵ ථඥඤඪජච ඹ්ඪදද වන අතර කුලය අඪභබචජඥචඥ හෙවත් ජම්බීර කුලය වේ.
මෙම කුලයට අයත් අනෙකුත් ශාකයන් වනුයේ අංකෙන්ද, බෙලි, පඹුරු, යකිනාරං, ඇඹුල් දොඩම්, දෙහි, දිවුල්, තුම්පත් කුරුඳු, කක්කේල, කරපිංචා, ඇට්ටේරියා, වෙල්ලන්ගිරිය, සහ කුඩුම්රිස්ස ආදියයි.

නස්නාරං ප්‍රභේද
1. මධුර වර්ගය . ඛ්ඪබපභඵ ඛ්ඥජභථචදච ලෙස ද
2. අම්ල වර්ගය . ඛ්ඪබපභඵ චජඪඤච යනුවෙන් ද වේ.

නරංවල ඖෂධීය අංග
යුෂ,ගෙඩියේ රේණු, මුල්, දළු, මල්, රේණු, ඇට සහ ගෙඩියේ පොතු ආදියයි.
නස්නාරංවල අඩංගු රසායනික උපාදාන නිම්බුකාම්ල, ගන්ධකාම්ල, සයිටි‍්‍රන් සයිට්‍රෝල් සහ සයිට්‍රෝනේලල ආදී රසායනික පදාර්ථ අන්තර්ගත වේ.

නස්නරං වල ඖෂධීය ගුණ කර්ම
රසයෙන්
1. මධුර වර්ගය . මධුර රසවන අතර
2. අම්ල වර්ගය . අම්ල රසයෙි
ගුණයෙන්
මධුර වර්ගය . ලඝු හා ස්නිග්ධ වන අතර
අම්ල වර්ගය . තීක්ෂණ ගුණ යුතුය
විර්යයෙන් අනුෂ්ණ (මදක් උෂ්ණ) යෙි
විපාකයෙන් .
මධුර වර්ගය . මධූර විපාකය ද
අම්ල වර්ගය . අම්ල විපාකය ද වේ.

දෝෂ අනුව සැලකීමේ දී
මධුර වර්ගය වා පිත් සමන ගුණ ද, අම්ල වර්ගය සෙම්, වාත සමන ගුණ ද යුතුයි. මේ නිසා මධුර වර්ගයේ ගෙඩි වාත පිත්තජ රෝග සඳහා ද අම්ල වර්ගයේ ගෙඩි සෙම් වාත රෝග සඳහා ද ප්‍රයෝග කරයි.

ශාරීරික ව්‍යුහගත ක්‍රියා
බාහිර වශයෙන්
මෙහි කොළ වේදනා නාශක ගුණ යුතු අතර මෙහි කොළ තම්බා පීඩා සහිත ස්ථානවල බදිනු ලබයි. එසේම නස්නාරං බීජ ඉදිමුම් නාශක ගුණ ද ලේඛන ගුණ ද යුතු අතර මෙම බීජ අඹරා ඉදිමුම් වලදී ද හමේ ආබාධ වලදී ද ගෝනුසු දෂ්ඨ වලදී ද ආලේපයට ඉතා යෝග්‍ය වේ.

අභ්‍යන්තර වශයෙන්
අභ්‍යන්තර පරිපචන ව්‍යුහාවේ දී

මෙය රෝචන ද තෘෂ්ණා නිග්‍රහන (පිපාස නසන) දීපන අනුලෝමක සහ අක්මා උත්තේජක ගුණ ද වෙයි. එනිසා අරුචි, වමන, පිපාස, බඩගිනි අඩුකම, අජීර්ණ, අක්මා ආබාධ, වේදනා, ගුල්ම හා අර්ශස් ආදියේ දී යොදනු ලබයි. මෙහි බීජවල රේණු ග්‍රාහී ගුණ බුතු අතර ප්‍රවාහිකා සහ අර්ශස් වලදී
යොදනු ලබයි. එසේ ම නස්නාරං ගෙඩිවල ලෙලි කෘමිස්ක ගුණ යුතුය. තවද මෙහි මුලේ පොතු කෘමි රෝග සඳහා යොදනු ලබයි.

නාඩි ව්‍යුහාවේදී
නස්නාරං මෙහිදි මත් බව සමන ගුණ යුතු අතර මද්‍රත්‍යයේ දී ප්‍රයෝග කරනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී
මෙහි දී මධුර වර්ගයේ ගෙඩි හදවතට හිතකාරී වන අතර රත්පිත් නසන ගුණ යුතු අතර සමන ගුණ යුතුයි. මෙනිසා හෘද් රෝගවලදී හා රත්පිතේ දී ප්‍රයෝග කරනු ලබයි.
අම්ල වර්ගයේ ගඩි හෘද් උත්තේජක ගුණ යුතු අර හදවත් දුබලතාවයේදී ප්‍රයෝග කරනු ලබයි. තවද මෙහි මල් සහ මුල් ද රත්පිතේ දී යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී
නස් නාරං සෙම් නසන ගුණ යුතු අතර ශ්වාසකාෂ, හික්කා ආදි රෝගාබාධ සදහා විශිෂ්ට ගුණ ලබා දේ.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments