අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන සත්ව, ශාක සහ පාර්ථිව යන සියලුම කොටස් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදෙන ඖෂධ යෝගයන් වලදී විවිධ අයුරින් යොදාගනු ලබයි. මේ අතුරිනුත් වැඩි වශයෙන් ඖෂධ යෝගයන් සඳහා යොදාගනු ලබන්නේ ශාක ද්‍රව්‍යවලින් ගනු ලබන ඖෂධාංගයි.
මෙහිදී ඒ ඒ යෝගයන් සඳහා යොදා ගනු ලබන තුරුලතා ගැන සලකා බැලීමේ දී සමහර ශාකයන් හඳුනා ගැනීමේ දී විවිධ මතභේදයන්ට ද ලක්වීමට සිදුව ඇත. එයට හේතුව වන්නේ සමහර ගස්වැල් පිළිබඳ පුරාණ ආයුර්වේද ග්‍රන්ථවල විවිධ නාම දක්වා තිබීමත් සමහර ශාකයන් කිහිපයක් සඳහා එකම නාමය දක්වා තිබීමත් වැනි විවිධ ගැටලු ආදියයි.
එසේම එක් එක් ප්‍රදේශ ආශ්‍රිතව එකම ශාකයට වෙනස්කම් යෙදෙන අවස්ථාද වේ. මේ නිසා සමහර අවස්ථාවල දී ඖෂධයෝගයන් සඳහා ඖෂධ යොදාගැනීමේදී වෛද්‍යවරුන්ට බොහෝ ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ. මේ නිසා වඩාත් නිවැරදි හා සුදුසු ඖෂධ ද්‍රව්‍ය යොදා ගැනීම පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම වැදගත් වේ. මේ ආකාරයේ මතභේදයන් සහිත
පැළෑටියක් ලෙස මැඩහඟු පැළෑටියද හැඳීන්විය හැකිය. ලතාවක් ලෙස දක්නට ලැබෙන මැඩහඟු ගැන විවිධ මතභේද දක්නට ඇත.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
ඉන්දියාවේ මුහුදු මට්ටමින් අඩි 3000 ක් දක්වා උස නොයන ප්‍රදේශයන්හි වැවේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර වියළි කලාපයේ වැටවල්වල, බඩවැටි හා ගස් කොලන් නොමැති ස්ථානවල බහුල වශයෙන් වැවෙන අතර සැප්තැම්බර් මාසයේ දී පමණක් අලුතින් දලු ලා වැඩීම ආරම්භ වේ.
මැඩහඟු වල ස්වරූපය
මැඩහඟු නමින් හඳුන්වන වර්ග කිහිපයක් පවතින අතර ඉන් සිහින් මැඩහඟු හා මහ වැඩහඟු වශයෙන් ප්‍රභේද වේ.
මැඩහඟු සඳහා දෙමළ බසින් යෙදෙන වේලිපතරිත්ති යන නාමයෙන්ම සමහරු එය සිංහල බසින්ද හඳුන්වයි. මෙය වැලක් වන අතර රහි පත්‍ර හෘදයාකාර වන අතර පත්‍රයේ අඟ සිහින් තුඩ සහිතයි. මෙම පත්‍ර අඟල් 1/8 ක් පමණ විශ්කම්භය සහිත පත්‍රයක් වන අතර එම පත්‍ර වල ඇතුළු පැත්ත කොළ පැහැයෙන් ද පිට පැත්ත සුදට හුරු ලාකොළ පැහැයෙන් ද යුතු වේ. මෙම පත්‍ර තලයේ පාදය පත්‍ර තලය තුළට ගිලී ගොස් ඇත. පත්‍ර නටුව අඟල් 2 - 3 ක් දිගය. මෙම වැලේ ගැටිති ස්ථාන වලින් පත්‍ර විහිදෙන අතර එක ගැටයකින් පත්‍ර දෙක බැඟින් විහිදෙයි. පත්‍ර විහිදෙන ගැට අසල නටුවක අග මල් පොකුරක් ලෙස හටගනියි. මලේ බාහිර පත්‍ර 5 කි. ඒවායේ පිට පැත්ත කොලද ඇතුළු පැත්ත සුදට හුරු වර්ණයක් ද ගනු ලබන අතර මලේ මැද කොටස සුදුපාටය. එක් මල් නටුවක අඟල් 3 - 4 පමණ දිගින් යුතු අඟල් 1/2 - 3/4 පමණ විශ්කම්භය සහිත ගෙඩි දෙකක් සෑදෙන අතර ගෙඩි තුළ කුඩා බීජ රාශියක් වෙති. ගෙඩි වියළී පිපිරි බීප් විසිරේ.
මැඩහඟු වැලේ සියලූම ස්ථාන වල බූව සහිත වන අතර සියලූ තැන්වල සුදු පැහැකිරි යුක්තය. මෙම වැලේ කොළ ඇතුළු කුමන අංගයක් හෝ වර්ධනය (පොඩිකිරීමෙන්) මැලියම් වැනි කිරි වෑස්සෙයි. මෙම වර්ගය මහ මැඩහඟු වශයෙන් බොහෝ විට හඳුන්වනු ලබයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment