දෛනික කටයුතුවලදී මිනිසුන් මුහුණ දෙන හදිසි අනතුරු රැසකි. ඒවා සාමාන්‍ය අනතුරු හා බරපතල අනතුරු වශයෙන් වර්ග කරයි. නිවසේදී සහ වැඩබිමේදී සිදුවන දැවීම්, පිළිස්සුම් බරපතල අනතුරු විශේෂයකි. මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම දැඩි වගකීමකින් කළ යුත්තක් වේ. ප්‍රතිකාර සමයේ රැක බලා ගැනීම (හෙදකම්) මනා සිහි බුද්ධියකින් කළ යුත්තකි.
බාහිර වශයෙන් ඇතිවන විවිධ බලපෑම් නිසා ‘දැවුම් පිළිස්සුම්’ වලට ලක්වේ. එය සරලව බෙදා වෙන් කර පෙන්විය හැක්කක් නොවෙයි. විවිධ හේතු කාරකයන් රැසක් මුල් කොට ගෙන අදාළ අනතුරට බොහෝ දෙනා පාත්‍ර වේ. මෙලෙස “දැවුම්, පිළිස්සුම් තුවාල ඇතිවන අවස්ථා කීපයක් පහත සඳහන් පරිදි පෙන්වා දිය හැකිය.
01.ගිනිමැල, හිරු රශ්මිය,රත්වූ ලෝහ රශ්මියෙන්
02.කරකැවෙන රෝදයක හා ඇදීයන කඹයක හෝ කම්බියක ගැටීමෙන්
03. අකුණුසැර වැදීමෙන් හා විද්‍යුත් ධාරාවක් වැදීමෙන්
04. රසායන ද්‍රව්‍ය තැවරීමෙන්
හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික් , නයිට්‍රික් , යන අම්ලයන් නිදසුන්ය.
පිළිස්සුණු හුණු, කෝස්ටික් සෝඩා, කෝස්ටික් පොටෑස් ඉන් කීපයකි.
ඉහත ක්‍රමවේදයන්ට අමතරව තවත් “පිළිස්සුම්” කීපයක් පෙන්වා දිය හැකිය. උණු වතුරින් එම වාෂ්පයන්, උණු තෙල් වර්ග වලින් හා උණු තරලයන්ගෙන් පිළිස්සිය හැකි වේ.
පිළිස්සීම නිසා සම රතුවීම, දියබුබුළු පොක්කරම් ඇතිවීම, සම විනාශ වීම, ගැඹුරු පටකයන් විනාශ වීම, සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවක සිදුවන වැරදි භාවිතයන් හේතු කොට ගෙන ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. ප්‍රහාරක තත්වයන් හේතු කොට ගෙන රෝගී තත්වය උත්සන්න විය හැකිය.
මෙවැනි හදිසි අනතුරකදී රෝගියාට ප්‍රථමාධාර ලබාදීම ඉතාමත් සැළකිලිමත්ව කළ යුත්තකි. පිළිස්සුණු ප්‍රදේශ ඇල්ලීමෙන් වැළකී සිටීම ඉතා අත්‍යවශ්‍යය දෙයක් වේ. එමෙන්ම අනවශ්‍ය බැඳීම් හා ආවරණය කිරීම් වලින් වැළකී සිටීමට උත්සාහ ගැනීම වැදගත්ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ආචාර්ය පණ්ඩිත වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත
රුක්මාල් ගොරකපිටිය පිළියන්දල
subasetha
Comments
Post a Comment