ජනවහරේ අපි අසා තිබෙනවා දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙ ඉවර වෙලා (දුටුගැමුණු – එළාර යුද්ධය, විජිතපුර සටන) සෙබළුන්ගේ තුවාලවලට කිතුල් පැණි වලින් සෑදු කැවුම් තියලා බැන්දා කියලා.
කැවුම්වලට ඖෂධීය ගුණය ලැබෙන්නේ පාරම්පරික සහල්වලින් සහ කිතුල් පැණිවලින් කැවුම් හැදුවාමයි. ඒකට අද වගේ පාන්පිටි හෝ නවීන සහල් පිටි වලට සීනි දාලා කැවුම් හදලා හරි යන්නේ නෑ. පාරම්පරික සහල්වල පිටි සමඟ කිතුල් පැණි එකතුවෙන්න ඕන.
අද හැලපවලට ගන්නේ කෘෂි රසායනික මිශ්‍රවුනු හාල්පිටි, සමහරු පාන් පිටිත්, සහල් පිටිවලට මිශ්‍ර කරනවා. අපේ පැරැන්නන් හැලප හැදුවේ කුරක්කන් වලින් හා පාරම්පරික සහල් වලින්, හැලප රසවත් කළේ කිතුල් පැණියෙන් . අද හාල්පිටි, පාන්පිටි වලින් හදන හැලපවලට යොදන්නේ සීනි පැණි. හැලප දේශිය ආහාරයක් කියලා කීවත් වර්තමාන මිනිස්සු හැලප හදන්නේ සම්පූර්ණයෙන්ම ගුණය විනාශ වන ආකාරයට නියම හැලපයක පාන් පිටි තියෙන්න බෑ. කුරක්කන් පිටි හා පාරම්පරික සහල් වලින් තමයි හැලප හදන්න ඕන.අද හදන මුංගුලි වලටත්, ලැවරිය වලටත් පැණි පොල් වලට එකතු කරන්නේ සීනි පැණි අපේ පැරැන්නන් පැණි පොල් හදන්න ගත්තේ කිතුල් පැණි.
කිතුල් පැණි මේ තරම් ගුණද?
උද්භිද විද්‍යාත්මකව කිතුල් හඳුන්වන්නේ ඛ්චපඪධබච උපඥදඵ කියලයි. වසර පන්දහසකටත් පෙර ඉඳලම ලක්වැසියන් කිතුල් ගසෙන් අප්‍රමාණ ප්‍රයෝජන රාශියක්ම අරගෙන තිබෙනවා. අතීතයේ සාමාන්‍ය ජනතාවට වගේම රාජ භෝජනයටද අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස කිතුල් පැණි , කිතුල් හකුරු සහ කිතුල් පිටි භාවිතයට ගෙන තිබෙනවා.
වර්තමානයේ මෙන් උක් සීනි භාවිතයට නොගත් ලක්වැසියන්ගේ ප්‍රධාන පැණි රස කාරකය වුණේ කිතුල් පැණි සහ කිතුල් හකුරු, අපේ පැරැන්නන් නිතර භාවිතා කළ පිරිසුදු මී කිරි සහ පිරිසුදු කිතුල් පැණි සුසංයෝගය ඉතාම ගුණවත් වගේම මෙලොව තිබෙන ඉතාම ප්‍රණීත අතුරුපසක් සිංහල වෙදකමට කිතුල් පැණි, කිතුල් හකුරු, කිතුල් පිටි, තෙලිදිය පවා සුලභව භාවිතා කර තිබෙනවා. පැරණි වංශ කතා, අටුවා ටීකාවල, ජන කතාවල මෙන්ම සාහිත්‍යයේ ද කිතුල් පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් වෙනවා. සහල් ගිතෙල්, කිතුල් පැණි, කිතුල් හකුරු හා මී පැණි එක්කර සාදාගත් ආහාරයක් භික්ෂූන් වහන්සේලාට පිදූ පුවතක් සීහලවත්තුපකරණයේ පවා සඳහන් වෙනවා.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ
වෛද්‍ය ධම්මිකා අමරසේකර රඹුක්කන
කීර්ති එස්.කුමාර
subasetha
Comments
Post a Comment