ආයුර්වේදීය දැනුම උපයෝගී කරගනු ලබන මිනිසා සිය පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍යයන් උපකාරයෙන් මිනිසාට , සතුන්ට , වෘක්ෂලතාවන්ට වැළදෙන රෝගාබාධයන් සුවකර ගනුලබන අතර අනාගතයේදී වැළඳිය හැකි විවිධ රෝගාබාධයන්ද වළක්වා ගනු ලබයි.
මෙම ස්වභාවික අමු ද්‍රව්‍යයන් සත්වජ, පාර්ථිව සහ උද්භිද වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදෙන අතර එයින් උද්භිද ද්‍රව්‍යයන් ප්‍රධාන වශයෙන් ගනු ලබයි. මෙම උද්භිද ද්‍රව්‍යයන්ට ගැනෙන තුරුලතා වල ඖෂධීය අගය ඉතා ඉහළ මට්ටමක පවතී.
රෝග සුවකිරීමට මෙන්ම රෝග වළක්වා ගැනීමට යොදා ගන්නා සියලුම ශාක ඖෂධීය ශාකයන් ලෙස හඳුන්වනු ලබන්නේය. මිහිපිට ඇති සියලුම ශාකයන්ගේම යම් ඖෂධීය ගුණයක් ඇතැයි සිතන නමුත් දැනට මිනිසා හොඳින් හඳුනාගත් සහ භාවිතාවන ශාක පමණක් ඖෂධීය ශාකයන් ලෙස හඳුන්වනු ලබයි. මෙම ඖෂධීය ශාකවල පවත්නා ඖෂධීය ගුණයන්ට අමතරව ඒවායේ තවත් ප්‍රයෝජන රාශියක්ම ලබා දෙන අතර පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරන ප්‍රධාන සාධකයක් ද වේ.
මෙවන් ඖෂධීය ශාකයන් අතුරෙන් තවත් එක් වැදගත් ඖෂධීය ශාකයක් වශයෙන් වෘද්ධදාරු හැඳින්විය හැකිය. වැලක් හෙවත් ලතාවක් ලෙස හැඳින්විය හැකි “වෘද්ධදාරු’ සඳහා “විල්ලුදවැල්’ සහ ‘රට ගිරිතිල්ල’ යන නාමයක් ද වේ.
වෘද්ධදාරු ප්‍රභේද
1.වෘද්ධදාරු ,2.ජීර්ණදාරු යැයි ප්‍රභේද දෙකකි.
මෙහි දෙවන වර්ගය වන ජීර්ණදාරු යන ගිරිතිල්ල යැයි සැලකිය හැක. ගිරිතිල්ල යනු
ඒපඨරපඥඪච නධනභතඪටධතඪච ජඩධඪඵර නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.
තවත් මතයකට අනුව මෙම දෙවන වර්ගය විධාර යැයි මතයකි. එහෙත් හින්දි බසින් ‘විධාර’ යනු ‘වෘද්ධදාරු’ මය.
ජීර්ණදාරු යනු දෙවන වර්ගයට නමකි. වෘද්ධ සහ ජීර්ණයට ශබ්ද දෙකේ අර්ථවල සමානකම් අනුව ජීර්ණදාරු යනු වෘද්ධදාරු වල පරියායක් යැයි කිව හැකි වුවද “ජීර්ණදාරු’ යනු “වෘද්ධදාරු’ ප්‍රභේදයකැයි කීමට බාධා නැත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment