මිනිසා ඇතුළු සියලු සතුන් රෝගි කිරීම සඳහා මුළුමහත් පරිසරය තුළම බොහෝ රෝගකාරක ඇත. එනමුත් අප හැඩගැසී ඇත්තේ බැහැරින් එන රෝගකාරක උවදුර මැඩපවත්වා ගැනීමට හැකි බලයක් ද සමගින.
ඒ ඔරොත්තු දීමේ ශක්තිය නැතිනම් ප්‍රතිශක්තිය කියා හඳුන්වා ඇත. මෙය මනුෂ්‍යයා ඇතුළු සියලු සතුනට උපතින්ම උරුමවී ඇත. ආයුර්වේදයේදී මෙය ව්‍යාධි ක්ෂමතාව යයි නම් කර ඇත. එසේම මෙම ව්‍යාධි ක්ෂමතාවය සෑම අයකුගේම ශරීරය තුළ එක සමානව නොමැත. මෙම ශක්තිය අප ශරීර තුළ විවිධාකාරව ක්‍රියා කරයි.
මෙම තත්වය අද වන විට මනුෂ්‍ය ශරීරය තුළින් බොහෝ දුරට ගිලිහී යන තත්වයට පත්ව ඇත. එනිසා මෙම ශක්තිය බැහැරින් කෘතිමව ලබාගැනීමට ද පුරුදුව ඇත. එසේම සමහර අවස්ථාවලදී රෝගයක් වැලඳුණු විට අපට එම රෝගය නැවත නොවැලළඳේ. පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග උදාහරණ ලෙස ගත හැක. මෙම තත්වයට ආයුර්වේදයේ රෝගජ ක්ෂමතාව යනුවෙන් හඳුන්වනු ලැබේ.
සමහර අවස්ථාවලදී රෝගයක් වැලඳීමට පෙර එම රෝගීයෙන් වැළකීම සඳහා එන්නත් වැනි දෙ යොදනු ලැබේ. උදාහරණ ලෙස ඩිප්තීරියාව, වසූරිය, කොලරාව වැනි රෝග ගත හැක. මෙය යුක්ති කෘත ක්ෂමතාවය යනුවෙන් හඳුන්වනු ලැබේ. ව්‍යාධි ක්ෂමතාවය අඩුවීමට හේතු වශයෙන් පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම, නිදිමැරීම, අධික වෙහෙසීම, මත්පැන් පානය, අනිසි ලෙස හා අධික ලෙස ලිංගික කටයුතු වල යෙදීම, මානසික ආතතිය, කලකිරීම, අධිකව ඖෂධ වර්ග භාවිත කිරීම සඳහන් කළ හැක. මෙම ව්‍යාධි ක්ෂමතාවය වර්ධනය කර ගැනීම සඳහා ගර්භණී කාලය තුළ මනා පෝෂණය, ළදරු හා ළමා කාල වල මනා පෝෂණය, කායික හා මානසික ශක්තිමත් දෙමව්පියන්, ක්‍රමානුකූලව ආහාර ගැනීම මෙන්ම ස්වාභාවික ආහාර ප්‍රධාන වේ.
එසේම රසායනික ගුණ යුත් ආහාර ඖෂධ භාවිතය. උදාහරණ ලෙස සුදු ලූනු ගොටුකොළ, ලුණුවිල රසකිඳ, වද කහ, හාතවාරිය, වැනි ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ගත හැක. එසේම අපට වැලළඳෙන බොහෝ රෝග ඉබේම සුව වෙන බව සමහරු නොදනි. සමහරු එවැනි රෝග අවස්ථාවලදී බොහෝ ඖෂධ භාවිතා කිරීමෙන් රෝගී වන අවස්ථාද ඇත. අපට ඖෂධ භාවිතයට පෙර රෝග නොවැළඳී සිටීමට මෙන්ම නිරෝගීව සිටීමට පරිසරයෙන් උරුම වී ඇති දෑ බොහෝය. ඒවා භාවිතා කර අප නිරෝගීව සිටීම සඳහා උත්සාහ කළ යුතුය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍යාචාරිනී
ගුණවතී එදිරිසිංහ
අමිතිරිගල
සටහන් හා සාකච්ඡාව
යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස
subasetha
Comments
Post a Comment