ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදා ගනු ලැබුවේ තුරුලතා වලින් ලබා ගත් විවිධ කොටස් ය.
වර්තමානය වන විට අධික වශයෙන් කැලෑ එලි පෙහෙලි කිරීම් ආදිය නිසා බොහෝ ශාක වඳවී යන තත්ත්වයක් ඇති වී තිබේ. මෙනිසා එවන්වු ඖෂධීය ශාක බොහෝ සෙයින් ආරක්ෂා කර ගත යුතු තත්ත්වයට පත් වී ඇත.
මෙවන් වටිනා අගනා ඖෂධීය ශාකයක් ලෙස කම්පිල්ල ශාකය හැඳීන්විය හැකිය. ක්‍රිම් පානක ගුණය සහ විරේචන ගුණය ප්‍රධාන වශයෙන් අඩංගු කම්පිල්ල ශාකය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද දේශීය වෛද්‍ය ක්‍රමයේද බොහෝ ඖෂධ යෝගයන් සඳහා නැතිවම බැරි ශාකයක් වශයෙන් හැඳීන්විය හැකිය. තවද යුනානි වෛද්‍ය ක්‍රමයේද කම්පිල්ල ප්‍රධාන ද්‍රව්‍යයක් වන අතර විශේෂයෙන් සාධාරණ රස ඵල ප්‍රධානම ද්‍රව්‍යය වනුයේ කම්පිල්ලය.
කම්පිල්ල වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලද, විශේෂයෙන් කාශ්මීරය, බෙංගාලය, ආදී ප්‍රදේශවලද මියැන්මාරය, චීනය, සිංගප්පූරුව, අන්දමන් දූපත් සහ මැඩගස්කරය ආදි රටවලද දැකිය හැකිය.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාව තුළ මෙම ශාකය දක්නට ලැබෙනුයේ අවම වශයෙනි. හල්දුම්මුල්ල ඔසු උයනේ මෙම ශාක කිහිපයක් දැකිය හැකිය.
කම්පිල්ල ශාකයේ ස්වරූපය
මධ්‍යම ප්‍රමාණයේ ගසකි. සාමාන්‍ය ගස අඩි 25 - 50 අතර උසින් යුතු ය. මෙහි කඳ ගුරු පැහැ වේ. මෙම ශාකයේ පත්‍ර විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවායේ කද කොළ පැහැ යුතුය. මෙම පත්‍ර අත්තික්කා පත්‍ර වලට සමාන කම් දක්වයි. මෙම පත්‍ර දිගින් අඟල් 6 ක් පමණ ද පළලින් අඟල් 2 ක් පමණද වේ.මෙම පත්‍රවල නටුවේ මුල වටකුරු කුඩා ගැට දෙකක් බැගින් ඇත. පත්‍රයේ යටිපස රතු පැහැ නාරටි තුන බැඟින් ඇත.
පත්‍රවල උඩුපැත්ත තද කොළ පාටය. මෙහි මල් පොකුරු ලෙස පවතින අතර මල් දඬු තද රතු පැහැවේ. මල් කුඩාය. දෙසැම්බර් මසදී මෙම ගස් වල මල් පිපෙන අතර ජනවාරි පෙබරවාරි අවසානයේ දී ගෙඩි පැසෙයි. මෙම ගෙඩි කුඩා මසන් ගෙඩි පමණ වේ. ගෙඩිද පොකුරු ලෙස හටගනී. මෙම ගෙඩි පැසීමෙන් පසු පුපුරයි. එහි මැද ඇති රතු පැහැ ගඩොල් කුඩු වැනි ද්‍රව්‍යය ඉන් පසු බිමට හැලේ. මෙම කුඩු ඖෂධ සඳහා ගනු ලබයි.
කම්පිල්ල පිළිබඳ විවිධ භාෂා වලින් හඳුන්වන නම්
පොදු සිංහල නාම : හම්පිල්ලක, කුඩු වෙලඟ, කම්පිල්ලක, හම් පැරිල්ල ආදී නාම යෙදේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරනවිතාන
subasetha
Comments
Post a Comment