ඇලියම් සැටියම් (Allicum satium) යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන සුදුලූණුවලට ඉංගී‍්‍රසි බසින් Garlic ගාලික් ලෙසද සිංහල භාෂාවෙන් සුදුලූනු හෙළලුහුණු හෙල්බිජු ලුහුණු යනුවෙන්ද සංස්කෘත බසින් යවනේෂ්ට රඝෝනක උග්‍රගන්ධ මහෞෂධ භූතඝන ශාඤජන කියාද හඳුන්වති.
සංස්කෘත බසින් නම් රැසකින්ම හඳුන්වන සුදුලූනුවලට හින්දි බසින් ලභශුන යනුවෙන් හා දෙමළබසින් වෙල්ලපඩු ලෙසත් අරාබි බසින් සුබයයිද හඳුන්වා ඇත.
සුදුලූනුවල රසායන වර්ග දෙකක්ම ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. ඇලීන් නමින් එක් රසායන වර්ගය කුත් ඇලිනේස් නම් තව එන්සයිම වර්ගයකුත් මෙසේ සොයාගත් ඒවාය. මෙය රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට සමත් රසායනයකි. මේ අනුව සුදුලූනු දියවැඩියා රෝගීන්ටද ගුණවත් ඖෂධයකි. එමෙන්ම ඇලිසීන්වලට ප්‍රතිජීවක ඖෂධීය ගුණය මෙන්ම දිලීරනාශක ගුණයක්ද ඇත. වා, සෙම් සමනය කරන ඖෂධයක් වූ සුදුලූනු කඵ නිස්සාරක හෙවත් සෙම ඉවත්කරන ද්‍රව්‍යයක් ලෙසද ක්‍රියා කරයි.
විශේෂයෙන් ජීවානුනාශක ශක්තිය බෙහෙවින් පවතින ද්‍රව්‍යයක් වන සුදුලූනු ක්ෂය රෝගීන් විෂයෙහිද විශිෂ්ට ගුණ දෙන ඖෂධයකි. ස්නායු පද්ධතිය තුළදි සුදුලූනු ක්‍රියාකාරි වනුයේ වේදනානාශක බුද්ධිවර්ධක ඉන්ද්‍රීය ශක්තිය වර්ධනය කරන නේත්‍ර ශක්තිය වඩවන ඖෂධයක් ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී ළදරුවන්ට මෙන්ම අනෙකුත් රෝගීන් වෙනුවෙන්ද සුදුලූනු බෙහෙවින්ම උපයෝගී කරගනු ලබති. සුදුලූනු ප්‍රධාන කොට සංයෝග කරන ලද ඖෂධ විශාල ප්‍රමාණයක් දේශීය වෙදකමෙහි මෙන්ම ආයුර්වේද වෙදකමෙහිද ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත්.එම්.පී. රාජපුර
සටහන – බී.ඇල්. ප්‍රේමරත්න
subasetha
Comments
Post a Comment