මිනිසුන් ජීවිතකාලයේ දී මුහුණ දෙන හදිසි අනතුරු රැසක් වේ. උසකින් වැටීම, වාහන අනතුරුවලට ලක්වීම, විසිකළ යමක් ඇගේ වැදීම, කෙනෙකු එල්ල කළ පහරක් වැදීම, තිරිසන් සතකුගේ ඇනීමට ලක්වීම, පෑගීම, පහරදීමට ලක්වීම, අධික බර එසවීමකදී යන අවස්ථාවලදි භග්න සිදුවිය හැකිය.
එසේම පැනීම, ඇඹරීම , ඇට බිඳීම. සන්ධි පැනීම යන අනතුරු සුලභව සිදු වේ.
මෙම ආබාධවලට දේශීය (පාරම්පරික) කැඩුම් බිදුම්වෙදකම හස්තසාර ප්‍රතිඵල ගෙන දෙන්නකි. කඩිනමින් සුවය ලබා ගැනීමට පාර්ශ්වයන් තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ඒ වෛද්‍යවරයා, රෝගියා හා රෝගියාගේ භාරකරුවන් යන අයයි.
කැඩුම් බිදුම් රෝගීන්ට සුවය ලැබීම ප්‍රමාදවන අවස්ථා බොහෝවිට දකින්නට ලැබේ. සමහර විට මෙවැනි තත්ත්වයන්ට මුහුණ පාන්නේ වරින්වර වෛද්‍යවරු මාරුකරති. තවත් විටක වෛද්‍යවරුන් කෙරෙහි දෝෂාරෝපන භාෂණයෙන්ද අදහස් දක්වයි. දුක්ඛදායක වේදනාවෙන් පවසන දොස්වලට තතු දැන මෛත්‍රී කිරීමද වැදගත් ප්‍රතිකාරයකි.
මෙවැනි අවස්තාවන්ට රෝගීන් බොහෝමයක් මුහුණ දෙනුයේ වෛද්‍ය උපදෙස් නොපිළිපැදීම නිසාය. රෝගියකුගේ ඇවතුම් පැවතුම් සඳහා පන්තියක් හා වත්පිළිවෙත් මනාව පවත්වාගත යුතුයි. එහිදී රෝගියාගේ භාරකරුවන් මනා සිහිනුවණින් හොඳ පිළිවෙත් අනුගමනය කළ යුතුය.
දේශීය කැඩුම් බිදුම් ප්‍රතිකාරවලදි අදාළ ස්ථානය විවෘත කිරීම (ශෛල්‍යකර්ම) සිදු නොකරයි. වෛද්‍ය ඥාණයෙන් අභ්‍යන්තරික ආබාධය මැනවින් දැක බාහිර ප්‍රතිකාර හා අභ්‍යන්තරික කසාය නියම කරණු ලැබේ. ඒ අනුව සමහර භග්නයන් සුවය ලැබීමට ප්‍රමාදවීම කෙරෙහි බලපාන විද්‍යාත්මක හේතු සාධක අවබෝධ කරගත යුතුය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ආචාර්ය පණ්ඩිත.වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය, පිළියන්දල
subasetha
Comments
Post a Comment