අලුත ඉපදුන දරුවාට උපතින්ම මව් කිරි හිමිය. මව් කිරි තරම් සෙනෙහසක් ලබා ගන්නට තවත් උතුම් දායාදයක් නොමැත. වැදූමවත්, උපන් බිමත් ස්වර්ගයටත්, වඩා අගේනම්, වැදූ මවගේ කිරිවල අගය කෙතරම්ද? ශරීර වර්ධනය නිරෝගිකම බුද්ධිය, ශරීර ලක්ෂණය, ගති පැවැතුම්, චාරිත්‍ර ගුණධර්ම සියල්ලම රඳා පවතින්නේ මව්කිරිවල ගුණාංගයන් මතය.
තවත් කිරි මවක් ඇත. ඒ නම් කිරි දෙනකගේ කිරිය. එළකිරි මෙන්ම එළුකිරි, මීකිරි, බැටලුකිරි, ඔටු කිරි, ඇතිනි කිරි ආදීන්ගේ කිරි ජීව ශක්තිය ලබාදෙන කිරි වර්ගයන් වන අතර, ආයුර්වේදයෙහි ද ගුණාංගයන් දක්වා ඇති අතර, මනුෂ්‍යයාගේ හා සත්ව සමූහයාට ද වෙන් කර ඇත.
එසේම මව් කිරි හා එළකිරි අතර සබඳතාවය කෙසේදැයි බලමු. මව්කිරි ලබා ගැනීමට අපහසු ය. අනෙක් සියල්ලම පාහේ කිරි වටින් පිටින් හෝ වෙළඳසලෙන් ලබා ගැනීමට හැකිය. එළකිරි සමබල ආහාරයකි. කොයිකාටත් පානය කිරීමට හැකි ය. සියලුම පෝෂණය මෙන්ම, ජීර්ණය හා අවශෝෂණය වීමේ පහසුව ඇත.
ශරීරය වැඩීමට අවශ්‍ය, ඇල්බියුමන්, ප්‍රෝටීන් ග්ලෝබියුමන්, කැල්සියම් මෙන්ම විටමින් ඒ, බී, සී. ඩී. ඊ ආදියද ඇති අතර වෛද්‍යවරු නියම කරන පානයකි. ළදරු, තරුණ, මහලු සියලු දෙනාටම හැකිවන අතර, සමහර හින්දු ජනයා කිරි දෙනගෙන් ලබාගත් විටම පානය කරයි. එය දේවත්වයේ දායාදයක් හා අමෘත පානයක් සේ සලකාගෙනය. හොඳින් උණුකරවාගත් කිරි කවුරුත් පාහේ බීමට පි‍්‍රය කරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී,
මාකෙහෙල්වල කරුණාපාල
subasetha
Comments
Post a Comment