අප ජීවත් වන මේ සුන්දර පරිසරය තුළ ජිරී ඇත්තේ ශාක, සත්ව සහ පාර්ථිව ද්‍රව්‍යයෝය. මේ අතුරිනුත් බහුල වශයෙන් පවතින්නේ ශාක ද්‍රව්‍යයෝය. මෙම ශාක ද්‍රව්‍යයන් හෙවත් තුරුලතා බොහෝ සෙයින් පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීම සඳහා උපකාරී වේ.
මෙහිදී අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බහුතරයක් හොඳීන් දන්නා හඳුනන ශාකයන් වන අතරම තවත් රාශියක් පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති තරමය. මෙහිදී ඖෂධීය වශයෙන් වැදගත් වන ශාකයන්ද රාශියක් වේ. මේ අතරම ආහාරමය වශයෙන් වැදගත් වන ශාකයන්ද රාශියක් වන අතර ආර්ථික වශයෙන් වැදගත් වන ශාකයන්ද රාශියකි. මේ අතරම තවත් ශාකයන් ප්‍රමාණයක් පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් දැක්වීමට අපොහොසත්ව ඇත.
අතීතයේ දී ඖෂධීය ශාකයක් නොවන ශාකයක් සොයා ගැනීඹමට පවා අසීරුවන තරමට ශාකයන්ගේ වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් තිබූ වෛද්‍යවරුන් මෙන්ම ද්‍රව්‍ය ගුණ විද්‍යාඥයන් රාශියක් සිටි බවත් එකල තිබූ සියලුම ශාකයන් පාහේ ඔවුන් විසින් ඉතා නිවැරදි හඳුනා ගැනීමකින් යුතුව සිටි බවත් පැරණි සංහිතා ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ. එසේ වුවද වර්තමානයේ යම් යම් ශාකයන් පිළිබඳව නිසි හඳුනා ගැනීමක් නොමැතිවීම තුළින් පැහැදිලි වනුයේ එකල මෙන් දක්ෂ වියතුන් වර්තමානයේ විරල බවයි.
වර්තමානයේ ඖෂධීය ශාකයන් ඖෂධීය ගුණය මත පමණක් නොව ආහාර, සත්ව ආහාර,
කෘෂිකාර්මික අමුද්‍රව්‍ය, ගේ දොර මෙවලම් දර දැව, විසිතුරු පැළ මෙන්ම වෙනත් වාණිජ නිෂ්පාදන සඳහාද යොදා ගන්නා බව දක්නට ලැබේ.
මෙහිදී සින්කෝනා ශාකය ගැන සැලකීමේ දී දැකිය හැක්කේ මෙරට වෛද්‍යවරුන් තුළ සින්කෝනා වල ඖෂධීය වටිනාකම පිළිබඳ එතරම් වැටහීමක් නොමැති බවයි.
එසේ වුවද ආයුර්වේදයේ මෙම සින්කෝනා ශාකය ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් වැදගත් යැයි සලකා මෑත කාලයේ ආයුර්වේද ද්‍රව්‍ය ගුණ ශාස්ත්‍රයට ඇතුළත් කර ගෙන ඇත. ශ්‍රී ගණනාථ සෙත්තුමා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකු විසින් සින්කෝනා ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයට අනුව ප්‍රයෝග කිරීමෙන් ලත් අත්දැකීම් සහ ප්‍රතිඵල පදනම් කොට ගෙන ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථ සඳහා ඇතුළත් කර ගෙන ඇත.
මෙහිදී සින්කෝනා පිළිබඳව භාරතීය වනෞෂදි භාරතීය හෛෂජ්‍ය තත්ව ඉන්ඩියන් මැටිරියා බැඩිකා(නාදකරබි) ද්‍රව්‍ය ගුණ විඥණ (ප්‍රිය ව්‍රත ශර්මා) නිඝණ්ඩු ආදර්ශ(බාපාලාල්) ඉන්ඩිජන්ස් ඩ්‍රග්ස් ඉන්ඩියා (සර් චොප්රා) ආදී ග්‍රන්ථවල විවිධ අයුරින් විස්තර කර ඇත.
subasetha
Comments
Post a Comment