කාලය මෙයින් අවුරුදු සිය ගණනකට ඉස්සරය. හරියටම කියනවා නම් එංගලන්තයේ රජ කළ වික්ටෝරියා මහේෂිකාවුන්නාන්සේගේ කාලයේය.
වර්ෂ 1884 දී පමණ ලංකාවේදී වූ සිද්ධියකි. එකල ඉංගී‍්‍රසි ආණ්ඩුවේ පාලනයේ රාජ උෂ්ණය මුළු සකල සිරිලකම සිසාරා පැවති හෙයින් එහි අණපනත් නීතිරීතිවලට හා පාලනයට සමහරුන් සිටියේ පණ බයේය. කොයි අවස්ථාවක හෝ තමන්ට මහේෂිකාවුන්නාන්සේගේ ආණ්ඩුවෙන් කිසියම් ආරෝවක් අනුව දඬුවමකට ලක්වන්නටද ඉඩ තිබෙන හෙයිනි. එම කරුණ නිසාම තම තමන් දන්නා පරිදි ඉංගී‍්‍රසි ආණ්ඩුවට තමන්ගෙන් වරදක් සිදු නොවන්නට තරම්ම ප්‍රවේශම් වන්නටද ඔව්හු වගබලා ගත්හ.
මේ අතර සර්වබලධාරි ඉංගී‍්‍රසි ගවනර්මේන්තුවෙන් යටත් වැසියාට හැකි තරම් කාරුණිකව සිතා බලා කටයුතු කරන්නට සමහර ප්‍රාදේශීය ඒජන්ත උතුමන් වහන්සේලා මෙන්ම ඔවුන් යටතේ පාලනය ගෙනයාමට අපේ උන්නාස්සේලාගේද පුදුම කැපවීමක්, උනන්දුවක් දැක්වූ ලෙසින්ම සමහර උන්නාන්සේලා තමන්ගේ රාජ්‍ය බලය තදින්ම කැපකර ජනයා පීඩනයට ලක් කරමින්ද පාලනය ගෙන යමින් ජනයාගේ අප්‍රසාදයටද ලක්වූහ.
මේ කියන්නට යන්නේ එවන් වූ යුගයක දකුණු පළාතේ ඒජන්ත උන්නාන්සේ කෙනෙක් ලෙසින් නිල බලයෙන් කටයුතු කළ ඊ.එලියට් ඒජන්ත උන්නාන්සේට හදිසියේ ඇතිවූ ලෙඩක් ගැනත් එයට අන්තිමේදී ස්වදේශික පැරණි වෙදදුරුකුගෙන් ලද්දාවූ නියත ප්‍රතිකාරයක් ගැනය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කස්තුරි ලියයි
subasetha
Comments
Post a Comment