මුඛ රෝග සෑදෙන අයුරු

නොවැම්බර් 1, 2019

කිරි දරුවන් හැරෙන්නට අනෙක් සෑම දෙනෙකුම මුඛයෙන් ආහාර විකා භක්ෂණය කරති. අහර පිඬක් මුවට ගෙන හොඳින් සපා ගිලීමෙන් ජීර්ණය පහසු වේ. අප ගන්නා ආහාරය මුවේ ඛේටයට එක් සප්ත ධාතුන් කෙරෙහි පරිණත වේ. එනම් රස ධාතුවෙන් රක්ත ධාතුවටද එයින් මාංශ ධාතුවට ද ඊට පසු මේධෝ ධාතුවටද අනතුරුව අස්ථි ධාතුවටද අස්ථි ධාතුවෙන් මජ්ජාවටද ඉන් පසු ශුක්‍ර ධාතුවටද එකින් එක පරිණත වේ.

අප ගන්නා සෑම ආහාරයක්ම මෙසේ පරිණත වනු ලබයි. මුවින් ගනු ලබන ආහාරය හෝ පානය එහි ස්වරූපය අනුව, රසය අනුව, ප්‍රමාණය අනුව , වර්ණය අනුව, පෝෂ්‍යදායිතාවය අනුව විවිධත්වයක් ගනු ලබයි. සමහර අයට ගන්නා ආහාර අසාත්මික (ඇලජික්) තාවයට පත්විය හැක. විරුද්ධාහාර මස් සමඟ මාළු හා දී කිරි ගැනීමෙන් අසාත්මිකතාවයට පත්වේ. එමෙන්ම අන්නාසි, දීකිරි ආදිය ගැනීමෙන්ද විරුද්ධාහාරයක් බවට පත්වේ. මෙවැනි අවස්ථාවන් හිදී සමහර අයට ශරීරයේ පළු හට ගැනීම , වමනය, විරේකය ඇතිවීමට පුළුවන. මෙවැනි අවස්ථා මඟ හැරීමට සාත්මික, සෞම්‍ය ආහාර ගැනීම සුදුසුය.

මුඛරෝග සුශ්‍රැත මුණිවරයා, පවසන ආකාරයට 65 ක් බව දැක්වේ. වාග්භට මුනිතුමන්ගේ අදහසට අනුව 75 කි.

වාග්භටගේ සංඛ්‍යාව සුශ්‍රැත ගේ සංඛ්‍යාවට වඩා දහයකින් වැඩියැ. මුඛරෝගයේ ප්‍රධාන හේතුව සෙම් කෝපයයි.

“ඒක : පුකුපිතෝ දෝෂ: සව¢නේව ප්‍රකෝපයේත්” යන රීතිය අනුව ඉතිරි දෙදෝසද සම්බන්ධ විය හැකිය. මෙසේ මුඛ රෝගය ත්‍රිදෝෂජය , එහෙත් ලක්ෂණවල ප්‍රධානත්වය අනුව වාතාදී භේදය සැළකෙයි.

යමෙකුගේ දත් දෙකක හෝ දත් තුනක (මුල් පෙදෙසෙහි මහත් වූ ඉදිමුමක් උපදීද සෙම් ලේ දෙකින් උපන් එම රෝගය දන්ත පුප්පුටකය නම් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික අක්ෂිරෝග
විශේෂඥ වෛද්‍ය
සුසිලා නාලිනී
ගොඩලියද්ද

 



subasetha

Comments