ආයුර්වේදය හා පරිසරය පිළිබඳ කතා කිරීමේදී තවත් ප්‍රධාන සංකල්පයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය. ස්වභාවධර්මයේ දැක ගත හැකි ශක්තීන් තුනක් සිරුරේ පවතින්නා වූ ත්‍රිදෝෂ හෙවත් තුන් දොස් සමඟ සම්බන්ධතාවයක් ඇති බව ආයුර්වේදය හඳුන්වා දෙයි. එම ශක්තීන් තුන මෙසේ දැක්විය හැකිය.
“ආයුෂ” හෙවත් ජීවිතය පිළිබඳ කරුණු දැක්වෙන විද්‍යාව ආයුර්වේදයයි යන්න ආයුර්වේදයට දිය හැකි කෙටිම පැහැදිලි කිරිමකි. අපි සියලුදෙනා දිගු කලක් ජීවත් වීමට කැමැත්තෙමු. පුද්ගලයකුගේ ජීවිතය හෙවත් ආයුෂ තමාට මෙන්ම තමා ජීවත් වන සමාජයට හිතකර විය යුතුය. එය තමාට මෙන්ම සමාජයට ද සැපයක්ම වේ.
එය “හිතායු” මෙන්ම “සුඛායි” විය. මෙසේ නොමැතිව තම ජීවිතය ගත කරන්නේ නම් එය තමාට මෙන්ම සමාජයට ද දුකකි. කරදරයකි.
“හිතායු” සහ “සුඛායු” ලෙස තම ජීවිතය ගෙවීමට අවට පරිසරයෙන් වඩාත් නිවැරදිව කිවහොත් ස්වභාවධර්මයෙන් පුද්ගලයෙකුට ගත හැකි ප්‍රයෝජන අපමණය. මිනිසා ඇතුළු පරිසරයේ සියල්ල නිම වී ඇත්තේ පථවි, ආපෝ, තේජෝ, වායු , ආකාශ නමින් හඳුන්වන “පංච මහා භූත” වලිනි.
ආයුර්වේද මූලධර්මයන්ට අනුව මිනිස් සිරුරේ පවතින වා, පිත්, සෙම් යන තුන්දොස් නිර්මාණය වී ඇත්තේද මෙම පංච භූත මුල් කරගෙන ය.
මෙම වාත පිත්ත සෙම යන තුන්දොස් හෙවත් ත්‍රිධාතුන් සමතුලිතව පවතින තෙක් අප ශරීරය නිරෝගි වන අතර ඒවා අසමතුලිත වූ විට සිරුර රෝගී වේ. මේ තුන්දොස්වල සමතුලිත බවටත්, අසමතුලිත බවටත් ස්වභාවධර්මය හෙවත් පරිසරාත්මක සාධක බලපායි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍ය
සුජාතා පුෂ්පකාන්ති
වෛද්‍ය
දේවපි‍්‍රය අබේවර්ධන
සටහන -
ජයන්ති කුරේ
subasetha
Comments
Post a Comment