දේශීය වෛද්‍ය ක්‍රමයේ අප්‍රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හකුරු විල්ල යන නාමය ද ව්‍යවහාරයේ දක්නට ලැබේ. මෙම ශාකය බහුල ලෙස ඖෂධ සඳහා නොගත්තද පාවට්ටා ශාකය මෙන්ම මෙහි පංචාංගයද ඖෂධ සඳහා යොදා ගනු ලබන බව දක්නට ලැබේ.
තවද බුලත් පාත්තිවලට පොහොරක් ලෙස යොදනු ලබන ශාකයක් වන කැප්පෙටියා ශාකයේ ලක්ෂණ මෙම ඉල්ල ශාකයේද දක්නට ලැබෙන නිසා මෙම ඉල්ල ශාකයද බුලත් පාත්ති වල තෙතමනය ආරක්ෂා කිරීමට සහ පොහොරක් ලෙස යොදනු ලබයි. මෙයින් පෙනී යන්නේ මෙම ශාකය වැඩීම සඳහා ශීතල දේශගුණය අවශ්‍ය බවයි. මේ අතර මෙම ශාකය විවිධ රෝග සඳහා යෙදීමේදී මෙහි ඇති ගුප්ත බලයක් නිසා ඖෂධ ගුණය වැඩිවන බවට ද මතයක් ඇත. මේ අතර මෙම ගසේ කොළ කැලෑ දුම්කොල වලට බෙහෙවින් සමාන වන හෙයින් ද්‍රවිඩ ජාතින් බුලත්විට කෑමේදී දුම්කොළ යැයි වරදවා ගැනීමට යෑමේ දී “ඉල්ලෙයි” ඉල්ලෙයි. (එපා , එපා) යනුවෙන් කියූ වචනයෙන් “ඉල්ල” යන නාමය සෑදි ඇතැයි කියනු ලබයි.
ඉල්ල ශාකය වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්
නේපාලය, භූතානය, සීකිම් හරහා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ, බංගලාදේශය හරහා නැගෙනහිරින් මියැන්මාරය , තායිලන්තය, මලයාවේ සිට පිලිපීනය සෙලිබීස්, ජාවා, සුමාත්‍රා , ටිමොර්, සහ නිව්ගිනියාව සහ උතුරින් හොංකොං ආදී රටවල දක්නට ලැබේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර ඒ අතුරින් හපුතලේ බණ්ඩාරවෙල , මස්කෙලිය, දියතලාව වැනි ප්‍රදේශවල බහුලව පඳුරු වශයෙන් වැවේ.
ඉල්ල ශාකයේ ලක්ෂණ
උස්වූ පඳුරක් හෝ කුඩා සිහින් පඳුරුමය ගසකි. මෙම ගසේ කඳ සහ කොළ, ළං ළංව පිහිටි බූව සහිත ලෝම කොටස්වලින් පිරී ඇත. කෙලින් උසට වැවෙන ගස් වලට වඩා පඳුරු වශයෙන් වැඩෙන ගස් බහුලව දක්නට ලැබේ. මේවායේ කොළ වල යටි පැත්තේ රෝස පාටින් යුතු විල්ලුද ගතිය හොඳින් පිහිටා තිබේ. මෙහි පත්‍රවල දිග අඟල් 7-8 ක් පමණද පළල අඟල් 5-6 ක් පමණ ද වේ. මෙහි හටගනු ලබන මල් වලයාකාරව උඩට උස්ව දම්පාටට පැහැදිලිව පොකුරු සහිතව දක්නට ලැබේ. මෙම ශාකයේ මුල්වල හැර අනෙක් සියලුම ස්ථානවල විල්ලුද ගතිය දක්නට ලැබේ. මෙහි කොලවල මතුපිට පැත්ත තද කොළ පැහැ ගතියෙන් යුක්තය. කොළ එතරම් දිග නැති ඊට වඩා කොට වර්ගයක්ද දක්නට ඇති අතර එය එතරම් ඖෂධ සඳහා භාවිතයට නොගනිති.
මෙහි මල් පිපෙන්නට පෙර දම්මල් වලට සමානය. පැහැයෙන් දම් පැහැතිය. මෙම මල් පිපුනු විට කුඩා පෙති 4 ක් පමණ සහිතව පුනීලාකාර කෝප්පයක් බඳුව උඩට හුරුව පිහිටයි. මෙහි හටගනු ලබන ගෙඩි අඟල් 2 ක පමණ විෂ්කම්භයෙන් යුතුවන අතර කළු පැහැයෙන් ලොකු දම් ගෙඩි තරමට දිලිසෙන ස්වභාවයක් ගනු ලබයි. මෙම ගෙඩි මාර්තු, සැප්තැම්බර් මාසවල වැඩිපුර දක්නට ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ගොකරැල්ල පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන
subasetha
Comments
Post a Comment