සියලුම ප්‍රාණීහු රෝගි වීම නැතහොත් නිරෝගී භාවය නොමැතිවීම යන කාරණයට එකසේ බිය වෙති. එසේ වන්නේ රෝගි වීම යනු කාලය, බලය, ශක්තිය , ධාරණය, රූපය, ධනය ආදී භෞතික දෑ ද සතුට, සැහැල්ලුව ආදී භෞතික නොවන සම්පත්ද නැති කරන්නක් වීමයි.
අතීතයේ අප සමාජය තුළ බොහොමයක් දෙනා බිය වූයේ මෙම බෝවන රෝග සම්බන්ධවයි. පැපොල, සරම්ප , කම්මුල්ගාය වැනි රෝග දෙයියන්ගේ ලෙඩ ලෙස හඳුන්වමින් කොහොඹ කොළ කිනිති වත්ත වටා එල්වා ගනිමින් එම නිවස වටා සිටින පිරිසටද ඒ බව දැනුම් දෙමින් ඔවුහු එම රෝගීන් ආරක්ෂා කරගත්හ. නිවසේ ගේට්ටුව අසල කොහොඹ කොළ එල්ලා තිබීම නිසා බාහිරින් පැමිණෙන සියලු දෙනාද එම නිවසට ඇතුළු වීමෙන් වැළකී සිටියි. එයින් බාහිර පුද්ගලයා නොහොත් බාහිර සමාජයද ආරක්ෂා වන්නාක් සේම රෝගියා තුළටද අනවශ්‍ය පරිබාහිර විෂබීජ ඇතුළු වීම වළකී. නිවස තුළ ඔවුනට වෙනම කාමරයක් සලසා දී නිවසේ එක් සාමාජිකයෙකු පමණක් ඔහුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිස්සම් සහගතව පෙනී සිටිමින් නිවසේ අනෙක් පුද්ගලයන්වද ආරක්ෂා කරගත්හ.
කාලයත්.සමඟ එම රෝග සඳහා වූ බලවත් බිය ක්‍රමයෙන් තුරන් විය. එසේ වූයේ එම රෝග සඳහා විවිධ ඖෂධ වර්ග මෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත්ද සොයා ගැනුණ නිසාවෙනි. නමුත් කාලයත් සමඟ වෙනස්වෙමින් අලුත් වෙමින් ඇතිවන විවිධ බෝවන රෝගවලනම් අදටත් මදිපාඩුවක් නැත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment