මෙය ශරීරය ප්‍රාණවත් කරන පානයක් වන අතර ශරීරය උත්තේජනය කරයි. එසේම හදවතේ ක්‍රියාකාරිත්වයේ උත්තේජනයද ඇති කරන අතර නිදිවරා සිටීමේ ශක්තිය ඇති කරයි. බොහෝ විට පිරිත් ගෙවල්, මල ගෙවල් ආදියේදී නොනිදා රැය ගත කිරීමට දෙනු ලබන්නේ කෝපිය. මෙය ශරීරය ප්‍රාණවත් කරන පානයක් වන අතර ශරීරය උත්තේජනය කරයි. එසේම හදවතේ ක්‍රියාකාරිත්වයේ උත්තේජනයද ඇති කරන අතර නිදිවරා සිටීමේ ශක්තිය ඇති කරයි. බොහෝ විට පිරිත් ගෙවල්, මල ගෙවල් ආදියේදී නොනිදා රැය ගත කිරීමට දෙනු
ලබන්නේ කෝපිය.
බාල, තරුණ, මහලු ඔබ අප සියලුදෙනාමට පාහේ ජීවිතය පවත්වා ගෙන යාමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන සාධක වනුයේ වාතය, ජලය, ආහාර ආදියයි. එසේම ඇඳුම් පැළඳුම්, හා නිවාස ආදිය ද ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංග ලෙස සැලකේ.
මේ සියල්ල අතුරින් ආහාර සඳහා ලැබෙනුයේ ප්‍රධානතම ස්ථානයකි. අපගේ ජීවිතය පවත්වාගෙන යාමේදී නිරෝගීබව මෙන්ම ශාරීරික ශක්තිය, බලය, වර්ධනය ආදී සියල්ලටම මූලික වන්නේ ආහාරයි. මෙසේ ගනු ලබන ආහාර අතුරින් පාන වර්ග සඳහාද වැදගත් තැනක් ලැබේ. බොහෝ දෙනා එදිනෙදා ගනු ලබන පාන වර්ග ලෙස තේ, කෝපි, කිරි, පලතුරු යුෂ, බෙලිමල්, රණවරා වැනි ඖෂධීය පාන ප්‍රධාන වේ.
ශරීරයේ තෙත් බව ආරක්ෂාකර ගැනීමටත්, පෝෂණය, නිරෝගීබව ආදිය සඳහාත් පාන වර්ග ගැනීම අවශ්‍යම කාරණයකි. මෙම පාන වර්ග අතුරින් කෝපි වලට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයකි. ශරීරයට ප්‍රාණවත් බව ශක්තිය ආදිය ලබා දෙන විශිෂ්ට පානයක් ලෙස කෝපි හැඳින්විය හැක.
ඛණිජ තෙල් වලට පමණක් දෙවැනි වී ලෝකයේ වැඩි වශයෙන්ම අලෙවි වන භාණ්ඩය කෝපි වේ. එසේම ලෝක වාසීන් දිනකට කෝපි කෝප්ප මිලියන එක්දහස් හාරසීයයක් පානය කරන බව වාර්තා වේ. තවද, ජනප්‍රියතාවය අතින් කෝපි දෙවැනි වන්නේ ජලයට පමණි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment